වේල්ස් කුමර විද්‍යාලය හමුවේ රාජකීයන්ට ඉනිමක පරාජයක්

788
Singer U19 Schools Cricket

කාගේත් අවධානය දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර තරගය අද (9) අවසන් වූයේ වේල්ස් කුමර විද්‍යාලයට දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. එයට අමතරව තවත් තරග කිහිපයක්ම සාර්ථකව අවසන් විය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 10ක ජයක්

සිංගර් අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම අද (8) අවසන් වෙද්දී, තවත් තරග කිහිපයක්ම පළමු දිනයට ආරම්භ විය. අවසන් වූ තරග අතුරෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය…

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එදිරිව කොළඹ රාජකීය විද්‍යාලය

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඉනිමක හා ලකුණු 54ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගයේ දී දිලංක මදුරංග හා විශ්ව චතුරංග දක්ෂ පිතිකරණයක නිරත වෙමින් තරගයේ කැපී පෙනෙන දස්කම් දක්වන ලදි.

විශ්ව චතුරංග හා දිලංක මදුරංග ශතක දෙකක් සමඟින් වේල්ස් කුමර පළමු ඉනිම ලකුණු 322ක් දක්වා ඉහලට ගෙන ආ අතර, හිමේශ් රාමනායක පන්දු යැවීමේ දී කඩුලු 5ක් රාජකීය විද්‍යාලය වෙනුවෙන් දවාලන ලදි.

පිළිතුරු දෙවන ඉනිම දියත් කල රාජකීය විද්‍යාලයට තම පළමු ඉනිම තරම් සාර්ථක වීමට කෞමල් නානායක්කාර ඇතුළු වේල්ස් කුමර පන්දු යවන්නන් අවස්ථාව උදාකර දුන්නේ නැත. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කවිඳු මදරසිංහ ලකුණු 40කට දැවී යන ලදි.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – 137/8 dec (34): පසිඳු සූරියබණ්ඩාර 47, රොනුක ජයවර්ධන 46, ලසිදු නානායක්කාර 26, කෞමාල් නානායක්කාර 3/18, තිලාන් නිමේෂ් 3/33

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම  – 322/9 (57.5): විශ්ව චතුරංග 104, දිලංක මදුරංග 101, අවිදු ප්‍රනාන්දු 39, තිලාන් නිමේෂ් 38, හිමේශ් රාමනායක 5/83, හේලිත විතානගේ 3/50

රාජකීය විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 131 (45.4): කවිඳු මදරසිංහ 40, පසිඳු සූරියබණ්ඩාර 23, හේලිත විතානගේ 23, කෞමාල් නානායක්කාර 4/25, සවිදු පීරිස් 2/58


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එදිරිව වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගයේ දී අවිශ්ක තරිදු තම විද්‍යාලයේ පළමු ඉනිමට ලකුණු 143ක් ලබාගෙන පළමු ඉනිමේ ජයග්‍රහණයට පෙරමුණ ගන්නා ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු ඉනිම එවන් මට්ටමකට හෝ සීමා කල චමිදු සමරසිංහ කඩුලු 4ක් දවාලූ අතර, පිළිතුරු දෙවන ඉනිම දියත් කල ධර්මපාල විද්‍යාලය තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 160යි. එම ඉනිමේ දක්ෂයා වූ අවිශ්ක හසරින්ද ලකුණු 78යි.

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 182 (36.3): දුලාජ් එගොඩගේ 44, තරිදු සඳරුවන් 26, චන්ද්‍ර කවීෂ 3/20, සනිල් නිදූශ 3/22

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 336 (108.2): අවිශ්ක තරිදු 143, කවිදු මදුක 70,  යසිදු රවීෂ 27, සෙනෙත් ජොයෙල් 26, චමිදු සමරසිංහ 4/94, ඩිල්ශාන් ද සිල්වා 2/102

ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම – 160/5 (36): අවිශ්ක හසරින්ද 78, කනිෂ්ක ජයසුන්දර 34*, කවිඳු මදූප 2/32, රශ්මික මෙවන් 2/39


පළමු දිනයට ක්‍රියාත්මක වූ තරඟ,

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එදිරිව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

කදිරාන පිටියේ දී පළමු දිනට අවසන් වූ මෙම තරගයේ දී වැඩි ගෞරවය දිනා ගැනීමට බණ්ඩාරනායක විද්‍යාලයට හැකි විය. කාසියේ වාසිය දිනූ බණ්ඩාරනායක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට පිටියට පැමිණි අතර, එහි දී සසිරි අධිකාරි දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 58ක් ලබාගෙන සිටිය දී නොසිතූ ලෙස දැවී යන ලදි. තණතීරුවේ ස්වභාවය මනාව වටහා ගත් නිපුන් ධනංජය ලකුණු 45කට කඩුලු 5ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම දියත් කරන වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට තම පළමු ඉනිම සාර්ථක කර ගැනීමට අවස්ථාව නොලැබුණු අතර, දක්ෂ ලෙස පන්දුව දෝලනය කල අරෝශ් මදුෂාන් ජෝශප් වාස් කඩුලු 5ක් ඩැහැ ගැනීමට සමත් විය. එම ඉනිම වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටින තිලිණ ප්‍රදීප්ත මනරම් පහර කිහිපයක්ම සමඟින් ලකුණු 30*යි.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 158 (57.5): සසිරි අධිකාරි 58, සසිත මදනායක 32, නිපුන් ධනංජය 5/45, ශෙහාර රණතුංග 2/49

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ දී): 89/9 (39): තිලිණ ප්‍රදීප්ත 30*, ක්‍රිශාන් අප්පුහාමි 18, අරෝශ් මදුෂාන් 5/26


මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එදිරිව කොළඹ ඉසිපතන විද්‍යාලය

මහනුවර අස්ගිරිය ක්‍රීඩා පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහර දී දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 238ක් ලබාගෙන සිටියි.

ත්‍රිත්ව ඉනිමේ පළමු දිනය අර්ධ ශතකයකින් වර්ණවත් කල පූර්ණ වනසේකර ලකුණු 52ක් ලබාගෙන ස්ථාවර අඩිතාලමක් සකසන ලදි. දිනය අවසන් වන විට කඩුල්ලේ රැඳී සිටින ත්‍යාගරාජා බනුගොබන් ලකුණු 40*යි. ලිසුර වීනාත් ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවාලන ලදි

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 238/7 (79): පූර්ණ වනසේකර 52, චානුක බණ්ඩාර 46, ත්‍යාගරාජා බනුගොබන් 40*, හිමංග සූරියන්පොළ 34, හසිත බෝයගොඩ 21, ලිසුර වීනාත් 3/53, ලහිරු වීරරත්න 2/34

පළමු දිනය සඳහා ක්‍රියාත්මක වූ තරග හෙට (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට