ඩී. එස්. ක්‍රීඩකයෝ නව වසර ජයග්‍රහණයෙන් සමරති

596

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර අද (01) බී. ආර්. සී. පිටියේ දී නිමා වූ තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය.

වේල්ස් කුමරුවන් දැවැන්ත ජයක් ලබාගෙන 2018ට තිත තබයි

සිංගර් කුසලාන පළමු පෙළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක පාසල් ක්‍රිකට් තරග කිහිපයක් අද (31) පැවැත්විය. එහි දී කෝට්ටේ ජනාධිපති විද්‍යාලය…

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි පළමුවෙන් පන්දුවට පහර දුන් ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 74ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 164ක් ලබා ගත් හ.

ලකුණු 90ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලුම්බිණි ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වෙන විට කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබා සිටිය හ. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 86ක් පිටුපස සිටිමින් අද ඉනිම ඇරඹූ ලුම්බිණි ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 142ක් ලබා ගත් හ.

එම ඉනිම වෙනුවෙන් ප්‍රභාත් මධුශංක (35) සහ පසිඳු පමෝදිත් (30) ලකුණු අතරට පිවිසි අතර පන්දු යැවීමේ දී මුදිත ලක්ෂාන් ලකුණු 32කට කඩුලු 6ක් දවා ගනිමින් ලුම්බිණියන් අමාරුවේ දැමුවේය.

ක්‍රිකට් පිටියෙන් පාර්ලිමේන්තුවට කරණම් ගැසූ බංග්ලාදේශ සුපිරි තරුව

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රෆි මෝර්ටාසා ක්‍රිකට් පිටියෙන් ඔබ්බට එක් ඉදිරි පියවරක් තබමින් ජනතා සේවය සඳහා සිය කාලය කැප කිරීමට වන සූදානමක්…

ජයග්‍රහණය සඳහා ලකුණු 53ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ලුම්බිණි ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගනිමින් 2019 වසර ජයග්‍රහණයෙන් සැමරූ හ. එම ඉනිම වෙනුවෙන් මුදිත ලක්ෂාන් ලකුණු 22ක් ලබා ගත්තේ ය.

ලුම්බිණි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී  74 (43.2) සොහාන් ඩිල්ශාන් 26, චමත් යටවර 5/14, මෙතුශාන් කුමාර 4/28.

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (43.1) සඳරු වික්‍රමරත්න 44, ප්‍රභාත් මදුසංක 5/36, රවිෂ්ක විජේසිරි 3/41.

ලුම්බිණි විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 142 (51.2) ප්‍රභාත් මධුශංක 35, පසිඳු පමෝදිත් 30, මුදිත ලක්ෂාන් 6/62, මෙතුෂාන් කුමාර 3/31

ඩී. එස්. සේනානායක විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 53 (12.5) මුදිත ලක්ෂාන් 22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<