හිමේශ් රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ගෙන එයි

416
Singer U19 Schools Cricket February 5th roundup

රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි කර දෙමින් අන්තර් පාසල් ක්‍රිකට් පිටියේ තවත් දිනයක් අදින් (05) නිමාවට පත්විය. එම ජයග්‍රහණයට අඩිතාලම සැකසූ හිමේශ් රාමනායක ලකුණු 117ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත විය.

මලිදුගේ පිතිහරඹයෙන් මහානාමයට පළමු ඉණිමේ ජයක්

අන්තර් පාසල් පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (04) තවත් තරග දෙකක් පැවැත්විය. ඉන් එක් තරගයකින් කොළඹ මහානාම විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය

රාජකීය විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 163ක් පසුපසින් සිටිමින් දෙවන දිනය සඳහා ආරම්භය ලබාගත් අතර, මෙම තරගයෙන් රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි විය.

රාජකීය විද්‍යාලය වෙනුවෙන් දිනය ආරම්භ වන විට කඩුල්ලේ රැදී සිටි රොනුක ජයවර්ධන ලකුණු 55කට හා පසිදු සූරියබණ්ඩාර ලකුණු 31කට දැවී ගිය පසුව රාජකීය විද්‍යාලය යම් තාක් දුරට අසරණ විය. නමුත් හේලිත විතානගේ හා එක් වූ හිමේශ් රාමනායක සාර්ථක සබඳතාවයක් ගොඩ නංවමින් රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් අත්කර දීමට සමත් වූ අතර, හිමේශ් රාමනායක දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 117ක් ලබා ගැනීමට සමත් විය. චතුර ඔබේසේකර හා සන්තුෂ් ගුණතිලක කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

සාන්ත පීතර විද්‍යාලය සන්තුෂ් ගුණතිලකගේ වේගවත් ශතකයක් ද සමඟ තම දෙවන ඉනිම අත්හිටුවනු ලබන්නේ ලකුණු 191ක වාසියක් ද සහිතවයි. රාජකීය විද්‍යාලය එම අභියෝගය භාර ගනිමින් දෙවන ඉනිම සඳහා වේගවත් පිතිකරණයක නිරත වුවද, අවසානයේ දෙවන හා අවසන් දිනය සඳහා නියමිත පන්දුවාර ප්‍රමාණය නිමාවට පත් විය. දෙවන ඉනිම වෙනුවෙන් ආක්‍රමණශීලී පිතිකරණයක නිරත වූ පසිදු රාජකීය විද්‍යාලය වෙනුවෙන් ලකුණු 52*ක් ලබා ගැනීමට සමත් විය.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 235/9 dec (65): විනුල් ගුණවර්ධන 81, ලක්ෂාන් රොද්‍රිගෝ 73, අභිෂේක් පෙරේරා 3/38, මනුල පෙරේරා 3/68

කොළඹ රාජකීය විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 247 (65.2): හිමේශ් රාමනායක 117, රොනුක ජයවර්ධන 55, පසිදු සූරියබණ්ඩාර 31, හේලිත විතානගේ 30, චතුර ඔබේසේකර 3/31, සන්තුෂ් ගුණතිලක 3/49,

කොළඹ සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම – 203/3 dec (38): සන්තුෂ් ගුණතිලක 103*, ලක්ෂාන් රොද්‍රිගෝ 55*, විනුල් ගුණවර්ධන 30, මොහොමඩ් අමීන් 3/10, මනුල පෙරේරා 2/75

කොළඹ රාජකීය විද්‍යාලය දෙවන ඉණිම – 94/3 (13): පසිදු සූරියබණ්ඩාර 52*, රොනුක ජයවර්ධන 23


ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය

කාසියේ වාසිය ජය ගත් ගාල්ල මහින්ද විද්‍යාලය තම සුපුරුදු ක්‍රීඩාංගණයේ දී පළමුව පන්දුවට පහරදීමට ප්‍රතිවාදී කොළඹ විද්‍යාලයට ඇරයුම් කරන ලදි.

සංජුල අබේවික්‍රම ඉසිපතන විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් ගාල්ල මහින්ද විද්‍යාලයේ පන්දුවලට පැන පැන පහර දෙමින් වේගවත් පිතිකරණයක් දියත් කලේ, කාසියේ වාසිය ජය ගත් මහින්ද විද්‍යාලයට දැඩි පීඩනයක් එල්ල කරමිනි. සංජුලට අනගි සහයක් දුන් සංජුල බණ්ඩාර ලකුණු 61ක් රැස් කරමින් සාර්ථක සබඳතාවයක් ගොඩ නංවන ලදි. දිනය අවසානයේ නොදැවී ක්‍රීඩා කරන ලෙශාන් අමරසිංහ ලකුණු 51*ක් ඉසිපතන පළමු ඉනිමට රැස්කරගෙන ඇත.

කොළඹ ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 317/7 (93): සංජුල අබේවික්‍රම 115, සංජුල බණ්ඩාර 61, ලෙශාන් අමරසිංහ 51*, හර්ෂ රත්නායක 31


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය තමන් සතුකරගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර, ඔවුන්ගේ පළමු ඉනිමට ලකුණු 37ක් එක් කල ට්‍රිවෝන් පර්සිවල්ට ත්‍රිත්ව ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වීමට හැකි වූයේ, නිමේෂ් බණ්ඩාරගේ දක්ෂ පන්දු යැවීම නිසා අනිකුත් පිතිකරුවන් ඉක්මනින් දැවී ගිය නිසාවෙනි. නිමේෂ් බණ්ඩාර කඩුලු 5ක් ලකුණු 62ක් තුල දවා ගනිමින් සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර, අශේර් වර්ණකුලසූරිය කඩුලු 3ක් දවාලමින් නිමේෂ් හට අනගි සහයක් ලබා දුන්නේය.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් දුලාජ් සිල්වා පළමු දිනය අවසානයේ ලකුණු 24ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 189 (73.1): ට්‍රිවෝන් පර්සිවල් 37, රුවින් පීරිස් 30, පූර්ණ වනසේකර 27, නිමේෂ් බණ්ඩාර 5/32, අශේර් වර්ණකුලසූරිය 3/27

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේදී) – 60/1 (20): දුලාජ් සිල්වා 24*

අද දිනට ආරම්භ වූ තරග ද්විත්වය හෙට (6) දෙවන දිනය සඳහා  ක්‍රියාත්මක වනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට