සාන්ත ජෝසප් සහ රාජකීයයට දැවැන්ත ජයග්‍රහණ

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

86

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (14) නිමා වූ තරගවල දී කොළඹ රාජකීය සහ සාන්ත ජෝසප් විද්‍යාල ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

කමිල් මිෂාර ජයග්‍රාහීව දෙවැනි ශතකයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු…

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය 

සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී නිමා වූ මෙම A කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 32ක ජයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය. 

ඊයේ දිනයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත ඇලෝසියස් නායක ඔමල් පලියපිටිය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිසි අතර ඒ අනුව ඔවුන් ලබා ගත්තේ ලකුණු 88ක් පමණි. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී දකුණතින් වේගපන්දු යවන ලක්ෂාන් ගමගේ ලකුණු 22කට කඩුලු 4ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය අද දිනය සඳහා තරගය අරඹන විට, කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා සිටියේය. අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිම අත්හිටුවන ලදි. එම ඉනිම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 70ක් හා නායක ජොහෑන් ද සිල්වා පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය.

ලකුණු 115ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම ලකුණු 83කට සීමා වූ නිසා සාන්ත ජෝසප් විද්‍යාලය මේ තරගය  ජයග්‍රහණය කරන ලදි. මිරංග වික්‍රමගේ ලකුණු 18කට කඩුලු 4ක් දවාලන විට, තරගය පුරාවට සිය තුන් ඉරියව් දස්කම් පෙන්වූ වෙල්ලාලගේ ලබාගත් ලකුණු 70ට අමතරව කඩුලු 6ක් ද දවා ගත්තේය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 88 (41.3) චානුක නිකේශන නොදැවී 27, ඔමල් සංජිත් 19, මිතුන් නිශාක 19, ලක්ෂාන් ගමගේ 4/22, දුනිත් වෙල්ලාලගේ 2/16, ජොහෑන් ද සිල්වා 2/17. සහ 83 (38): අර්ජුන නදීෂ 25, කවිඳු දිල්හාර 23, මිරංග වික්‍රමගේ 4/18, දුනිත් වෙල්ලාලගේ 4/38.

සාන්ත ජෝසප් විද්‍යාලය – 203/9d (55.3): දුනිත් වෙල්ලාලගේ 70, ජොහෑන් ද සිල්වා 51, දිනෙත් ජයකොඩි 24, දසුන් අහිශේක් 4/50, චාමික සඳරුවන් 2/19.

සාන්ත ජෝසප් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 32ක ජයක්

ශකිබ් නැහැ කියන්නේ ක්‍රීඩකයින් දෙන්නෙක් නැහැ වගේ – බංග්ලාදේශ නායක

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී තුන් ඉරියව් ක්‍රීඩක….

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය 

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී ඉතාමත් උණුසුම් මුහුණුවරක් සහිතව අවසන් වූ  මෙම තරගයේ දී රාජකීය විද්‍යාලය ප්‍රසාද ලකුණු 23.015 හිමිකරගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන නායක ලෙශාන් අමරසිංහ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 92ක් පමණි. එම ඉනිමේ කඩුලු 6ක් ලකුණු 23කට දවා ගැනීමට දකුණතින් පිට දඟපන්දු යවන ප්‍රශාන් සිල්වා සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය විද්‍යාලය වෙනුවෙන් කමිල් මිශාර පන්දු 217කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 158ක් ලබා ගන්නා ලදි. ඔහු මීට පෙර මෙම තරග වාරයේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව ද ශතකයක් රැස්කර ගත්තේය. කවිඳු චතුරංග ලකුණු 51යි.

ලකුණු 161ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට අවතීර්ණ වූ ඉසිපතන විද්‍යාල මුල්පෙළ පිතිකරුවන් සෙමින් සීරුවේ පිතිකරණයේ නිරත වෙමින් දිනයේ ඉතිරි පන්දුවාර කිහිපය තුල සිය කඩුලු රැකගැනීමට වෑයම් කළ ද, පළමු ඉනිමේ දී මෙන් නැවත වතාවක් ක්‍රියාත්මක වූ ප්‍රශාන් ද සිල්වා නැවතත් කඩුලු 6ක් දවා ගත්තේ තරගය පුරාවට කඩුලු 12ක් දවා ගනිමිනි. 

ඉසිපතන විද්‍යාලය – 92 (41.2) ප්‍රශාන් සිල්වා 6/23, ගිශාන් බාලසූරිය 2/29, කවිඳු පතිරත්න 2/18. සහ 139 (59.3): සවිඳු උත්සර 49, තෙවිඳු දික්වැල්ල 33, ප්‍රශාන් සිල්වා 6/30, මනුල පෙරේරා 2/13

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 253/5d (74): කමිල් මිශාර 158, කවිඳු චතුරංග 51, සදීශ රාජපක්ෂ 23, යසිරු කස්තුරිආරච්චි 2/47.

රාජකීය විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 22ක ජයක් 

පරණවිතාන ගඟට ඉණි කපයි.

සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම හා බංග්ලාදේශය අතර චැටොග්‍රම් හිදී පැවති තෙවන නිල නොවන එක්දින……

ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමාව දුටු මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ආනන්ද ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 144ක් පමණි.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි සත්කාරක මහින්ද ක්‍රීඩකයෝ තම දෙවන දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 59ක් රැස් කරගෙන සිටියේය. 

අවසානයේ එම ඉනිම ලකුණු 91කට සීමා කළ ඉසුරු අයේෂ් ඇතුළු ආනන්ද විද්‍යාල ක්‍රීඩකයෝ ලකුණු 53ක පළමු ඉනිමේ වාසියක් අතැතිව පිටියට පැමිණ කඩුලු 5ක් දැවී ලකුණු 132ක් ලබාගෙන ඔවුන්ගේ දෙවන ඉනිම අත්හිටුවන ලදි. 

එහි දී සුදීප අගුළුගහ 4 පහර 6 සහ 6 පහර 2ක් එල්ල කරමින් අගනා අර්ධ ශතකයක් ලබා ගත්තේය. අවසානයේ තරගය අයහපත් ආලෝක තත්වයෙන් බාධා එල්ල වුනු නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය. කෙසේ නමුත් ආනන්ද විද්‍යාලය මෙහි පළමු ඉනිමේ වාසිය හිමිකර ගත්තේ ආනන්ද විද්‍යාලයයි. 

ආනන්ද විද්‍යාලය – 144 (50) සොනර කරුණාතුංග 32, ජනිඳු ජයවර්ධන 29, කළණ විජේසිරි 21, කුසල් මධුශාන් 3/26, සුබානු රාජපක්ෂ 2/27, තීක්ෂණ සංජීව 2/39. සහ 132/5d (45): සුදීප අගුළුගහ 50, නෙත්ම කරුණාරත්න 28*, සුබානු රාජපක්ෂ 3/32.

මහින්ද විද්‍යාලය – 91 (57.5): සුබානු රාජපක්ෂ 30*, ශාක්‍ය සම්පත්  27, ඉසුරු අයේෂ් 4/22, දසුන් තාරක 2/30. සහ 136/6 (32) කෞශික කොඩිතුවක්කු 55, ශාක්‍ය සම්පත් 39, මහෝෂධ ප්‍රනාන්දු 3/20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<