ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක්

210

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (12) නිමා වූ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරගයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය.

සහිරා පන්දු යවන්නෝ ජනාධිපති විද්‍යාලය මට්ටු කරති

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරගාවලියේ තරග කිහිපයක්….

පන්නිපිටිය ධර්මපාල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක අතර තරගය

පන්නිපිටියේ දී අද (12) අවසන් වූ මෙම තරගයේ දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි විය.

කාසියේ වාසිය දිනූ ධර්මාශෝක විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 131ක් ලබා ගත්හ. ඔවුන්ගේ ඉනිමේ නෙල්සන් අවස්ථාවේ දී (ලකුණු 111) කඩුලු 3ක් දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වීම කැපී පෙණුනි. කෙසේ වෙතත් ධර්මාශෝක ඉනිම වෙනුවෙන් හසිත රාජපක්ෂ පන්දු 125ක දී ලකුණු 45ක් ද ලොහාන් ද සොයිසා පන්දු 104ක දී ලකුණු 40ක් ලබා ගත්හ.

කඩුලු දවා ගැනීමේ දී ඩිල්ශාන් ද සිල්වා සහ චමිඳු සමරසිංහ කඩුලු 4 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ධර්මපාල විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 119කි. එම ඉනිමේ දී විහඟ ගුණතිලක ලකුණු 34ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

පන්දු යැවීමේ දී ලක්ෂාන් ධනංජය සහ ලොහාන් ද සොයිසා  කඩුලු 3 බැගින් දවා ගත් අතර අභීත් චන්ද්‍රගුප්ත කඩුලු 2ක් දවා ගත්තේ ය.

ලකුණු 12ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ එවර කඩුලු 9ක් දැවී ලකුණු 121ක් ලබා ගනිමින් ඉනිම අත්හිටු වීමට තීරණය කරන ලදි. එම ඉනිමේ දී කවිඳු නදීශාන් පන්දු 79කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 58ක් ලබා ගත්තේ ය. පළමු ඉනිමේ දී ද ලකුණු 40ක් ලොහාන් ද සොයිසා දෙවැනි ඉනිමේ දී ලකුණු 40ක් ලබා ගත්තේ ය.

ICCය දඟයන්ට ලෙඩ දානවද?

සාර්ථක ක්‍රිකට් පන්දු යවන්නෙකු බිහිවෙන මූලික ලකුණු පහළවන්නේ ඔහුගේ පළමු තරග කිහිපයේදීමයි. ඒ ලබා ගන්නා…..

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යවන චමිඳු සමරසිංහ ලකුණු 37කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

සත්කාරක ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට පිටියට පිවිසියේ ජයග්‍රහණය සඳහා ලකුණු 134ක ඉලක්කයක් වෙත යෑම අරමුණු කර ගනිමිනි. නමුත් දිනය සේ ම තරගය අවසන් වෙන විට ඔවුන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 3ක් දැවී ලකුණු 90ක් පමණි.

එම ඉනිමේ දී දුලාජ් එගොඩගේ පන්දු 66ක දී හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 45ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ලොහාන් ද සොයිසා ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

ධර්මාශෝක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (59.5): හසිත රාජපක්ෂ 45, ලොහාන් ද සොයිසා 40, කවිඳු නදීශාන් 26, ඩිල්ශාන් ද සිල්වා 4/46, චමිඳු සමරසිංහ 4/20

ධර්මපාල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 119 (56): දුලාජ් එගොඩගේ 26, විහඟ ගුණරත්න 34, ලක්ෂාන් ධනංජය 3/23, අභීත චන්දුගප්ත 2/23, ලොහාන් ද සොයිසා 3/21

ධර්මාශෝක විද්‍යාලය; දෙවැනි ඉනිම  කඩුලු 9ක් දැවී 121 (48.3): ලොහාන් ද සොයිසා 40, කවිඳු නදීශාන් 58, ඩිල්ශාන් ද සිල්වා 2/45, චමිඳු සමරසිංහ 5/37

ධර්මපාල විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 90 (25): අවිශ්ක හසරින්ද 23, දුලාජ් එගොඩගේ නොදැවී 45, ලොහාන් ද සොයිසා 2/23


කොළඹ නාලන්දා සහ බම්බලපිටිය සාන්ත පීතර අතර තරගය (B කාණ්ඩය)

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ සාන්ත පීතර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාලන්දා විද්‍යාලය පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 241ක් ලබා ගත්හ. එම ඉනිමේ දී ලක්ෂිත රසාංජන ලකුණු 78ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.

කඩුලු ලබා ගැනීමේ දී සන්තුෂ් ගුණතිලක ලකුණු 10කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව ශිවාන් පෙරේරා කඩුලු දෙකක් දවා ගත්තේ ය.

කලාතුරකින් වැටුණු වැස්සෙන් තරගය සමව නිමා වේ

නවසීලන්තය හා පාකිස්තානය අතර තරගාවලියේ නියම ජයග්‍රාහකයින් සොයා යාම වෙනුවෙන් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්…..

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත පීතර ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 27ක් ලබා ගත්හ. තරගය පළමු දිනයට අවසාන කරන විට භානුක සිල්වා නොදැවී ලකුණු 20ක් ලබා සිටියේ ය.

තරගය හෙට (13) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.

නාලන්දා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 (85.2): ලක්ෂිත රසාන්ජන 78, ඩිල්හාර පොල්ගම්පොළ 26, ජනිත් කල්දේරා 23, රනිඳු ද සිල්වා 22, සන්තුෂ් ගුණතිලක 3/10, ශිවාන් පෙරේරා 2/26

සාන්ත පීතර විද්‍යාලය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 27 (7): භානුක සිල්වා නොදැවී 20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <