නිස්සංකගේ පිත්ත ඉසිපතනයට නොසිතූ ජයක් ගෙන එයි.

882
Singer U19 Schools Cricket

ඉසිපතන විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයින් වන පැතුම් නිස්සංකගේ සහ සමිත් යසන්තගේ දක්ෂතා හේතුවෙන් ජය පරාජයෙන් තොරව නිමාවීමට තිබූ තරගයක් ජයග්‍රහණයකින් කෙලවර කරන්නට ඉසිපතන විද්‍යාලය සමත් විය. නමුත් සිංගර් පාසල් වයස අවුරුදු 19න් පහල තරගාවලිය අද දිනට (13) නිමාවට පත්වූ වේල්ස් කුමර – සහිරා විදුහල් අතර තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

පසුගිය ලිපි: සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලයට පහසු ජයක්

ශ්‍රී සුමංගල විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේදී අද දෙවැනි දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයෙන් ඉසිපතන විද්‍යාලයට කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිවිය. ඊයේ උදෑසන කාසියේ වාසිය දිනා ගත්තේද ඉසිපතනයයි. ඒ අනුව ප්‍රථමයෙන් පන්දු රැකීම තෝරාගත් ඔවුන් ශ්‍රී සුමංගල විද්‍යාලය සම්පූර්ණයෙන්ම දවාලන විට ලකුණු පුවරුව 295ක් ලෙස සටහන් වී තිබුණි. සුමංගල විද්‍යාලය වෙනුවෙන් හරිත් ලක්ෂාන් ලකුණු 138ක් රැස් කල අතර පුලිත යසස් අර්ධ ශතකයක් වාර්තා කරන ලදී. පන්දුවෙන් කඩුලු 4 බැගින් බිඳ හෙලන්නට හේෂාන් ප්‍රනාන්දු සහ ලහිරු ඩිල්ශාන් සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉසිපතනය ද දක්ෂ ලෙස පිතිකරණයේ යෙදෙමින් සුමංගල ප්‍රථම ඉනිමට වඩා එක් ලකුණක් ඉදිරියෙන් සිටිමින් සිය ඉනිම නිමා කරන්නට සමත් විය. ඉසිපතනයේ විශ්වාසනීය පිතිකරු පැතුම් නිස්සංක නැවතත් සාර්ථක වෙමින් ලකුණු 152ක් රැස් කිරීමට සමත් විය. කළණ පෙරේරා ලකුණු 79යි. සුමංගල විද්‍යාලය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වුනු සමිත් යසන්ත කඩුලු 6ක් බිඳ හෙලුවේය.

ජය පරාජයෙන් තොරව අවසන් වීමට තිබූ තරගය ඉසිපතන විද්‍යාලය දෙසට හැරෙන්නේ තරගයේ තෙවැනි ඉනිමේදීයි. එහිදී ශ්‍රී සුමංගල පිතිකරුවන් ලකුණු 103කට දවාගත් ඉසිපතන පන්දු යවන්නන් ජය මාවත විවර කර ගන්නට සමත් විය. සුමංගල පිතිකරුවන් අසරණ කළ මධුශික සඳරුවන් කඩුලු 5ක් දවාලමින් දස්කම් දැක්වීය.

ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 103ක ඉලක්කයට කඩුලු 2ක් පමණක් දැවී අද පස්වරුවේ ලඟාවුනු ඉසිපතන විද්‍යාලය මෙම තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට සමත් විය. ඉසිපතනය වෙනුවෙන් හේෂාන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 69ක් රැස්කර ගනිමින් ඉසිපතනයේ ජය තහවුරු කළේය.

ශ්‍රී සුමංගල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 295 (පන්දුවාර 69.5) හරිත් ලක්ෂාන් 138, පුලිත යසස් 53, නිපුන දේශාන් 27, හේෂාන් ප්‍රනාන්දු 4/49, ලහිරු ඩිල්ශාන් 4/49.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 296 (පන්දුවාර 62.2) පැතුම් නිස්සංක 152, කළණ පෙරේරා 79, නිපුන දේශාන් 4/96, සමිත් යසන්ත 6/58.

ශ්‍රී සුමංගල විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 103 (පන්දුවාර 43.4) මධුශික සඳරුවන් 5/12, සංජුල බණ්ඩාර 2/20, නෙරන්ජන් වන්නිආරච්චි 2/30.

ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 103 (පන්දුවාර 9) හේෂාන් ප්‍රනාන්දු 69*, කළණ පෙරේරා 40, සමිත් යසන්ත 2/23.


වේල්ස් කුමර විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර තරගය

වේල්ස් කුමර විද්‍යාලය සත්කාරකත්වය දැරූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් ප්‍රථම ඉනිම ජයග්‍රහණය වේල්ස් කුමාරවරුන් සතුවිය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔවුන් ප්‍රථම ඉනිමට රැස්කල ලකුණු සංඛ්‍යාව 282කි. ඒ වෙනුවෙන් ප්‍රින්ස් ප්‍රනාන්දු (108) ශතකයකින් දායක වූ අතර තිලාන් නිමේෂ් ලකුණු 75ක් රැස් කරන්නට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සහිරා විද්‍යාලයට රැස් කරගත හැකි වූයේ ලකුණු 157ක් පමණි. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 176ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ අතර අවිඳු ප්‍රනාන්දු සහ තිලාන් නිමේෂ් එහිදී අර්ධ ශතක රැස් කරන ලදී.

දිනය නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සහිරා විද්‍යාලීය පිතිකරුවෝ කඩුලු 6ක් දැවී ලකුණු 96ක් රැස් කරගෙන සිටියහ. සහිරා විද්‍යාලය පරාජයේ අවමානයෙන් ගලවාගත් මොහොමඩ් ශමාස් නොදැවී ලකුණු 70ක් රැස් කළේය.

වේල්ස් කුමර විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 282 (පන්දුවාර 78.3) ප්‍රින්ස් ප්‍රනාන්දු 108, තිලාන් නිමේෂ් 75, සඳුන් ප්‍රනාන්දු 32, එස්. සජිත් 4/71, මහිධි නමීස් 4/87.

සහිරා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 157 (පන්දුවාර 52) මොහොමඩ් රිෆාත් 36, තාරුක ප්‍රනාන්දු 2/11, සඳුන් ප්‍රනාන්දු 2/17, තිලාන් නිමේෂ් 3/44.

වේල්ස් කුමර විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 6ක් දැවී ලකුණු 176 (පන්දුවාර 32.1) අවිඳු ප්‍රනාන්දු 74, තිලාන් නිමේෂ් 51, ප්‍රින්ස් ප්‍රනාන්දු 21, ඉශාන් සන්සුදීන් 3/67.

සහිරා විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 6ක් දැවී ලකුණු 96 (පන්දුවාර 26) මොහොමඩ් ශමාස් 70*, අන්ජුල සහන් 3/17, තාරුක ප්‍රනාන්දු 2/08.


සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර තරගය

ප්‍රථම දිනයට පැවති තරගයක් වූ මෙය මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. කාසියේ වාසිය දිනූ සිල්වෙස්ටර් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 281ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ අතර ඒ වෙනුවෙන් අවිඳු හේරත් සහ මනූජ පෙරේරා අර්ධ ශතක වාර්තා කරන ලදී.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ධර්මරාජ විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 43ක් ලබා සිටියි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 281 (පන්දුවාර 76.3) අවිඳු හේරත් 81, මනූජ පෙරේරා 72, මන්ජිත් රාජපක්ෂ 41, රුක්මාල් දිසානායක 4/75, දේශාන් ගුණසේකර 2/21.

ධර්මරාජ විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 43 (පන්දුවාර 16) සුසිත් ද සොයිසා 2/07.


මලියදේව විද්‍යාලය සහ සාන්ත සර්වේසස් විද්‍යාලය අතර තරගය

මලියදේව විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ සර්වේසස් ක්‍රීඩකයෝ සත්කාරකයින්ට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළහ. ඒ අනුව මලියදේව විද්‍යාලය ප්‍රථම ඉනිමට රැස්කල ලකුණු සංඛ්‍යාව 254කි. පන්දුවෙන් දස්කම් දැක්වූ ශශික දුල්ෂාන් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

ප්‍රථම දිනය නිමාවන විට සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 64ක් ලබා සිටියි. හෙට තරගයේ දෙවන සහ අවසන් දිනයයි.

මලියදේව විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 254 (පන්දුවාර 73.4) සුපුන් සුමනරත්න 49, පවිත්‍ර ලියනගේ 36, චූලංග හෙට්ටිආරච්චි 37*, කවීන් බණ්ඩාර 30, ශශික දුල්ෂාන් 6/73, එස්. නෙත්මිණ 2/67.

සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 64 (පන්දුවාර 24) සුපුන් කවින්ද 26, සජීවන් ප්‍රියංකර 3/20.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට