නිමේෂ් හා සන්තුෂ්ගෙන් විශිෂ්ට පිතිහරඹයක්

1545
Singer U19 Schools Cricket january 23rd roundup

පාසල් ක්‍රිකට් පිටියේ තවත්  පළමු පෙළ ක්‍රිකට් තරග හතරක් අද (23) ආරම්භ විය. අද දිනය තුල සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් නිමේෂ් බණ්ඩාර ලකුණු 76ක් ලබාගෙන දිනයේ වැඩිම ලකුණු ලාභියා වන විට, තවත් ලකුණු 72ක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලයේ සන්තුෂ් ගුණතිලක සමත් විය.

මහින්ද – ධර්මාශෝක සටන වැස්සෙන් නිමාවෙයි

දක්ෂයින් අතර අතිදක්ෂයින් සොයන වයස අවුරුදු 19න් පහල සිංගර් කුසලාන පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරඟය අද (22) වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ජයපරාජයෙන් තොරව අවසන් විය.

කොළඹ ආනන්ද විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය

ආනන්ද විද්‍යාලයේදී කාසියේ වාසිය ජයගත් ආනන්ද විද්‍යාලයේ නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කලේය.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉණිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ මොහෙමඩ් අජ්ෆාර් ලකුණු 47ක් ලබාගත් අතර, අර්ධ ශතකයට ආසන්නව තිබියදී අවාසනාවන්ත ලෙස ඔහු දැවීයන ලදි.

කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිලීප ජයලත් ලකුණු 16කට කඩුලු 4ක් තමන් සතුකරගත්තේය. මේ වන විට නොදැවී කඩුල්ලේ රැදීසිටින සහන් සුරවීර නොදැවී ලකුණු 31*ක් ලබාගෙන සිටින අතර, දිනය අවසානයේ  ආනන්ද විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 81ක් ලබාගෙන සිටියි.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 39): මොහොමඩ් අජ්ෆාර් 47, සුනෙර ජයසිංහ 28, මොහොමඩ් අබ්සාර් 20, දිලීප ජයලත් 4/16, කවිශ්ක අංජුල 2/06, සුපුන් වරාගොඩ 2/40

කොළඹ ආනන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 81 (පන්දුවාර 16.3): සහන් සුරවීර 31*, කවිදු ගිම්හාන 27

ආනන්ද විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 37ක් පසුපසින් සිටියි


කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

දිනය අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලෙස රාජකීය පළමු ඉණිම සටහන් වුනු මෙම තරගය, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේදී පැවැත්වූ අතර, මෙම තරගයේ කාසියේ වාසිය තර්ස්ටන් විද්‍යාලය සතුවිය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා යම් ප්‍රමාදයකින් අනතුරුව තරගය ආරම්භ වූ අතර, රාජකීය විද්‍යාලයේ පළමු ඉණිමට මදාර තල්දූව ලකුණු 34ක් ලබාගෙන පළමු දිනය අවසානයේ ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. අනතුරුව සවස් කාලය තුළ නැවතත් සුපුරුදු ලෙස වර්ෂාවෙන් තරගයට බාධා පැමිණි නිසා තරගයේ පළමු දිනය අවසන් කිරීමට විනිසුරුවරුන් විසින් තීරණය කරන ලදි.

කොළඹ රාජකීය විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු 99 (පන්දුවාර 32.3): මදාර තල්දූව 34, රොනුක ජයවර්ධන 33


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර තරගය

A කාණ්ඩයේ තරගයක් ලෙසින් සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය තමන් සතුකරගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නායකයාට හැකිවිය.

දිනය අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 181ක් ලෙස සටහන් වූ මෙම ඉණිම වෙනුවෙන් නැවතත් තම දස්කම් දැක්වීමට සන්තුෂ් ගුණතිලක අවස්ථාව ලබා ගන්නා ලදි. එම ලකුණු 72ක හැරෙන්නට වෙනත් ඉණිමකට තරගයේ පාලනය ලබා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත.

එහිදී අවිදු තීක්ෂණ කඩුලු 5ක් දවාලීමට සමත්කම් දැක්විය.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ)  – කඩුලු 9ක් දැවී ලකුණු 181 (පන්දුවාර 92): සන්තුෂ් ගුණතිලක 72, ශිවාන් පෙරේරා 21, අවිදු තීක්ෂණ 5/65, රවිශ්ක විජේසිරි 2/35, ධනංජය ලක්ෂාන් 2/41


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය

සාන්ත සෙබස්තියන් විද්‍යාලය කාසියේ වාසිය ජයගත් අතර, ඔවුන් වෙස්ලි විද්‍යාලයේ තණතීරුව මත පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. දිනය අවසානයේ තම පළමු ඉණිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලබා ගැනීමට වෙස්ලි විද්‍යාලය සමත් විය.

එහිදී නිමේෂ් බණ්ඩාර ලකුණු 76ක් ලබා ගනිමින් වෙස්ලි විද්‍යාලයේ පන්දු හොඳින් තෝරා බේරාගෙන පහරදුන් අතර, ඔහුට අනගි සහයක් ලබා දුන් මලින්ත පීරිස් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී මොවින් සුභසිංහ කඩුලු 6ක් දවාලූ අතර, තම විද්‍යාලයේ පිළිතුරු පළමු ඉණිමට නොදැවී ලකුණු 31*ක් ලබාගෙන මේ වන විට කඩුල්ලේ රැදීසිටියි.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 34.1): නිමේෂ් බණ්ඩාර 76, මලින්ත පීරිස් 41, රැචික දංගල්ල 3/25, මොවින් සුභසිංහ 6/43

කොළඹ වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 6ක් දැවී ලකුණු 107 (පන්දුවාර 48): මොවින් සුභසිංහ 31*, ශමෝද් ඇතුළත්මුදලි 28

කොළඹ වෙස්ලි විද්‍යාලය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 46ක් පසුපසින් පසුවෙයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට