ඩී. එස්. හමුවේ ද මැසනොඩ් පළමු ඉනිම ජය ගනියි

120

අනාගතය දිනන පාසල් ක්‍රිකට් තරු සොයා යන ගමන සඳහා සවියක් වන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (3) නිමා විය. එහි දී ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට කඳාන ද මැසනොඩ් විද්‍යාලය සමත් වීම කැපී පෙනුණි.

ප්‍රේමදාස 1000 පසුකරයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…

දෙවන දිනයට පැවැත්වූ තරගය

කඳාන ද මැසනොඩ් විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

ද  මැසනොඩ් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඔවුන්ට එරහිව සිය පළමු ඉනිම සඳහා ලකුණු 280ක් ලබා ගැනීමට නිම්න ප්‍රනාන්දු  ප්‍රමුඛ ද මැසනොඩ් විද්‍යාල පිතිකරුවන් සමත් විය.

එහි දී නිම්න ප්‍රනාන්දු ලකුණු 142ක් ලබා ගනිමින් ඉනිමේ කොඳු නාරටිය බවට පත් වෙද්දී, දකුණතින් පිතිකරණයේ නිරත වන සාලිය ජූඩ් ලකුණු 60ක් ලබා ගනිමින් නිම්නට අවශ්‍ය සහය ලබා දෙන ලදි.

එම ඉනිමට පිළිතුරු දීම සඳහා පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 93ක් ලබාගෙන ඉතාමත් අසීරු අඩියක පසු වූ නමුත් සසික චන්දිර සහ ටෙරෝන් බාස්කරන් ලබා ගත් ලකුණු සවියක් කරගනිමින් ලකුණු 180ක් වැනි සැලකිය යුතු මට්ටමේ ලකුණු පුවරුවක් සඳහා ඔවුන්ගේ පළමු ඉනිම ඔසවා තබා ගැනීමට ඔවුන්ට හැකි විය. ඊට අමතරව මනුර ගත්සර ද ලකුණු 32ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි.

Photos: St. Sylvester’s College, Kandy vs De Mazenod College | U19 Cricket Tournament 2019/20

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම ලකුණු 180කට සීමා වීම නිසා නැවතත් පන්දු යැවීමට තීරණය කළ ද  මැසනොඩ් විද්‍යාලයට එරෙහිව සිය දෙවන ඉනිම සඳහා ලකුණු 186ක් ලබා ගැනීමට අනිෂ්ක ද සොයිසා ඇතුළු ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩකයින් සමත් විය.

එමනිසා ලකුණු 87ක ජයග්‍රාහී ඉලක්කයක් සත්කාරක ද  මැසනොඩ් විද්‍යාලයට හිමි වුවත් තරගය අවසානයේ දී පන්දුවාර 7ක් තුල කඩුලු 2ක් දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 31ක් පමණි.

දකුණතින් මද වේගපන්දු යවන අසිත සිල්වා ඩී. එස්. සේනානායක විද්‍යාල පිතිකරුවන්ගේ ප්‍රධාන හිසරදය බවට පත්වෙමින් තරගය පුරාවට කඩුලු 5 අවස්ථාවන් දෙකක් ලබා ගන්නා ලදි. ඊට අමතරව සිහින සිතුමිණ තරගය පුරාවට කඩුලු 5ක් දවා ගත්තේය.

ද මැසනොඩ් විද්‍යාලය – 280 (66.5) නිම්න ප්‍රනාන්දු 142, සාලිය ජූඩ් 60, සහන් කෝසල 28, සෙනාෂ් ප්‍රනාන්දු 24, ධනංජය දාබරේ 3/37, මනීන්ද්‍ර ජයතිලක 2/28, සනෙරු දිසානායක 2/43. සහ 31/2 (7)

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 180 (66.4) සසික චන්දිර 49, ටෙරෝන් බාස්කරන් 38, මනුර ගත්සර 32, අසිත සිල්වා 5/63, සිහින සිතුමිණ 3/22 සහ (F/O) 186 (45.4) අනිෂ්ක ද සොයිසා 40, බණ්ඩාර යටාර 31, කලන ජයතිලක 24, අසිත සිල්වා 5/45, සිහින සිතුමිණ 2/26.

අමුතු එක්දින තරගයේ දී හයේ පහර 48යි; හතරේ පහර 70යි

බංග්ලාදේශයේ පැවැත්වෙන දෙවන පෙළ එක්දින ක්‍රිකට් තරගයක දී කණ්ඩායම් ද්විත්වයම එක්ව…


පළමු දිනයට පැවති තරග

කොළඹ මහානාම විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

නාලන්දා විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයින් පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

මහානාම විද්‍යාලය – 175 (75.3) දිලීෂ තුඩුවගේ 53, සවිඳු කාවින්ද 23, පවන් රත්නායක 22, ජිතේෂ් වාසල 4/45, දිනෙත් සමරවීර 3/34, චමෝද්‍ය රාජපක්ෂ 2/30

නාලන්දා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 48/5 (16.3) අවිශ්ක පෙරේරා 23, නිසල් ආකාශ් 3/15, අචින්ත සුපුන් 2/00.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය – 252 (80.1) නිපුන් සමරසිංහ 54, හිරුෂ ජීවජිත් 49, සචිර රශ්මික 34, හිරන්ත ලක්ෂාන් 29, මොහොමඩ් මහධි 4/54, මොහොමඩ් ඩිල්ශාන් 2/35, ඉශාන් රුහයීම් 2/49, ඉම්තියාස් ස්ලාසා 2/61.

සහිරා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 34/0 (10)

කලකට පසු එංගලන්ත ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා සංචාරයට

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී නැවතත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට…

වෙස්ලි විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

BRC ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

වෙස්ලි විද්‍යාලය – 266 (74.4) සාහිල් ඩයස් 58, නිම්තක අධිකාරි 51, බුද්ධිම විජයසුන්දර 36, රමේෂ් මධුසංක 4/49, යසිරු ජයසිංහ 3/79, ටශික් නිර්මාල් 3/73.

ලුම්බිණි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 50/0 (16)

පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (4) දෙවන දිනය වෙනුවෙනුත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<