සජිත් හා නජිත් සහිරා විද්‍යාලයට ජය ගෙන එයි

515

සිංගර් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ සහිරා විද්‍යාලය හා අනුරාධපුර මැදි විදුහල අතර තරගය ඊයේ (11) කොළඹ සහිරා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර, අද (12) අවසන් වූ මෙම තරගයෙන් ලකුණු 244ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සහිරා විද්‍යාලයට හැකි විය.

නිවන්ත හේරත් දක්ෂ පිතිකරණයක

අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරග කිහිපයක්ම අද (11) පැවැත්වූ අතර, අවසන් වූ තරග අතුරෙන් වේල්ස් කුමර විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලයට පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට හැකි විය.

සහිරා විද්‍යාලය තම දෙවන ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 40ක් ලබාගෙන ඉදිරියෙන් සිටිය දී දෙවන දිනය සඳහා තරගය ආරම්භ විය.

සහිරා විද්‍යාලයේ දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් මොහොමඩ් නජිත් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 100*ක් ලබා ගත්තේ මෙම තරගය පුරාවට ලකුණු 160ක් තම නම ඉදිරියෙන් සටහන් කර ගනිමිනි. සහිරා විද්‍යාලය, කඩුලු 6ක් දැවී ලකුණු 308ක් ඉදිරියෙන් සිටිය දී තම දෙවන ඉනිම අත්හිටුවා අනුරාධපුර විද්‍යාලය වෙනුවෙන් දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දුන්නේය. පන්දු යැවීමේ දී මදුරංග චන්ද්‍රරත්න කඩුලු 3ක් දවාලන ලදි.

තම දෙවන ඉනිමට පිටියට පැමිණි අනුරාධපුර මැදි විදුහල් පිතිකරුවන්ව යලිත් දමනය කිරීමට සාජිත් සමීරගේ දක්ෂ පන්දු යැවීමට හැකි වුණු අතර, ඔහු දෙවන ඉනිමේ තම කඩුලු ගොන්නට කඩුලු 5ක් එක් කර ගන්නා ලදි. එම ඉනිමට සඳරු මදුෂාන්ගේ ලකුණු 17 අභිබවා යමින් ලකුණක් ලබා ගැනීමට අනුරාධපුර මැදි විදුහල් පිතිකරුවන් අපොහොසත් විය.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 218 (57): මොහාමඩ් සමාශ් 83, මොහොමඩ් නජිත් 60, ඩිල්ශාන් ලක්ෂිත 3/24, සිතුම් නිල්මින්ද 2/20

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 58 (20): චිත්‍රක හිරන්ත 17, සාජිත් සමීර 4/15, හශ්මි හුසේන් 2/15

සහිරා විද්‍යාලය දෙවන ඉනිම  – කඩුලු 6ක් දැවී 148 dec (38.3): මොහොමඩ් නජිත් 100*, මදුරංග චන්ද්‍රරත්න 3/39, රවිනාත් ප්‍රභාෂ්වර 2/54

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 64 (23.3): සඳරු මදුෂාන් 17, සාජිත් සමීර 5/19, හශ්මි හුසේන් 4/17

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට