ජයග්‍රහණය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට

336
Singer U19 Schools Cricket February 6th roundup

සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක්ම අද (06) ආරම්භ වූ අතර, ඊයේ (5) ආරම්භ වූ තරග වලින් පූර්ණ ජයග්‍රහණයක් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

හිමේශ් රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ගෙන එයි

රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි කර දෙමින් අන්තර් පාසල් ක්‍රිකට් පිටියේ තවත් දිනයක් අදින් (05) නිමාවට පත්විය.

ගාල්ල මහින්ද විද්‍යාලයට එදිරිව කොළඹ ඉසිපතන විද්‍යාලය

කාසියේ වාසිය ජය ගත් ගාල්ල මහින්ද විද්‍යාලය තම සුපුරුදු ක්‍රීඩාංගණයේ දී පළමුව පන්දුවට පහර දීමට ඉසිපතන විද්‍යාලයට ඇරයුම් කරන ලදි.

තම පිළිතුරු පළමු ඉනිම දියත් කල මහින්ද විද්‍යාලය තරගය අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 300ක් ලබාගත් අතර, එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. නවෝද් පරණවිතාන ලකුණු 88ක් ලබාගෙන ලකුණු පුවරුව මෙහෙයවූ අතර, අනගි සහයක් ලබාදුන් කවිදු එදිවීර නොදැවී ලකුණු 52*ක් හා රවිදු හංසික ලකුණු 51ක් ලබාගෙන දක්ෂ ඉනිම් දෙකක් දියත් කරන ලදි.

කොළඹ ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම  – 313/7 dec (93): සංජුල අබේවික්‍රම 115, සංජුල බණ්ඩාර 61, ලෙශාන් අමරසිංහ 51*, හර්ෂ රත්නායක 31

ගාල්ල මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 300/8 (95): නවෝද් පරණවිතාන 88, කවිදු එදිවීර 52*, රවිදු හංසික 51, අශේන් කණ්ඩම්බි 37, හේශාන් ප්‍රනාන්දු  3/55, ලහිරු ඩිල්ශාන් 2/64, අයන සිරිවර්ධන 2/69


මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එදිරිව මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

මෙම තරගයෙන් ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 32ක තියුණු ජයග්‍රහණයක් හිමිවිය. එහි දී තරගයේ ජයග්‍රහණය සඳහා ශැනොගීත් ශන්මුගනාදන්ගේ තුන් ඉරියව් දස්කම් දායක වූ අතර, ඔහු කඩුලු 9ක් දවාලීමට සමත් විය. සාන්ත සෙබස්තියන් විද්‍යාලයට තම දෙවන ඉනිමට ලකුණු 159ක ඉලක්කයක් හිමි වුවද, එය සාර්ථක කර ගැනීමට ත්‍රිත්ව පන්දු යවන්නන් අවසර ලබා දුන්නේ නැත.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 189 (73.1): ට්‍රිවෝන් පර්සිවල් 37, රුවින් පීරිස් 30, පූර්ණ වනසේකර 27, නිමේෂ් බණ්ඩාර 5/32, අශේර් වර්ණකුලසූරිය 3/27

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී ලකුණු 137 60 (49.4): ට්‍රිශේන් ප්‍රනාන්දු 38, නිමේෂ් බණ්ඩාර 28, දුලාජ් සිල්වා 26, ශැනොගීත් ශන්මුගනාදන්ගේ 6/38, විමුක්ති නෙත්මල් 3/28

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 106 (30.1): ටී. බනුගොබන් 29, ට්‍රිවෝන් පර්සිවල් 24, ශැනොගීත් ශන්මුගනාදන්ගේ 22, නුවනිදු ප්‍රනාන්දු 3/12, නිමේෂ් බණ්ඩාර 3/31, අශේර් වර්ණකුලසූරිය 2/10

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 126 (29): තරුශ ප්‍රනාන්දු 34, ප්‍රවීන් කුරේ 22, මොහොමඩ් ශොහිබ් 5/25, ශැනොගීත් ශන්මුගනාදන්ගේ 3/42, විමුක්ති නෙත්මල් 2/46


පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග,

කොළඹ සහිරා විද්‍යාලයට එදිරිව මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

ගම්පොළ වික්‍රමබාහු පිටියේදී කාසියේ වාසිය ජය ගත් සහිරා විද්‍යාලය පළමුව පන්දුවට පහර දී ලකුණු 279ක් තම පළමු ඉනිමට එක් කරගන්නා ලදි. එම ඉනිමට සාජිත් සමීර දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 114ක් ලබාගත් අතර, මොහොමඩ් ශහදුල්ලා අර්ධ ශතකයකින් දායක විය. මන්ජිත් රාජපක්ෂ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවාලීමට සමත් විය.

කොළඹ සහිරා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 279 (63.4): සාජිත් සමීර 114, මොහොමඩ් ශහදුල්ලා 50, මන්ජිත් රාජපක්ෂ 3/48, මනුජ පෙරේරා 2/28

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 58/1 (25): දනුෂ්ක ජයසේකර 30*


කැලණිය ගුරුකුල විද්‍යාලයට එදිරිව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය

කාසියේ වාසිය තමන් සතුකරගත් ගුරුකුල විද්‍යාලය මත්තේගොඩ යුධ හමුදා පිටියේ දී පළමුව පන්දු යවන ලදි. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ලකුණු පුවරුව සවිබල ගැන්වූ විහාන් ගුණසේකර විචිත්‍ර වූ පහර කිහිපයක්ම 4 සීමාව වෙත එල්ල කරමින් ලකුණු 104ක් ලබා ගන්නා ලදි. එම්.ඩී. නවීන්ද්‍ර හා ලකිඳු අරෝශ් කඩුලු 4 බැගින් දවාලමින් ගුරුකුල විද්‍යාලයට සවියක් විය.

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 216 (68.1): විහාන් ගුණසේකර 104, පසිදු චානක 30, ඩැනියල් ගීතාංජන 22*, එම්.ඩී නවීන්ද්‍ර 4/37, ලකිඳු අරෝශ් 4/43

කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 83/4 (පන්දුවාර 26): ටෙශාන් මලින්ද 24*, පෘථිවි රූසර 21


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එදිරිව කඳාන ද මැසනොඩ් විද්‍යාලය

පළමු දිනය අවසන් වන විට වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් පළමු ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 222ක් ලෙස සනිටුහන්ව තිබූ මෙම තරගය ඇල්බට් එෆ්. පීරිස් පිටියේදී අද (6) ආරම්භ විය. කාසියේ වාසිය වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය සතු විය.

ද මැසනොඩ් විද්‍යාලයේ පළමු ඉනිමට සාර්ථක ලකුණක් ලබා ගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන් අතර, ශානක ප්‍රිශාන් හා ශෙහාර රණතුංග කඩුලු 2ක බැගින් දවාලන ලදි. පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටින ජෝසප් වාස් විද්‍යාලයට අර්ධ ශතකයක් ද එක් කරමින් නොදැවී ලකුණු 67*ක් දිනය අවසානයේ දී ලබාගැනීමට ශෙහාරට හැකිවිණි.

කඳාන ද මැසනොඩ් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 140 (41.4): මිතිල ගීත් 30, ශානක ප්‍රිශාන් 2/21, ශෙහාර රණතුංග 2/21

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (පළමු දිනය අවසානයේදී)- 222/5 (පන්දුවාර 51): ශෙහාර රණතුංග 67*, අංජන රැක්මාල් 40, සඳරුවන් ප්‍රනාන්දු 35, ධනුෂ්ක නිරංජන 32*, නිමේෂ් ප්‍රනාන්දු 2/40


කොළඹ වෙස්ලි විද්‍යාලයට එදිරිව කොළඹ මහානාම විද්‍යාලය

අවම ලකුණු වලට සීමා වූ තරගයක් ලෙස සැලකිය හැකි මෙම තරගයේ කාසියේ වාසිය තම තණ තීරුවේ දී ජයග්‍රහණය කිරීමට වෙස්ලි විද්‍යාලයට හැකිවිණි.

පන්දු යවන්නන්ගේ තරගයක් ලෙසින් පළමු දිනය අවසන් වූ අතර, රුචික දංගල්ල කඩුලු 5ක් හා ලකුණු 37ක් ලබාගෙන වෙස්ලි විද්‍යාලයට තම තුන් ඉරියව් දස්කම් වල විශිෂ්ටත්වය පෙනවන ලදි. ඔහුට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ හශාන් සංදීප කඩුලු 6ක් දවාලමින් වෙස්ලි පිතිකරුවන් දමනය කර විය. තම දෙවන ඉනිම දියත් කරමින් සිටින මහානාම විද්‍යාලය වෙස්ලි විද්‍යාලයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 84ක්  පසුපසින් පසුවෙයි.

කොළඹ මහානාම විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 60 (15.5): බිශාන් මෙන්ඩිස් 20, රැචික දංගල්ල 5/38, සකුන්ත ලියනගේ 3/00

කොළඹ වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – සියල්ලෝම දැවී ලකුණු 153 (පන්දුවාර 70.3): රුචික දංගල්ල 37, ශමෝද් ඇතුළත්මුදලි 28, ජේසන් ද සිල්වා 27, හශාන් සංදීප 6/63

කොළඹ මහානාම විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 19 (පන්දුවාර 4):


කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එදිරිව කොළඹ නාලන්ද විද්‍යාලය

තර්ස්ටන් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල නාලන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 34ක් ලබා ගැනීමට තුන් ඉරියව් දස්කම් දක්වන මාලිංග අමරසිංහ සමත් විය.

චරණ නානායක්කාර කඩුලු 5ක් දවාලමින් නාලන්ද විද්‍යාලයේ පළමු ඉනිම සුනුවිසුනු කිරීමට සමත් වෙද්දී, නවින් ගුණවර්ධන ද කඩුලු 4ක් දවාලමින් තම දස්කම් දක්වන ලදි. තර්ස්ටන් විද්‍යාලය තම පිළිතුරු පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 154ක් දිනය අවසානයේ ලබාගත් අතර, එහි දී කසුන් අබේරත්න ලකුණු 35ක් ලබාගෙන දිනය අවසානයේ ලකුණු පුවරුවේ පෙරමුණේ පසුවෙයි.

කොළඹ නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 138 (40.2): මාලිංග අමරසිංහ 34, කලණ කත්‍රිආරච්ච් 31*, කසුන් සඳරුවන් 21, චරණ නානායක්කාර 5/51, නවීන් ගුණවර්ධන 4/31

කොළඹ තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 154/6 (පන්දුවාර 52): කසුන් අබේරත්න 35, ඉමේෂ් විරංග 34, නවෝද් සමරකෝන් 33, ප්‍රගීශ මෙන්ඩිස් 28, උමේක්ෂ ඩිල්ශාන් 3/48, අසේල කුලතුංග 2/33


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගෙන සාන්ත ජෝසප් පිටියේ දී පළමුව පන්දුවට පහර දෙන ලදි. පී.සී. වික්‍රමසූරිය ලකුණු 57*ක් එක් කරමින් කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට ලකුණු 201ක් වැනි ලකුණක් ලබා ගැනීමට මූලික අඩිතාලමක් දමන ලදි. හවීන් පෙරේරා ලකුණු 44කට කඩුලු 4ක් දවාලන ලදි. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත ජෝශප් විද්‍යාලය වෙනුවෙන් දිනෙත් ජයකොඩි ලකුණු 68ක් ලබාගෙන අර්ධ ශතක ඉනිමක් දියත් කරවිය.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 201 (59.2): පී.සී. වික්‍රමසූරිය 57*, කසුන් මාලිංග 31, හශාන් ප්‍රියදර්ශන 26, ගනිදු දෙව්මින 28, හවින් පෙරේරා 4/44, රැචිර ඒකනායක 2/27 ,හරීන් කුරේ 2/47

කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 159/3 (35): දිනෙත් ජයකොඩි 68, දිනෙත් මදුරාවල 58*, කැමරන් දුරුගේ 20, පී.සී වික්‍රමසූරිය 2/25

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (7) දෙවන දිනයට ක්‍රියාත්මක වෙනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට