තියුණු ජයක් සමඟ නාලන්දාවෝ අවසන් වටයට

319
Dasun S

සිංගර් කුසලාන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙදින හා සීමිත පන්දුවාර තරගයන් හි අවසන් වටයේ තරග මේ දිනවල පැවැත්වෙමින් තිබේ. ඒ අතර අද (13) කොළඹ නාලන්ද විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර පැවැත්වූ එක් තරගයක් කඩුලු 3කින් ජයග්‍රහණය කල නාලන්ද විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් විය.

ප්‍රේක්ෂක බාධා කිරීම් මැද එක්දින සටනේ ජය සෙබස්තියන් විද්‍යාලයට

සමස්ත මොරටු පුරවරයම උණුසුම් කරවන රන් සටනේ 32 වැනි සීමිත පන්දුවාර තරගය ජයග්‍රහණය කිරීමට ඊයේ (12) සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් විය. සෙබස්තියන් පිතිකරුවන් ජයග්‍රහණය ආසන්නයටම පැමිණ තිබූ මොහොතේ ක්‍රීඩා පිටිය මැදට කඩා වැදුණු ප්‍රේක්ෂකයින්ගේ නොමනා හැසිරීම නිසා තරගය නතර කිරීමට සිදු වූ බැවින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 62ක ජයක් සෙබස්තියන් විදුහල සතු විය.

මග්ගොන සරේ ගම්මාන පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

ඒ අවසරයෙන් පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් කවිශ් කුමාර හා රවිදු රශන්ත මැද පෙළ හා මුල් පෙළ සවිමත් කරමින් සාර්ථක ලකුණක් ධර්මාශෝක විද්‍යාලයේ ලකුණු පුවරුවට එක් කරන ලදි. එම ඉනිම් දෙකම අර්ධ ශතක වලින් කෙළවර කර ගැනීමට ඔවුන් දෙනොම වාසනාවන්ත විය. එහි දී මැද පෙළින් පිටියට පැමිණ විශිෂ්ට පිතිකරණයක නිරත වූ කවිශ් කුමාර ලකුණු 63ක් ලබා ගත් අතර, රවිදු රශන්ත මුල්පෙළින් තණතීරුවට අවතීර්ණ වී ලකුණු 53ක් තම විද්‍යාලයේ ලකුණු පුවරුවට එකතු කරන්නට සමත් විය.

එසේ යම් ස්ථාවර මට්ටමක පසු වූ ධර්මාශෝක විදුහල් ඉනිම, එක් මොහොතක දී කඩුලු  6ක් දැවී ලකුණු 177ක් ලෙස සටහන්ව තිබුණි. අවසානයේ ලකුණු 246ක් දක්වා තම ලකුණු පුවරුව සවිමත් කර ගන්නට කසුන් මදුරංග ද ලකුණු 32කින් දායක වී තිබුණි.

පන්දු යැවීමේ දී නාලන්ද විද්‍යාලය වෙනුවෙන් මාලිංග අමරසිංහ හා ලක්ෂිත රසාංජන පිළිවෙළින් ලකුණු 41කට හා ලකුණු 44කට කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

පන්දුවාර 50ක දී ලකුණු 247ක තරගකාරී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නාලන්ද විද්‍යාලය, පළමු පන්දුවාර 10ක් තුළ දී කඩුලු 2ක් දැවී ලකුණු 81ක් ලබා ගන්නා ලදි. එහි දී නායක දසුන් සෙනෙවිරත්න ලකුණු 59ක් වාර්තා කිරීමට සමත් විය. මැදපෙළ ශක්තිමත් කරමින් ලකුණු 54ක් ලබා ගත් සුහඟ විජේවර්ධන ද නාලන්ද ජයග්‍රහණයට සෘජු ලෙසම බලපෑ සාධකයක් බවට පත් විය.

කඩුලු 7ක් දැවී ලකුණු 228ක් ලෙස නාලන්ද ලකුණු පුවරුව එක් මොහොතක දිස් වෙද්දී කෙසේ හෝ අවසන් කඩුලු 3ත් ඉක්මනින් දවා ගනිමින් තම ජයග්‍රහණය සනිටුහන් කර ගැනීමට ධර්මාශෝක පන්දු යවන්නන් වෑයම් කල ද, එය සාර්ථක කර ගැනීමට නාලන්ද පසුපෙළ පිතිකරුවන් ඉඩ ලබා දුන්නේ නැත. අවසානයේ නාලන්ද විද්‍යාලයට කඩුලු 3ක තියුණු ජයග්‍රහණයක් හිමි වූයේ අවසන් පූර්ව වටයේ අසුනක් ද වෙන්කරවා ගනිමිනි.

ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් ලකුණු 36ක් තුල කඩුලු 2ක් දවාලීමට මනුරංග ද සොයිසා සමත් විය.

ධර්මාශෝක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 246 (පන්දුවාර 49.5): කවිශ් කුමාර 63, රවිදු රශන්ත 53, කසුන් මදුරංග 32, මාලිංග අමරසිංහ 3/41, ලක්ෂිත රසාංජන 3/44

නාලන්ද විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 248 (පන්දුවාර 48.1): දසුන් සෙනෙවිරත්න 59, සුහඟ විජේවර්ධන 54, කසුන් සඳරුවන් 29, ලක්ෂිත රසාංජන 25, කලන කත්‍රිආරච්ච් 20, මනුරංග ද සොයිසා 2/36

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට