පසිදු සූරියබණ්ඩාරගෙන් ශතකයක්

338
Singer U19 Schools Cricket January 27th roundup

වර්ෂාවෙන් එල්ල වන බාධක ද නොතකා සිංගර් අන්තර් පාසල් පළමු පෙළ දෙදින තරගාවලියේ තවත් තරග කිහිපයක්ම අද (27) ආරම්භ වුනු අතර, එයින් එක් තරගයකදී රාජකීයේ පසිදු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 108*ක් වාර්තා කලේය. ඊයේ (26) ආරම්භ වූ අනෙක් තරගය විසදුමකින් තොරව අවසන් විය.

ප්‍රේක්ෂකාගාරය උණුසුම් කල මනුජගේ පිතිකරණය

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර ආරම්භ වූ සිංගර් කුසලාන පළමු පෙළ දෙදින තරගයේ…

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර තරගය

ඇල්බට් එෆ්. පීරිස් පිටියේදී විසදුමකින් තොරව අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය ජය ගත් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය තම පළමු ඉණිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 284ක් ලබාගෙන සිටියදී තම පළමු ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි. එම ඉණිම වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරමින් සිටි නිම්සර ශෙහාන් තම අර්ධ ශතකය ද සම්පූර්ණ කරගෙන ලකුණු 55ක් ලබා ගැනීමට සමත් විය.

අනතුරුව තම පිළිතුරු පළමු ඉණිම දියත් කල සාන්ත ජෝසප් වාස් විද්‍යාල ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වීමට ලකුණු 84ක් වාර්තා කල අසිත ගිහාන් සමත් විය.

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 284 dec (පන්දුවාර 94.5): අවිදු හේරත්  61, නිම්සර හෙශාන් 55, මනුජ පෙරේරා  54, චන්දුල ජයකොඩි 32, කවිදු මුණවීර 24, ශෙහාර රණතුංග  4/68, නිපුන් ධනංජය 3/112

වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 142 (පන්දුවාර 44): අසිත ගිහාන් 84, සඳරුවන් ප්‍රනාන්දු 21, තුසිත් සොයිසා 3/39


කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය

එස්.එස්.සී. පිටියේදී පළමු දිනය සඳහා තරගය නිමා වන විට රාජකීය විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 4ක් දැවී ලකුණු 210ක් ලබාගෙන සිටියි.

කාසියේ වාසිය ජයග්‍රහණය කල රාජකීය විද්‍යාලය වෙනුවෙන් මනරම් ඉණිමක් දියත් කිරීමට දකුණත් පිතිකරු පසිදු සූරියබණ්ඩාර සමත් වූ අතර, ඔහු දිනය පුරාම කඩුල්ලේ රැදෙමින් නොදැවී ලකුණු 108*ක් ලබාගෙන සිටියි. ඔහුගේ ප්‍රයත්නය සාර්ථක කරගැනීමට තම හැකි උපරිමයෙන් දායකත්වය දැක්වූ හේලිත විතානගේ තවත් අන්තයක් සුරක්ෂිත කරමින් ලකුණු 52ක් ලබාගෙන සිටියදී දැවී යාමකට හසුවිය. දිනය අවසානයේ නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැදීසිටින තෙවිදු සේනාරත්න ලකුණු 33*ක් ලබාගෙන සිටියි.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ)  – කඩුලු 4ක් දැවී ලකුණු 210 (පන්දුවාර 58): පසිදු සූරියබණ්ඩාර 108*, හේලිත විතානගේ 52, තෙවිදු සේනාරත්න 33*, සෙනාල් දංගල්ල 3/30


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය

සාන්ත ජෝසප් විද්‍යාලයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලයට ලබා දෙන ලදී.

ලකුණු 217ක් ලබාගෙන තම ඉණිම අත්හිටුවූ සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉණිමට 4 පහර කිහිපයක්ම සමඟින් ලකුණු 49ක් එක්කිරීමට හරීන් කුරේ වාසනාවන්ත වුවද, ඔහු තම අර්ධ ශතකය ලබා ගැනීමට අපොහොසත් විය. පහන් පෙරේරා ද එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් අතර ඔහුට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 47ක් පමණි. පවිත් රත්නායක හා ඩිලෝන් පීරිස් සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවාලමින් දස්කම් දැක්වූ අතර, පිළිතුරු පළමු ඉණිම ක්‍රීඩා කරන සාන්ත තෝමස් විද්‍යාලය  දිනය අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 13ක් ලබාගෙන යම් පසුබෑමකට ලක්ව සිටියි.

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 217 dec (පන්දුවාර 71.2): හරීන් කුරේ 49, පහන් පෙරේරා 47, දිනෙත් මදුරාවල 33, ශිවාන් රාසූල් 31, පවිත් රත්නායක 3/33, ඩිලෝන් පීරිස් 3/50, රවිදු කොඩිතුවක්කු 1/16

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු 13 (පන්දුවාර 9): රවිදු කොඩිතුවක්කු 11*, රැචිර ඒකනායක 1/1, හරීන් කුරේ 2/08

සාන්ත තෝමස් විද්‍යාලය සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 204ක් පසුපසින් පසුවෙයි

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට