අර්ධ ශතක පිරි දිනයේ ජය තර්ස්ටන් විද්‍යාලයට

315
Singer U19 Schools Cricket February 21st

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 8ක පූර්ණ ජයග්‍රහණයක් හිමි කර දෙමින් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් අද (21) නිමාවට පත් වූ අතර, මහින්ද විද්‍යාලයේ හංසික වැලිහිද දිනය තුල වඩාත්ම කතා බහකට ලක්වූ ක්‍රීඩකයා බවට පත්විය. එසේම අද දිනය තුල අර්ධ ශතක 9ක් හා එක් ශතකයක් වාර්තා විය.

චරණ නානායක්කාර කඩුලු 5ක් උදුරා ගනී

වර්ෂාව නම් බාධකයත් සමඟින් ක්‍රියාත්මක වූ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (20) පළමු දිනයට ආරම්භ විය. එහි දී තර්ස්ටන් නායක, දකුණත් මඳ වේගපන්දු යවන…

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

කාසියේ වාසිය ජය ගත් සත්කාරක තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු යවා කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. 

තර්ස්ටන් විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 141කට සීමා කල තිලංග උදේශන ඇතුළු රිච්මන්ඩ් විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 56ක් ලබාගෙන දිනය පුරාවටම කඩුල්ලේ රැදී සිටීමට පිටියට පැමිණිය , නවීන් ගුණවර්ධන කඩුලු 6ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. ඒ අනුව තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 34ක් පමණක් තම ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ අතර, එය සපුරාලීමට ඉමේෂ් විරංග (24*) සමත් විය.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 85 (28.3) : ධනංජය ලක්ෂාන් 28, චරණ නානායක්කාර 5/31, තුශාල් මදුසංක 2/08, නිපුන ලක්ෂාන් 2/24

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 141 (42.1) : යෙශාන් වික්‍රමාරච්චි 35, ඉමේෂ් විරංග 33, චරණ නානායක්කාර 31, තිලංග උදේශන 6/38, අවිදු තීක්ෂණ 2/33

රිච්මන්ඩ් විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 89 (26) : කමිදු මෙන්ඩිස් 26, නවීන් ගුණවර්ධන 6/31, තුශාල් මදුසංක 2/11

තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉනිම – 34/2 (9) : ඉමේෂ් විරංග 24*


කොළඹ රාජකීය විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 106ක් ලෙස දැක්වෙද්දී  දෙවන දිනය ආරම්භ වූ මෙම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට සත්කාරක රාජකීය විද්‍යාලය සමත් විය.

රාජකීය විද්‍යාලය වෙනුවෙන් හේලිත විතානගේ ලකුණු 66ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, ඔහුට අගනා සහයක් ලබා දුන් කවිදු මදරසිංහ ද අර්ධ ශතක ඉනිමක නිරත විය. තම දෙවන ඉණිම දියත් කල ධර්මරාජ විද්‍යාලයේ ලකුණු මට්ටම යම්තාක් දුරකට ගෙන ආ දේශාන් ගුණසිංහ ලකුණු 52ක් ලබා ගන්නා ලදි. ජනිත් සංදීප කඩුලු 5යි.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 111 (46.3): දුලාජ් විජේකෝන් 35, හේලිත විතානගේ 4/29, චාමික එදිරිසිංහ 2/17

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – 210/6 dec (43.4): හේලිත විතානගේ 66, කවිදු මදරසිංහ 54, ජනිත් සංදීප 34*, පසිදු සූරියබණ්ඩාර 22, දේශාන් ගුණසිංහ 2/35, නවින්ද ඩිල්ශාන් 2/51

ධර්මරාජ විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 193 (53.1): දේශාන් ගුණසිංහ 52, කසුන් ගුණවර්ධන 37, සචින්ත සේනානායක 32, ගිහාන් විතාරණ 23, ජනිත් සංදීප 5/57, යුවීන් හේරත් 2/54


පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග,

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

සාන්ත සෙබස්තියන් පිටියේ දී කාසියේ වාසිය තම සුරතට ගත් සාන්ත මරියා විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට තම පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 175ක් වන අතර, නිමේෂ් ධනංජය ලකුණු 36ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත මරියා විද්‍යාලය වෙනුවෙන් ගජිත කොටුවේගොඩ හා ටී.එස්. කුමාර හොඳ ආරම්භ සම්බන්ධතාවයක් ගොඩනැංවීමට සමත් විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 175 (51.4): නිමේෂ් ධනංජය 36, ශෙහාන් උදාර 34, ගයාන් චන්ද්‍රසිරි 4/35, මදුෂාන් උඩගේ 3/59, නිර්මාල් ප්‍රනාන්දු 2/11

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී 142 (41): ගජිත කොටුවේගොඩ 67*, ටී.එස්.කුමාර 35*


මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

මහානාම විද්‍යාලයට කාසියේ වාසිය හිමි කර දුන් මෙම තරගයේදී කදිරාන පිටියේ දී පළමුව පන්දුවට පහ රදීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට සිදු විය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් රවිදු ප්‍රනාන්දු ලකුණු 106යි. නිදුක වැලිකල මහානාම විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් දවාලන ලදි. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින මහානාම විද්‍යාලය වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැදී සිටින කවිදු මුණසිංහ ලකුණු 59*ක් හා දිනුක රූබසිංහ  ලකුණු 23*යි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – සියල්ලන්ම දැවී 211 (52.5): රවිදු ප්‍රනාන්දු 106, සචිදු කොළඹගේ 44, නිදුක වැලිකල 4/54, හේශාන් හෙට්ටිආරච්චි 2/25, හෙශාන් සංදීප 2/64

මහානාම විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 96/1 (35): කවිදු මුණසිංහ 59*, දිනුක රූබසිංහ 23*


ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය

මහින්ද පිටියේ දී පළමු දිනය නිමා වන විට ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 292ක් ලෙස ප්‍රබල මට්ටමක සටහන් කිරීමට සත්කාරක මහින්ද විද්‍යාලයට හැකිවිණි.  

කාසියේ වාසිය ජයග්‍රහණය කල මහින්ද විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වුනු හංසික වැලිහිද ලකුණු 151ක් රැස්කර ගන්නා ලදි. ඔහු සමඟින් එකතු වී සාර්ථක සබඳතාවයක් ගොඩ නැංවූ විනුර විරංජිත් ලකුණු 53ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී මාලිංග අමරසිංහ නාලන්ද විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවාලීමට සමත් විය.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 292/5 (95): හංසික වැලිහිද 151, විනුර විරංජිත් 53, මාලිංග අමරසිංහ 3/37


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලය

පළමු දිනය තුලම අවිශ්ක ප්‍රනාන්දු හා මන්ජිත් රාජපක්ෂ අර්ධ ශතක ලබා ගත් මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සිල්වෙස්ටර් විද්‍යාලය සාන්ත සෙබස්තියන් තණතීරුවේ දී පළමුව පන්දුවට පහර දෙන ලදි.

මන්ජිත් රාජපක්ෂ වර්ණවත් පිතිකරණයක නිරත වෙමින් සිල්වෙස්ටර් විද්‍යාලයේ පළමු ඉණිමට අර්ධ ශතකයක් ලබා ගත් අතර, නුවනිදු ප්‍රනාන්දු ගේ පන්දු හමුවේ අනිකුත් පිතිකරුවන් ඉක්මනින් දැවී ගියේය. සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 60*යි.

සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 173 (75.2): මන්ජිත් රාජපක්ෂ 51*, චන්දුල ජයකොඩි 27, නුවනිදු ප්‍රනාන්දු 5/54, අශේර් වර්ණකුලසූරිය 2/07

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 87/2 (18): අවිශ්ක ප්‍රනාන්දු 60*


මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා මහනුවර කිංස්වුඩ් විද්‍යාලය

මහනුවර පොලිස් පිටියේ දී කාසියේ වාසිය ජය ගත් කිංස්වුඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී විද්‍යාර්ථ විද්‍යාලයට ඇරයුම් කරන ලදි.

සචිත ප්‍රියමාල්ට තම අර්ධ ශතකය මඟ හැරෙන්නට වුනු මෙම තරගයේ පළමු ඉණිම දියත් කල විද්‍යාර්ථ විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 162ක් පමණි. පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටින කිංස්වුඩ් විද්‍යාලයට සවියක් වෙමින් දක්ෂ පිතිකරණයක නිරත වුනු අවිශ්ක චන්ද්‍රසිරි ලකුණු 68*ක් ලබාගෙන කඩුල්ලේ රැදෙමින් සිටින්නේ පළමු ඉනිමේ වාසිය හෝ තම විද්‍යාලයට ලබාගැනීමේ අරමුණ ඇතිවයි.

විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 162 (66): සචිත ප්‍රියමාල් 45*, රවිශ්ක උපනන්ද 37, රංගන රත්නායක 3/25, යශෝධ කාවින්ද 2/09, ජනිත් තෙන්නකෝන් 2/35

කිංස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු 123 (29): අවිශ්ක චන්ද්‍රසිරි 68*, අමිල ජයවීර 21

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව