දිනංජය මලියදේව විදුහලට ඉණිමක ජයක් ගෙන එයි

393
Singer U19 schools Cricket January 19th roundup

අද (19) අවසන් වූ 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ තරගයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලය පළමු ඉණිමේ ලබා ගැනීමට සමත් වූ අතර, එහිදී  දිනංජය ප්‍රේමරත්න ලකුණු 141ක් ලබා ගනිමින් විශිෂ්ට පිතිහරඹයක නිරත විය. එම තරඟය අවසන් වෙද්දී තවත් තරඟ දෙකක් අද ආරම්භ විය.

රිච්මන්ඩ් විද්‍යාලයට දැවැන්ත ජයක්

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරයේ අද (18) අවසන් වූ තරඟ වලින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පූර්ණ ජයග්‍රහණයක්…

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරඟය

D කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙසින් ඊයේ (18) ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය මලියදේව තණතීරුවේ දී පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

තරගයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරන මලියදේව විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 108ක් ලබාගෙන සිටි අතර එතැන් පටන් දිනංජය ප්‍රේමරත්න සුපිරි පිතිකරණයක නිරත වෙමින් ලකුණු 141ක් ලබාගෙන පළමු ඉණිමේ ජයග්‍රහණය තහවුරු කරන ලදි. මදුෂාන් රණතුංග කඩුලු 5ක් දවාලමින් එහිදී දස්කම් දැක්විය.

වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 63.1): මදුෂාන් රණතුංග 100, යොහාන් පීරිස් 30, දමිත් සිල්වා 3/42, සංජීව ප්‍රියදර්ශන 3/46, කලණ ඉලංගකෝන් 2/10

කුරුණෑගල මලියදේව විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 320 dec (පන්දුවාර 90.2): දිනංජය ප්‍රේමරත්න 141, දුලාජ් රණතුංග 44, ඩිල්ශාන් කොල්ලුරේ 24, මදුෂාන්  රණතුංග 5/83,  දිනංජය පෙරේරා 2/87

වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 124 (පන්දුවාර 38):  ගිහාන් අබේරත්න 26, අංජන රුක්මාල් 20*, සංජීව ප්‍රියදර්ශන 2/12  


අනුරාධපුර මධ්‍ය විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය ලබා ගත් ගුරුකුල විද්‍යාලය මහර බන්ධනාගාර පිටියේදී පළමුව පන්දු යවන ලදි. තරගයේ පළමු දිනය නිමාවන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන ගුරුකුල විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 209ක් ලබාගෙන සිටියි.

අනුරාධපුර මැදි විදුහල වෙනුවෙන් එච්. සචින් ලකුණු 69ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉණිම යම් මට්ටමකට ඔසවා තැබීය. පෘථුවි රූසර දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 38කට කඩුලු 4ක් දවාලීමට සමත් විය.

අනතුරුව තම පළමු ඉණිම දියත් කල කැළණිය ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් උදාර රවිදු නොදැවී ලකුණු 57*ක් ලබාගෙන කඩුල්ලේ රැදි සිටියි.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 49.2):  එච්.සචින් 69, ධනංජය ශම්මික 28, පෘථිවි රෑසර  4/38, ප්‍රවීන් නිමේෂ්  3/44

කැළණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 6ක් දැවී ලකුණු 209 (පන්දුවාර 50): උදාර රවිදු 57*, ටෙශාන් මලින්ද 52, පෘථිවි රෑසර 28, තෙනිර නයනතරැ 24, රවිනාත් ප්‍රභාෂ්වර 2/64, මදුරංග ශ්‍රී චන්ද්‍රරත්න 2/78

ගුරුකුල විද්‍යාලය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පළමු ඉණිමට වඩා ලකුණු 40ක් ඉදිරියෙන් සිටියි.


මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරගය

මෙම තරගය ද C කාණ්ඩය යටතේ අද (19) ගම්පොළ වික්‍රමබාහු විද්‍යාල පිටියේදී ආරම්භ විය. කාසියේ වාසිය දිනූ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට ධර්මාශෝක විද්‍යාලයට ඇරයුම් කළ අතර දිනය අවසානයේ තම පළමු ඉණිම ක්‍රීඩා කරන සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 82ක් ලබාගෙන සිටියි.

ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් ලකුණු 60ක් ලබාගත් කවීෂ කුමාර එම ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, කසුන් මදුරංග කවීෂ සමගින් එක්ව තවත් ලකුණු 58ක් ඔහුගේ නම ඉදිරියෙන් සටහන් කරගන්නා ලදි. මංජු පෙරේරා එහිදී කඩුලු 3ක් දවාලමින් දස්කම් දැක්විය.

අම්බලන්ගොඩ ධර්මාශෝක ව්ද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 209 (පන්දුවාර 61): කවීෂ කුමාර 60, කසුන් මදුරංග 58, දිනුක ඩිල්ශාන් 26, මංජු පෙරේරා 3/18, නිම්සර අතරගල්ල 3/38,  උසිදු නිස්සංක 2/17

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (පළමු දිනය අවසානයේ දී)  – කඩුලු 4ක් දැවී ලකුණු 82 (පන්දුවාර 28): මන්ජිත් රාජපක්ෂ 23*

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ධර්මාශෝක විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 127ක් පසුපසින් පසුවෙයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට