මලියදේව-ගුරුකුල සටන උණුසුම් වන ලකුණු

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

79

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් පාසල් ක්‍රිකට් තරග දෙකක් අද (02) දිනයේ දී ආරම්භ විය.

නව වසර ආරම්භයේ දීම රාජකීයයන්ට පළමු ඉනිමේ ජයක්

ලැබුවා වූ නව දශකයක් සමඟ ආරම්භ වූ නව වසර ආරම්භ කරමින් සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළලැබුවා…..

ද මැසනොඩ් විද්‍යාලය සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ද මැසනොඩ් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 

එහිදී ද මැසනොඩ් විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පන්දුවාර 46 කුත් එක් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 176 ක් රැස්කර ගැනීමට සමත් විය. කසුන් එදිරිතිලක ලකුණු 62 ක් රැස්කර ගනිමින් ඉනිම ස්ථාවර කළ පිතිකරුවා බවට පත්වන විට මලීෂ සිල්වා සහ උප නායක චරිත් රාජගුරු පිළිවෙලින් ලකුණු 30 ක් සහ ලකුණු 28 ක් වාර්තා කරගැනීමට සමත් වූහ. පන්දු යැවීමේ දී සෙනාෂ් ප්‍රනාන්දු ලකුණු 56 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය. 

Photos: St. Sylvester’s College, Kandy vs De Mazenod College | U19 Cricket Tournament 2019/20

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ද මැසනොඩ් විද්‍යාලය කඩුලු 4 ක් දැවී ලකුණු 170 ක් රැස්කර ගෙන සිටියේ සාන්ත සිල්වෙස්ටර් පළමු ඉනිමවට වඩා ලකුණු 6 ක් පසුපසින් සිටිමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින නිම්න ප්‍රනාන්දු සහ සාලිය ජූඩ් පිළිවෙළින් ලකුණු 61* ක් සහ ලකුණු 40* ක් රැස්කර ගෙන සිටියි. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය : 176 (46.1) කසුන් එදිරිතිලක 62, මලීෂ සිල්වා 30, චරිත් රාජගුරු 28, සෙනාෂ් ප්‍රනාන්දු 5/56, ප්‍රමෝද් රාජමුනීන්ද්‍ර 3/33, සිහින සිතුමිණ 2/26.

ද මැසනොඩ් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 170/4 (46) නිම්න ප්‍රනාන්දු 61*, සාලිය ජූඩ් 40*, රුවින් ෆොන්සේකා 27, ලෙස්ටර් ජයවීර 24. 

වේගපන්දුවෙන් විකුම් පෑ අසමසම ‘මැකෝ’

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු බලඇණියක සිටි උසින් අඩුම ක්‍රීඩකයා ඔහු වන්නට පුළුවන. ඔහුගේ උස යාන්තම්…….

මලියදේව විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය 

C කාණ්ඩයේ තරගයක් ලෙස බුලත්සිංහල දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන මලියදේව විද්‍යාලය පන්දුවාර 17 කුත් පන්දු 4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 43 ක් රැස්කර ගෙන සිටියේ ලකුණු 78 ක ඉදිරියක් ද ලබා ගනිමිනි. 

කාසියේ වාසිය දිනා ගත් ගුරුකුල විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් මලියදේව විද්‍යාලය සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 93 ක් පමණි. ප්‍රවීන් නිමේෂ් මලියදේව පළමු ඉනිමේ කඩුලු 3 ක් දවා ගන්නා විට, රශ්මික මෙවන් සහ තුෂාර මධුෂාන් අතරේ කඩුලු 2 ක බැඟින් බෙදී ගියේය. 

අනතුරුව සිය පළමු පිළිතුරු ඉනිම දියත් කළ ගුරුකුල විද්‍යාල ඉනිම නොසිතූ ලෙස බිඳ වැටීම නිසා ලකුණු 58 ක් වැනි අවම ලකුණකට ඔවුන්ගේ ඉනිම සීමා විය. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ බ්‍රයන් කරුණානායක සහ ජයමිණ මුතුකුමාරණ පිළිවෙළින් කඩුලු 5 ක් සහ කඩුලු 4 ක් දවා ගනිමින් දස්කම් දැක්වූහ. 

මලියදේව විද්‍යාලය : 93 (36.5) ප්‍රවීන් නිමේෂ් 3/25, රශ්මික මෙවන් 2/14, තුෂාර මධුෂාන් 2/19. සහ 43/4 (17.4) ප්‍රවීන් නිමේෂ් 2/16. 

ගුරුකුල විද්‍යාලය : 58 (23.2) බ්‍රයන් කරුණානායක 5/32, ජයමිණ මුතුකුමාරණ 4/14.

අද දින ආරම්භ වූ මෙම තරග දෙකම හෙට (03) දිනයේ දී දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<