ද මැසනොඩ් විද්‍යාලයට දැවැන්ත ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

63

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් පාසල් ක්‍රිකට් තරග දෙකක් අද (03) දිනයේ නිමා වූ අතර එම තරග දෙකෙන් එක් තරගයක් අවසන් වූයේ ද මැසනොඩ් විද්‍යාලයට ජයග්‍රහණය හිමිකර දෙමින්.

මලියදේව-ගුරුකුල සටන උණුසුම් වන ලකුණු

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත්…

අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් එහි පළමු ඉනිම ජය ගැනීමට මලියදේව විද්‍යාලය සමත් විය. 

දෙවන දිනයට පැවති තරග 

ද මැසනොඩ් විද්‍යාලය සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ද මැසනොඩ් විද්‍යාලය සමත් විය. කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ද මැසනොඩ් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 

එහි දී ද මැසනොඩ් විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පන්දුවාර 46කුත් එක් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 176ක් රැස්කර ගැනීමට සමත් විය. 

කසුන් එදිරිතිලක ලකුණු 62ක් රැස්කර ගනිමින් ඉනිම ස්ථාවර කළ පිතිකරුවා බවට පත්වන විට මලීෂ සිල්වා සහ උපනායක චරිත් රාජගුරු පිළිවෙලින් ලකුණු 30ක් සහ ලකුණු 28ක් වාර්තා කර ගැනීමට සමත් වූහ. පන්දු යැවීමේ දී සෙනාෂ් ප්‍රනාන්දු ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. 

නිම්න ප්‍රනාන්දු සහ සාලිය ජූඩ්  ද මැසනොඩ් විද්‍යාල මැදපෙළ සවිමත් කරමින් ලබා ගත් ලකුණු නිසාවෙන් ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 220ක් රැස්කරගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. 

ලකුණු 44ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසි සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල ක්‍රීඩකයින් හට පළමු ඉනිමේ දී මෙන් සාර්ථක වීමට අවස්ථාව ලැබුණේ නැත. මේ තරගය පුරාවට පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ සෙනාෂ් ප්‍රනාන්දු දෙවන ඉනිම තුල ද ලකුණු 30කට කඩුලු 5ක් දවාලමින් දස්කම් දක්වන ලදි.

ලකුණු 80ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹා ආ ද මැසනොඩ් ක්‍රීඩකයින් එම ඉලක්කය පන්දුවාර 18කුත් පන්දු 3ක් අවසානයේ සපුරා ගැනීමට සත්කාරක ද මැසනොඩ් ක්‍රීඩකයෝ සමත් වූහ.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය : 176 (46.1) කසුන් එදිරිතිලක 62, මලීෂ සිල්වා 30, චරිත් රාජගුරු 28, සෙනාෂ් ප්‍රනාන්දු 5/56, ප්‍රමෝද් රාජමුනීන්ද්‍ර 3/33, සිහින සිතුමිණ 2/26. සහ  124 (37.3) චරිත් රාජගුරු 23, චන්දුල ජයකොඩි 21, සෙනාෂ් ප්‍රනාන්දු 5/30, ප්‍රමෝද් රාජමුනීන්ද්‍ර 3/18.

ද මැසනොඩ් විද්‍යාලය : 220/8d (67) නිම්න ප්‍රනාන්දු 81, සාලිය ජූඩ් 55, රුවින් ෆොන්සේකා 27, ලෙස්ටර් ජයවීර 24. ශෂික බස්නායක 3/50, මලීෂ සිල්වා 2/48. සහ 84/3 (18.3) සිතුල් සේනාරත් 26, ලෙස්ටර් ජයවීර 24, මලීෂ සිල්වා 3/35.

ද මැසනොඩ් විද්‍යාලයට කඩුලු 7ක ජයක්

මලියදේව විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය 

C කාණ්ඩයේ තරගයක් ලෙස බුලත්සිංහල දී ආරම්භ වූ මෙම තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන මලියදේව විද්‍යාලය පන්දුවාර 17කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 43ක් රැස්කර ගෙන සිටියේ ලකුණු 78ක ඉදිරියක් ද ලබා ගනිමිනි. 

කාසියේ වාසිය දිනා ගත් ගුරුකුල විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් මලියදේව විද්‍යාලය සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 93ක් පමණි. ප්‍රවීන් නිමේෂ් මලියදේව පළමු ඉනිමේ කඩුලු 3ක් දවා ගන්නා විට, රශ්මික මෙවන් සහ තුෂාර මධුෂාන් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. 

අනතුරුව සිය පළමු පිළිතුරු ඉනිම දියත් කළ ගුරුකුල විද්‍යාල ඉනිම නොසිතූ ලෙස බිඳ වැටීම නිසා ලකුණු 58ක් වැනි අවම ලකුණකට ඔවුන්ගේ ඉනිම සීමා විය. එහි දී සුපිරි පන්දු යැවීමක නිරත වූ බ්‍රයන් කරුණානායක සහ ජයමිණ මුතුකුමාරණ පිළිවෙළින් කඩුලු 5ක් සහ කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්වූහ. 

දෙවන දිනය තුල මලියදේව දෙවන ඉනිම නොසිතූ මට්ටමකට අවසන් වීම නිසාවෙන් මේ තරගය දෙපිලටම ජය  ගැනීමට හැකි වාතාවරණයක් උදා විය. ඒ අනුව ලකුණු 117ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස පැමිණි ගුරුකුල විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටිය දී තරගයේ දිනය සඳහා නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීම නිසාවෙන් තරගය නිමා කිරීමට විනිසුරුවරුන් කටයුතු කළේය.

මලියදේව විද්‍යාලය: 93 (36.5) ප්‍රවීන් නිමේෂ් 3/25, රශ්මික මෙවන් 2/14, තුෂාර මධුෂාන් 2/19. සහ 81 (35.5) මුදිත ප්‍රේමදාස  33, තුෂාර මධුශාන් 3/13.

ගුරුකුල විද්‍යාලය: 58 (23.2) බ්‍රයන් කරුණානායක 5/32, ජයමිණ මුතුකුමාරණ 4/14. සහ 102/9 (48.3) රශ්මික මෙවන් 31, හසිඳු වර්ණපුර 5/35, සකිඳු විජේරත්න 3/27.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (පළමු ඉනිමේ ජය මලියදේව විද්‍යාලයට) 

ධර්මාශෝක විද්‍යාලයට පූර්ණ තරග ජයක්

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු…


පළමු දිනයට පැවති තරග 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූ සංචාරක රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ධර්මාශෝක විද්‍යාලයට ලබා දුනි.

ධර්මාශෝක විද්‍යාලය – 96 (42.2) ලොහාන් අරෝෂණ 46, කවිඳු නිර්මාණ 5/34, කල්ප නෙත්සර 3/17, සඳුන් මෙන්ඩිස් 2/17. 

රිච්මන්ඩ් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 144/7 (42.5) සඳුන් මෙන්ඩිස් 84*, බනුක මනෝහර 34.

ආනන්ද විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත පීතර විදුහල් පිටියේ පැවත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූ ආනන්ද විද්‍යාලය පළමු දිනය පුරාවට පන්දුවට පහරදෙන ලදි.

ආනන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 297/9 (96) කලන විජේසිරි 136*, කනිෂ්ක රන්තිලක 48, නෙත්ම කරුණාරත්න 33, රුවින් සෙනෙවිරත්න 5/66.

වෙස්ලි විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය 

සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී පැවති සුහද කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පළමුව පන්දුවට රැකීමට තීරණය කළේය.

වෙස්ලි විද්‍යාලය – 112 (53.2) ටිශාන් සේනානායක 47, දුනිත් වෙල්ලාලගේ 5/45.

සාන්ත ජෝසප් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 137/2 (39)

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සංචාරක සාන්ත තෝමස් විද්‍යාල යි.

සාන්ත තෝමස් විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) – 294/4 (82) රයන් ප්‍රනාන්දු 114, උමයංග සුවාරිස් 93*, මනීෂ රූපසිංහ 57*, විහඟ රුවනාර 2/32.

ත්‍රිත්ව විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය 

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය යි. 

ත්‍රිත්ව විද්‍යාලය  – 281/5d (62) උමෙයිර් රයිසාන් 103, ශේන් ගුණතිලක 111.

ලුම්බිණි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 89/7 (33) අභිෂේක් ආනන්දකුමාර් 3/25.

අද දින ආරම්භ වූ මෙම තරග දෙකම හෙට (04) දිනයේ දී දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<