සාන්ත සර්වේසස් විද්‍යාලයට කඩුලු 9ක ජයක්

454
Supun Kavinda

දක්ෂයින් අතර අතිදක්ෂයින් සොයා යන සිංගර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයකම අවසන් දිනය අද (18) ක්‍රියාත්මක විය. එහිදී සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 9ක් සමඟින් පූර්ණ ජයග්‍රහණයක් ලබා ගන්නා විට, රාජකීය විද්‍යාලය, සාන්ත මරියා විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණ වාර්තා කරන ලදි.

පසුගිය ලිපි: රාජකීය විද්‍යාලය පෙරමුණේ

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඊයේ (16) කාසියේ වාසිය ජයග්‍රහණය කල සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

තරගයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 24ක් ලබා සිටි අතර එම ඉණිමට විනුජ රණසිංහ හා ටශික පෙරේරා සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් සැලකිය යුතු ලකුණක් දක්වා තම පළමු ඉණිම ඔසවා තබන ලදි.

ගජිත කොටුවේගොඩගේ ලකුණු 38 හැරෙන්නට වෙනත් සාර්ථක ලකුණක් සාන්ත මරියා දෙවන ඉණිමට එක් නොවීය. එහිදී විනුජ කඩුලු 7ක්  දවාලමින් තුන් ඉරියව් දස්කම් දැක්වීය. ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි සෙබස්තියන් විද්‍යාලයට ප්‍රමාණවත් පරිදි පන්දු නොතිබුණු නිසාවෙන් හැකිව තිබූ ජය මගහැරිනි.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 269 (පන්දුවාර 78): අශේන් සේනාධීර 75, සජීව රංජිත් 43, සුජිත් කුමාර 38, ප්‍රශේන් ප්‍රනාන්දු 3/43, ලසිත් පෙරේරා 2/06

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු  203 (පන්දුවාර 63): විනුජ රණසිංහ 36, ටශික පෙරේරා 33, නිමේෂ් බණ්ඩාර 30, ගිහාන් සේනානායක  24, ලසිත උඩගේ 6/72

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 97 (පන්දුවාර 46.2): ගජිත කොටුවේගොඩ 38, සදරු ශ්‍රියන්ත 21, විනුජ රණසිංහ 7/32, නුවනිදු ප්‍රනාන්දු 3/38

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම  – කිසිවෙකු නොදැවී ලකුණු 34 (පන්දුවාර 3): නුවනිදු ප්‍රනාන්දු 24*


කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

B කාණ්ඩයේ තරගයක් ලෙස රාජකීය පිටියේදී කාසියේ වාසිය උදාකරගත් සත්කාරක විද්‍යාලයේ නායකයා පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි.

තරගයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි රාජකීය විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 290ක් ලකුණු පුවරුවට එක්කල තිබුණි. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් මහීෂ තීක්ෂණ අගනා පිතිකරණයක නිරත වෙමින් ලකුණු 77ක් වාර්තා කලේය. අවිශ්ක පෙරේරා කඩුලු 5ක් දවාලමින් රාජකීය විද්‍යාලයේ පළමු ඉණිමේ ජයග්‍රහණය සුරක්ෂිත කරවිය.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම  – කඩුලු 9ක් දැවී ලකුණු 300 dec (පන්දුවාර 88): කවිදු මදරසිංහ 111, තෙවිදු සේනාරත්න 53, ලකිදු නානායක්කාර 37, පසිදු සූරියබණ්ඩාර 21, කවිශ ජයතිලක 4/70

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 61.4): මහීෂ තීක්ෂණ 77, ශෙහාන් ප්‍රනාන්දු 18, අභිෂේක් පෙරේරා 5/35, හිමේශ් රාමනායක 2/20, මනුල පෙරේරා 2/57

රාජකීය විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 198 (පන්දුවාර 38): තෙවිදු සේනාරත්න  70, හිමේශ් රාමනායක 53*, දුලන්ත ලෙවිස් 3/60


කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර තරගය

C කාණ්ඩයේ තරගයක් ලෙසින් ධර්මපාල විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී කාසියේ වාසිය ලබා ගත් ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි.

දිනය අවසානයේ තම පිළිතුරු පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 23ක් ලබාගෙන සිටි අතර මන්ජිත් රාජපක්ෂ තාක්ෂණයෙන් පරිපූර්ණ ඉණිමක් දියත් කරමින් නොදැවී ලකුණු 85*ක් වාර්තා කලේය. ඩී. එස්. සේනානායක විද්‍යාලය සිල්වෙස්ටර් විද්‍යාලයේ පළමු ඉණිම නිමා කරන විට ලකුණු 78ක වාසියක් ඔවුන් සතුවිය.

දසුන් දිමාශගේ අර්ධ ශතකය සමගින් ගොඩනැංවූනු ඩී. එස්. සේනානායක පළමු ඉණිමට විහාන් ගුණසේකර ලකුණු 45ක් ලබාගෙන තම විද්‍යාලයට අවශ්‍ය සවිය ලබා දුන්නේය. තුසිත් ද සොයිසා කඩුලු 3ක් දවාලමින් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්විය.

ඩී.එස් සේනානායක විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 272 dec (පන්දුවාර 78): දසුන් දිමාශ 51, විහාන් ගුණසේකර 45, මත්සිත් ජයමාන්න 43, ශෙසාඩ් අමීන් 39, තුසිත් ද සොයිසා 3/64

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම –  සියල්ලන්ම දැවී ලකුණු 194  (පන්දුවාර 72.2): මන්ජිත් රාජපක්ෂ 85*, තත්සර බණ්ඩාර 3/33, විහාන් ගුණසේකර 3/46, ශෙසාඩ් අමීන් 2/07, මුදිත ලක්ෂාන් 2/70

ඩී.එස් සේනානායක විද්‍යාලය දෙවන  ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 128 (පන්දුවාර 32): ටරෝන් බස්කරන් 49, ශසික ගමගේ 24,දසුන් දක්ෂ 21, නදීර බාලසූරිය 3/29 , කණිෂ්ක ජයසේකර 2/17, තුසිත් ද සොයිසා 2/33


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර තරගය

D කාණ්ඩයේ තරගයක් ලෙසින් මාතර උයන්වත්ත පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ බණ්ඩාරනායක විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. මෙම තරඟයෙන් සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ පළමු දිනය අවසානයේ තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි බණ්ඩාරනායක විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 43ක් ලබාගෙන සිටි අතර එම ඉණිමේ දී ශසික දුල්ෂාන් කඩුලු 5ක් දවාලමින් දස්කම් දක්වද්දී, නැවතත් තම දෙවන ඉණිම ඇරඹූ බණ්ඩාරනායක විද්‍යාලයට ලකුණු 53ක් එක්කිරීමට හචිත තිමාල් සමත් විය. සුපුන් කාවින්ද එහිදී කඩුලු 6ක් ලකුණු 31ක් තුල දවාලමින් දස්කම් දක්වන ලදි.  ලකුණු 57ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය සාන්ත සර්වේසස් විද්‍යාලය එම ලකුණ පහසුවෙන්ම ලබා ගැනීමට සමත් විය.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 72.4): කේසර නුවන්ත 65, ඉසුරු උදයංග 47, සුපුන් කාවින්ද 35, හචිත තිමාල් 3/50, ජනිදු ජයවර්ධන 3/52

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉණිම  –  සියල්ලන්ම දැවී ලකුණු  105 (පන්දුවාර 37.3): ශසික දුල්ෂාන් 5/24, තිලාන් ප්‍රශාන් 4/36,

බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉණිම (f/o)  –  සියල්ලන්ම දැවී ලකුණු  158 (පන්දුවාර 49.5): හචිත තිමාල් 53, සිසිත මදනායක  32*, ජනිදු ජයවර්ධන 30, සුපුන් කාවින්ද 6/31, පසිදු මනුප්‍රිය 3/11

සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉණිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 60 (පන්දුවාර 16.3): ඉසුරු උදයංග 36*

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට