ආනන්ද විද්‍යාලයට කඩුලු 9ක ජයක්

399
Singer U19 Schools Cricket

ආනන්ද විද්‍යාලය කඩුලු 9ක සමඟින් පූර්ණ ජයග්‍රහණයක් ලබා ගනිමින් සිංගර් කුසාලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අද (14) සාර්ථකව නිමාවට පත් විය.

පැතුම් හා රවිදු ශතක අතරට

දක්ෂයින් අතර අතිදක්ෂයින් සොයා යන සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙල පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 5ක් අද (13) පළමු දිනයට පැවැත්විය. එහි දී ශතක ඉනිම් දියත් කිරීමට පැතුම් නිස්සංක…

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට එදිරිව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගය කරන්දෙණිය මැදි විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත් විය.

ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වුනු රවිදු රශන්ත තම විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් උදාකර දෙමින් තම ඉනිම ලකුණු 124කට සීමා කරගත් අතර, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ශෙහාන් ඩැනියල් ධර්මාශෝක විද්‍යාලයේ කඩුලු 6ක් ඩැහැ ගන්නා ලදි.

ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 184 (47.2): මුදිත ලක්ෂාන් 50, ශෙසාඩ් අමීන් 37,  මෙත්සිත් ජයමාන්න 30, ලොහාන් ද සොයිසා 3/33, කවිඳු අදීශන 3/41, උශාන් ඉමන්ත 2/40

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 313 (73.5): රවිදු රශන්ත 124,  කසුන් මදුරංග  40, උශාන් ඉමන්ත 31, ලොහාන් ද සොයිසා 30, කවිඳු නදීශාන් 27*, හර්ෂජිත් රෙශාන් 21, ශෙහාන් ඩැනියල් 6/85, මුදිත ලක්ෂාන් 2/93

ඩී.එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉනිම – 26/3 (7.5)


ගාල්ල මහින්ද විද්‍යාලයට එදිරිව කොළඹ මහානාම විද්‍යාලය

දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටි මෙම තරගය ගාල්ල මහින්ද පිටියේ දී පැවැත්වූ අතර, කාසියේ වාසිය තමන් සතුකරගත් මහින්ද විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. මෙම තරගයෙන් මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිවිය.

මහින්ද විද්‍යාලයට සාර්ථක අඩිතාලමක් ගොඩනැංවීමට උත්සාහ කල රවිදු හංසික ලකුණු 39කට දැවී ගිය අතර, මහානාම විද්‍යාලයේ දෙවන ඉනිම වෙනුවෙන් පවන් රත්නායක (46*) හා කවිඳු මුණසිංහ (42*) සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලදි.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 178 (47.3): දේශාන් හෙට්ටිආරච්චි 51, මලිදු මදුරංග 28, කවිඳු මුණසිංහ 21, කෙවින් කෙමිත 3/34, පසිදු දේශාන් 2/12, නිපුන් මාලිංග 2/36

මහින්ද විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 147 (73.4): රවිදු හංසික 39, විනුර හිරන්ජිත් 28, පැතුම් බොතේජු 2/16

මහානාම විද්‍යාලය දෙවන ඉනිම – 93/2 (27): පවන් රත්නායක 46*, කවිදු මුණසිංහ 42*


මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව කොළඹ ඉසිපතන විද්‍යාලය

ඉසිපතන විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි කර දුන් මෙම තරගයේ කාසියේ වාසිය තමන් සතුකරගත් සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 62ක් ලෙස වේල්ස් කුමර විද්‍යාලයේ පළමු ඉනිමේ ලකුණු පුවරුව දිස්විය. එම ඉනිමට සංජය ප්‍රනාන්දු නොදැවී ලකුණු 59*ක් ලබාගෙන පළමු ඉනිමේ ජය හෝ දිනා ගැනීමට වෑයම් කල ද ලහිරු ඩිල්ශාන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එම වෑයම අසාර්ථක විය. ඉසිපතන දෙවන ඉනිමට කලන පෙරේරා අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි.

ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම – සියල්ලෝම දැවී 305 (74.5): පැතුම් නිස්සංක 135, කලන පෙරේරා 41, හර්ෂ රත්නායක 28, හේශාන් ප්‍රනාන්දු 27, මලීශ රූපසිංහ 27, අයන සිරිවර්ධන 23, කෞමල් නානායක්කාර 5/110, තිලාන් නිමේෂ් 4/85

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 261 (80.5): සංජය ප්‍රනාන්දු 59*, ප්‍රින්ස් ප්‍රනාන්දු 51, තිලාන් නිමේෂ් 46, අවිදු ප්‍රනාන්දු 40, ලහිරු ඩිල්ශාන් 6/60

ඉසිපතන විද්‍යාලය දෙවන ඉනිම – 90/6 (29.1): කලන පෙරේරා 54, සවිදු පීරිස් 3/43, කෞමල් නානායක්කාර 2/39


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරගය

ධර්මපාල ක්‍රීඩා පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක ධර්මපාල විද්‍යාලයේ නායකයා පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරගයෙන් සාන්ත මරියා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිවිය.

මලිත් සඳකැලුම් ලකුණු 72ක් ලබා ගත්තද, ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 129කට අවසන් කිරීමට සාන්ත මරියා පන්දු යවන්නන් සමත් විය. සාන්ත මරියා දෙවන ඉනිම වර්ණවත් කල ගජිත කොටුවේගොඩ ලකුණු 109යි.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 177 (63.2): සජීව රංජිත් 56, සුජිත් කුමාර 24, මහීම වීරකෝන් 4/48, ඩිල්ශාන් ද සිල්වා 2/31, කලිදු සමරසිංහ 2/35

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 129 (46.4): මලිත් සඳකැලුම් 72, දමින්ද චන්ද්‍රසිරි 3/06, ලසිත උඩගේ 2/39

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉනිම – 220/7 (61): ගජිත කොටුවේගොඩ 109, සජීව රංජිත් 53, ඩිල්ශාන් ද සිල්වා 3/52


කොළඹ ආනන්ද විද්‍යාලයට එදිරිව කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ආනන්ද විද්‍යාලයේ දී කාසියේ වාසිය දිනූ ආනන්ද විද්‍යාලය මෙම තරගයෙන් කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අසේල සිගේරා මනරම් ශතකයක් සමඟින් ලකුණු 105 යි. ලකුණු 108ක් පෙරමුණේ පසුවෙමින් සිටිය දී තම පළමු ඉනිම අත්හිටුවා සාන්ත බෙනඩික්ට් දෙවන ඉනිම ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දුන් අතර, ඩිලාන් චතුරංග නොදැවී ලකුණු 45*ක් ලබාගෙන තම ඉනිමක පරාජයෙන් ගලවා ගන්නට සමත් විය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 149 (60.2): දිනිත බස්නායක 38, මහීෂ තීක්ෂණ 33, සම්මු අශාන් 2/14, සුපුන් වරාගොඩ 2/22, දිලීප ජයලත් 2/43

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම  – 257/9 dec (53.4): අසේල සිගේරා 105, සහන් සුරවීර 59, සම්මු අශාන් 28, කවීශ ජයතිලක 4/76, චලන සංකල්ප 2/34, මහීෂ තීක්ෂණ 2/58

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 153 (55.3): ඩිලාන් චතුරංග 45*, කවීෂ ජයතිලක 30, දිලීප ජයලත් 4/26, සුපුන් වරාගොඩ 2/22, අසේල සිගේරා 2/29

ආනන්ද විද්‍යාලය දෙවන ඉණිම – 46/1 (5): කවිශ්ක අංජුල 32*


පළමු දිනයට ක්‍රියාත්මක වන තරග,

කොළඹ සාන්ත පීතර විද්‍යාලයට එදිරිව මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කල මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සාන්ත පීතර පිටියේ දී පළමුව පන්දු යවන ලදි.

සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් අගනා පිතිකරණයක් දියත් කල විනුල් ගුණවර්ධන ලකුණු 61ක් ලබා ගත් අතර, විනුල් හා සන්තුෂ් ගුණතිලක මැදපෙළ සවිමත් කරමින් හොඳ සබඳතාවයක් ගොඩනංවන ලදි. මොහොමඩ් අල්ෆාර් හා ගිහාන් අචින්ත අතරේ කඩුලු 2ක බැගින් බෙදීයන ලදි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – 282/6 dec (78): විනුල් ගුණවර්ධන 61, සන්තුෂ් ගුණතිලක 53, ශාලිත ප්‍රනාන්දු 52, අනිශ්ක පෙරේරා 39, මනෙල්කාර් ද සිල්වා 31*, ශිවාන් පෙරේරා 23*, මොහොමඩ් අල්ෆාර් 2/34, ගිහාන් අචින්ත 2/42

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 8 (2):


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

පානදුර මහජන ක්‍රීඩා පිටියේ දී කාසියේ වාසිය ජය ගත් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සාන්ත තෝමස් විද්‍යාලයට ඇරයුම් කරන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලයේ පිතිකරුවන් තම පළමු ඉනිම ලකුණු 318ක් ලබාගෙන සිටිය දී අත්හිටුවූ අතර, රවිදු කොඩිතුවක්කු තම විද්‍යාලයට ශතකයක් දායාද කරන ලදි. මනුජ පෙරේරා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ පන්දු යවන්නන් වෙනුවෙන් කඩුලු 3ක් දවාලිය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 318/7 dec  (59.2): රවිදු කොඩිතුවක්කු 119, සිතාර හපුතන්ත්‍රී 56, රොමේෂ් නල්ලප්පෙරුම 36, මනුජ පෙරේරා 3/51, තුසිත් සොයිසා 2/60

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු 67(23):


කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එදිරිව මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

රුහුණු විශ්ව විද්‍යාල පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ජනාධිපති විද්‍යාලය පළමුව පන්දුවට පහර දී තම පළමු ඉනිමට ලකුණු 112ක් ලබා ගන්නා ලදි.  එහි දී සචින්ත ලියනගේ ලකුණු 41ක් ලබාගෙන උත්සාහවන්ත පිතිකරණයක නිරත විය. පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ කේශර නුවන්ත කඩුලු 5ක් දවාලන ලදි.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සර්වේසස් විද්‍යාලයට සසික දුල්ෂාන් අර්ධ ශතකයක් ලබාගෙන තරගයේ පළමු දිනය තුලම තම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ගෙන එන ලදි.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී 112 (39.2): සචින්ත ලියනගේ 41, කේශර නුවන්ත 5/26, ඉසුරු උදයංග 3/13

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 133/8 (53): සසික දුල්ෂාන් 51, තිලාන් ප්‍රශාන් 35, ප්‍රමුඛ ගයාෂාන් 2/20


කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එදිරිව කුරුණෑගල මලියදේව විද්‍යාලය

පළමු දිනය අවසානයේ තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 141ක්  ලෙස ලකුණු පුවරුව සනිටුහන් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක මලියදේව විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

දමිත සිල්වා හා ඩිල්ශාන් කොල්ලුරේ වටිනා සබඳතාවයක් මලියදේව පළමු ඉනිමට ගොඩනංවමින් පිළිවෙලින් ලකුණු 86ක් හා ලකුණු 70ක් ලබාගෙන දස්කම් දැක්වුවත් මැදපෙළ අසාර්ථක වීම නිසා ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 181කට සීමා විය. නවීන් ගුණවර්ධන කඩුලු 5ක් දවාලමින් එහි මූලිකත්වය ගන්නා ලදි.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 181 (53.1): දමිත සිල්වා 86, ඩිල්ශාන් කොල්ලුරේ 70, නවීන් ගුණවර්ධන 5/55, චරණ නානායක්කාර 2/19, සවන ප්‍රභාශ් 2/30

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 141/4 (29): යෙශාන් වික්‍රමාරච්චි 44, ඉමේෂ් විරංග 37, සවන ප්‍රභාශ් 22*

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට