නිවන්ත හේරත් දක්ෂ පිතිකරණයක

487
Singer U19 schools cricket

අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරග කිහිපයක්ම අද (11) පැවැත්වූ අතර, අවසන් වූ තරග අතුරෙන් වේල්ස් කුමර විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලයට පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට හැකි විය. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ නිවන්ත හේරත් ලකුණු 148ක් වාර්තා කිරීමට අද සමත් විය.

බණ්ඩාරනායක විද්‍යාලයට ලකුණු 84ක ජයක්

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන දුන් තරගයක් ද ඇතුලුව සිංගර් අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරග රැසක්ම අද (10) සාර්ථක ලෙස පැවැත්විය.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට එදිරිව කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත අන්තෝනි පිටියේ දී නිමාවට පත්වූ මෙම තරගයෙන් සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි විය.

සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉනිමට පිළිතුරු ලෙස තම දෙවන ඉනිම වෙනුවෙන්  මොහොමඩ් අෆ්තාර් ලකුණු 60ක් එක් කරන ලදි. එහි දී හරීන් කුරේ කඩුලු 5ක් දවාලීමට සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලයේ දෙවන ඉනිම දිනය අවසන් වනතුරුම ඉතාමත් අවදානම් තත්ත්වයක තිබූ අතර, සාන්ත අන්තෝනි විද්‍යාලය ජෝසප් අවසන් කඩුලු දෙක දවා ගත්තා නම් නිසැකවම ජයග්‍රහණය ඔවුන්ට හිමිකර ගැනීමට තිබුණි.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 176 (49.3): ඩියෝන් ස්ට්‍රියුටර් 32, නිපුන් අශෝක් 26, සුනෙර ජයසිංහ 26, හරීන් කුරේ 5/45, නිපුන් සුමනසිංහ 3/26

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 127 (41.1): දිනෙත් මදුරාවල 54, සඳරුවන් ධර්මරත්න 5/39, විරාජිත ජයසිංහ 4/34

සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 128 (35.5): මොහොමඩ් අෆ්තාර් 60, හරීන් කුරේ 5/41, නිපුන් සුමනසිංහ 3/20

සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉනිම – 122/8 (58): දිනෙත් ජයකොඩි 31, හරීන් කුරේ 24, සඳරුවන් ධර්මරත්න 4/47


කොළඹ වෙස්ලි විද්‍යාලයට එදිරිව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

වේල්ස් කුමර විද්‍යාලයට ඉනිමක හා ලකුණු 16ක ජයක් හිමි කර දුන් මෙම තරගයේ දී සනෝජ් දර්ශික පළමු ඉනිමට ලකුණු 78ක් ලබාගෙන මෙවන් වූ ජයග්‍රහණයක් සඳහා මූලික අඩිතාලම සකස් කරන ලදි. මොවින් සුභසිංහ හා තාරුක ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවාලන ලදි. වෙස්ලි විද්‍යාලයට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 104ක් ලබා ගැනීමට තිබුණ ද එයට පෙර ක්‍රියාත්මක වූ වේල්ස් කුමර පන්දු යවන්නන් තම ජයග්‍රහණය වාර්තා කරන ලදී

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 165 (60.3): හසිත පෙරේරා 39, රුචික දංගල්ල 29, ශෙරන් වනිගසූරිය 28, තිසුරක අක්මීමන 21, තිලාන් නිමේෂ් 5/47, තාරුක ප්‍රනාන්දු 3/32

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම – 269/8 dec (56.5): සනෝජ් දර්ශික 78, සඳුන් ප්‍රනාන්දු 56, විශ්ව චතුරංග 34, මොවින් සුභසිංහ 3/86, රුචික දංගල්ල 3/67

වෙස්ලි විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 88 (36): හසිත පෙරේරා 49, සවිදු පීරිස් 2/06, තාරුක ප්‍රනාන්දු 2/17, සනෝජ් දර්ශික 2/22, තිලාන් නිමේෂ් 2/31


කොළඹ සාන්ත පීතර විද්‍යාලයට එදිරිව කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

පළමු දිනය අවසානයේ සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 43ක් ලෙස සනිටුහන් වූ මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ පළමු ඉනිමේ දැවැන්තයා වූ මහේෂ් තීක්ෂණ ලකුණු 62ක් ලබාගෙන සැලකිය යුතු ලකුණු මට්ටමකට තම විද්‍යාලයේ ලකුණු පුවරුව තනිවම රැගෙන එන ලදි. එහි දී චතුර ඔබේසේකර කඩුලු 5ක් දවාලමින් සාන්ත පීතර විද්‍යාලයට සවියක් විය. ලකුණු 141ක් පසුපසින් සිටිමින් තම දෙවන ඉනිමට මුහුණ දුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ලකුණු පුවරුවට එළියක් ලබා දුන් චමිදු විජේසිංහ ලකුණු 91ක් ලබාගෙන සිටිය දී දැවී යන ලදි. එහි දී සචින් සිල්වා ලකුණු 22කට කඩුලු 3යි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 302/6 dec (68): සන්තුෂ් ගුණතිලක 133*, අනිශ්ක පෙරේරා 58, ලක්ශින රොද්‍රිගෝ 58, මනෙල්කාර් ද සිල්වා 21, කවීෂ ජයතිලක 2/60

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 167 (57.2): මහේෂ් තීක්ෂණ 62, කවීෂ ජයතිලක 33*, චතුර ඔබේසේකර 5/41, මොහොමඩ් අමීන් 3/45

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දෙවන ඉනිම (f/o) – සියල්ලන්ම දැවී 199 (49.2): චමිදු විජේසිංහ 91, මහේෂ් තීක්ෂණ 48, සචින් සිල්වා 3/22, මනෙල්කාර් ද සිල්වා 3/48, මොහොමඩ් අමීන් 3/62

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම – 65/2 (7.5): ලක්ෂින රොද්‍රිගෝ 31*


කොළඹ ආනන්ද විද්‍යාලයට එදිරිව මහනුවර ධර්මරාජ විද්‍යාලය

ආනන්ද තණතීරුවේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ඔවුන් පළමුව පන්දුවට පහර දුන් අතර, ආනන්ද ලකුණු පුවරුව ලකුණු 335ක් දක්වා දිගු කර ගැනීමට ආනන්ද පිතිකරුවන් සමත් විය.

ආනන්ද විද්‍යාලයේ දක්ෂ පන්දු යැවීම හමුවේ ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 123කට සීමා වූ නිසා නැවතත් තම දෙවන ඉනිම ක්‍රියාත්මක කිරීමට ධර්මරාජ විද්‍යාලයට අවස්ථාව ලබා දෙන ලදි.  

ධර්මරාජ විද්‍යාලයේ නිවන්ත හේරත් ආනන්ද විද්‍යාලයේ ඉනිමක ජයග්‍රහණය සිහිනයක් කරමින් ලකුණු 148ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක් දියත් කර වීය. ඔහුට අගනා සහයක් ලබා දුන් සචින්ත සේනානායක ලකුණු 71යි.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 335/8 dec (63): කවිශ්ක අංජුල 105, අසේල සිගේරා 93, සුපුන් වරාගොඩ 57*, සම්මු අශාන් 31, ගිහාන් විතාරණ 5/141, නවිදු ඩිල්ශාන් 2/35

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 123 (46.2): සචින්ත සේනානායක 43, දේශාන් ගුණසිංහ 40, දිලීප ජයලත් 2/09, සහන් සුරවීර 2/15, සුපුන් වරාගොඩ 2/26, සම්මු අශාන් 2/44

මහනුවර ධර්මරාජ විද්‍යාලය දෙවන ඉනිම (f/o) – 267/7 (79): නිවන්ත හේරත් 148, සචින්ත සේනානායක 71, සුපුන් වරාගොඩ 2/43


පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය,

කොළඹ සහිරා විද්‍යාලයට එදිරිව අනුරාධපුර මැදි විදුහල

කාසියේ වාසිය හිමි කර ගත් සහිරා විද්‍යාලය තම සුපුරුදු තණතීරුවේ දී පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

තම පළමු ඉනිමට සහිරා විද්‍යාලය වෙනුවෙන් මොහොමඩ් සමාශ් ලකුණු 83ක් එක් කරමින් ලකුණු 218ක ලකුණු පුවරුවක් සහිරා විද්‍යාලයේ පළමු ඉනිමට ගොඩනැංවීය. තම පිළිතුරු පළමු ඉනිම දියත් කල අනුරාධපුර මැදි විදුහලට සාජිත් සමීරගේ දක්ෂ පන්දු යැවීම හමුවේ  සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 58ක් පමණි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 218 (57): මොහාමඩ් සමාශ් 83, මොහොමඩ් නජිත් 60, ඩිල්ශාන් ලක්ෂිත 3/24, සිතුම් නිල්මින්ද 2/20

මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 58 (20): චිත්‍රක හිරන්ත 17, සාජිත් සමීර 4/15, හශ්මි හුසේන් 2/15

සහිරා විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 40 (14):

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න ක්‍රිකට් ක්‍රීඩා පිටුවට 

WATCH MATCH REPLAY