අවිශ්ක සහ හරිඳු නොදැවුණු ලකුණු 194ක සබඳතාවක්

409

දකුණත් පිතිකරු අවිශ්ක තරිඳුගේ ශතකයත්, වමත් පිතිකරු හරිඳු පසිඳුගේ අර්ධ ශතකයක් හේතුවෙන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය කණ්ඩායම අද (27) සමත් විය.

>>ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව ස්කොට්ලන්තයේ සංචාරයක

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටස නියෝජනය කරන වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ දෙවැනි කොටස නියෝජනය කරන කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර අද කටුනේරියේ දී ආරම්භ වූ තරගයේ දී කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 248ක් ලබා ගත්හ.

එම ඉනිමේ දී අවිශ්ක තරිඳු පන්දු 222කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තේ ය. ඊට අමතරව හරිඳු පසිඳු පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 81ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී සිතුම් අකලංක ලකුණු 62කට කඩුලු 2ක් ලබා ගත්තේ ය.

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 248 (105): අවිශ්ක තරිඳු නොදැවී 102, හරිඳු පසිඳු නොදැවී 81, සිතුම් අකලංක 2/62

තරගය හෙට (28) දිනයේත් පැවැත්වීමට නියමිත ය.

>>එස් .එස්. සී. ක්‍රීඩකයෝ Emerging ශූරතාව දිනා ගනී

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

ගල්කිස්සේ දී අද (27) අවසන් වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.  

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 328ක් ලබා ගත්තේ ය.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ශලින් ද මෙල් පන්දු 237කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 136ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව රවිඳු ද සිල්වා පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේ ය.

ශලින් ද මෙල් සහ රවිඳු ද සිල්වා අතර තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 107කි. ඊට අමතරව ශලින් ද මෙල් සහ නායක සිතාර හපුහින්න එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 170ක දී ලකුණු 114ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූහ. සිතාර හපුහින්න ලබා ගත් ලකුණු සංඛ්‍යාව 46කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 77ක් වැය කළ අතර හතරේ පහර 4ක් එල්ල කර තිබුණි.

ඊට අමතරව ආරම්භක පිතිකරු ඩියන් ප්‍රනාන්දු ලකුණු පන්දු 44ක දී ලකුණු 42ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී තෂීක් පෙරේරා ලකුණු 50කට කඩුලු 3ක් ද, විනුජ රණසිංහ ලකුණු 94කට කඩුලු 3ක් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 165ක් පමණි. එම ඉනිමේ දී නායක නුවනිඳු ප්‍රනාන්දු පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 52ක් ලබා ගත්තේ ය.

>>සාන්ත සෙබස්තියන් – සාන්ත තෝමස් පාසල් ක්‍රිකට් තරගයේ සේයා රූ<< 

සාන්ත සෙබස්තියන් ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 155 දී දැවී ගිය ඉතිරි කඩුලු 4 ලකුණු 10ක් දී ලබා ගැනීමට සාන්ත තෝමසුවෝ සමත් වූ හ. එහි දී ඩිල්මින් රත්නායක ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේ ය. ඊට අමතර ව කළණ පෙරේරා සහ ඩෙලොන් පීරිස් කඩුලු 2 බැගින් දවා ගත් හ.

ලකුණු 163ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ තරගය අවසන් වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 143ක් ලබා සිටියහ.

එම ඉනිමේ දී නැවත වතාවක් අර්ධ ශතකයක් ලබා ගැනීමට නායක නුවනිඳු ප්‍රනාන්දු සමත් විය. ඔහු පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ආරම්භක පිතිකරු නිශිත අභිලාශ් පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේ ය.  

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 328 (82.1): ශලින් ද මෙල් 136, ඩියන් ප්‍රනාන්දු 42, සිතාර හපුහින්න 46, රවිඳු ද සිල්වා 67, කිශාන් මුණසිංහ 26, තෂික පෙරේරා 3/50, විනුජ රණසිංහ 3/94

සාන්ත සෙබස්තියන් විද්‍යාලය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (62.2): නිශිත අභිලාශ් 34, නුවනිඳු ප්‍රනාන්දු 52, රුමේෂ් මෙන්ඩිස් 25, කළණ පෙරේරා 2/38, ඩිල්මින් රත්නායක 4/27, ඩෙලොන් පීරිස් 2/34

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 143 (46) නිශිත අභිලාශ් 62, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 58

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<