නිශාන් මධුශ්ක තෙවැනි ශතකයත් රැස් කරයි

288

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී අද (18) පැවති තරග අතරින් මොරටු මහා විද්‍යාලයේ නායක නිශාන් මධුශ්ක මෙවර තරගවාරයේ වාර්තා කරන තෙවැනි ශතකය ලබා ගැනීමට සමත් විය.

මේ අතර අද නිමා වූ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගයේ දී කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් වීම කැපී පෙනුණි.

කෙවින් නිම්ශාන්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට්

මොරටු විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් අතර තරගය

මොරටුවේ දී අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 141ක් ලබා ගත්හ. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී විශ්ව දිදුලන ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මොරටු විද්‍යාලය දිනය අවසන් වෙන විට කඩුල්ලක් දැවී ලකුණු 174ක් ලබා සිටියේ ය.

එම ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ නිශාන් මධුශංක නොදැවී ලකුණු 106ක් ලබා ගත්තේ ය. එය ඔහු මෙම තරගවාරයේ ලබා ගත් තෙවැනි ශතකයයි. ඔහු මීට පෙර මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය (173) සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (124)ට එරෙහිව ශතක ලබා සිටියේ ය. ඔහුට අමතරව චමල්ක පුෂ්පකුමාර දිනය අවසන් වෙන විට නොදැවී ලකුණු 47ක් ලබා සිටියේ ය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (54.5) නිපුන් දනංජය28, තුශාර ප්‍රනාන්දු 25, අවිඳු ශෙහාර 23, විශ්ව දිදුලන 5/35, එරාන් හනසමාල් 2/33

මොරටු මහා විද්‍යාලය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 174 (41) නිශාන් මධුශංක නොදැවී 106, චමල්ක පුෂ්පකුමාර නොදැවී 47

මෙම තරග දෙවැනි දිනයටත් (19) ක්‍රියාත්මක ය.

ලහිරු කුමාරට නැවතත් වැඩ වැරදි

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මේ දිනවල නවසීලන්තයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට්


මහනුවර කිංග්ස්වුඩ් සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල අතර තරගය

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද අවසන් වූ මෙම තරගයේ දී වත්තල සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ පළමු ඉනිමේ දී ලත් අවාසියත් සමඟින් තරගයේ දී කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීම කැපී පෙනුණි.

කාසියේ වාසිය දිනූ කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිස තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 124කි. ඊට පිළිතුරු ලෙසින් සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ  ලකුණු 81ක් පමණි. ලකුණු 43ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 113ක් ලබා ගත්හ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 157ක ඉලක්කයක් පසුපස ගිය සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ කඩුලු 3ක් අතැතිව තිබිය දී තරගය ජයග්‍රහණය කරා පිය නැගූහ. එම ඉනිමේ දී ජොයෙල් පින්ටෝ අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

කිංග්ස්වුඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 124 (43.3) හසිත ගමගේ 29, හර්ෂණ වික්‍රමසිංහ 23, පැතුම් විහඟ 3/24, අශේන් මලිත් 3/47, කවීශ දුලාංජන 2/29

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 81 (35.3) දිනුක් විශාල් 19, දීගායු බණ්ඩාර 2/13, හර්ෂණ වික්‍රමසිංහ 2/18, ලක්මාල් ද සිල්වා 2/29

කිංග්ස්වුඩ් විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 113 (35.2) අචල බෝගොඩවත්ත 48, දේවින්ද දසනායක 21,  පැතුම් විහඟ 5/41, ජොයෙල් පින්ටෝ 3/09

සාන්ත අන්තෝනි විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 158 (55) ජොයෙල් පින්ටෝ 70, ගිහාන් සත්මික 22,  හර්ෂණ වික්‍රමසිංහ 3/29, ලක්මාල් ද සිල්වා 2/50

ඕස්ට්‍රේලියානුවෝ ඉන්දියාවට එරෙහිව 1-1 කරති

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4කින්


මහනුවර සාන්ත සිල්වෙස්තර සහ ගාල්ල මහින්ද විද්‍යාල අතර තරගය

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනූ මහින්ද විද්‍යාලයේ නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 293ක් ලබා ගත් හ. ඊට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහින්ද විද්‍යාලය පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 188ක් පමණි.

Photo Album : St. Sylvester’s College vs Mahinda College – U19 Cricket Tournament 2018/19

ලකුණු 105ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලය එම ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 224ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූහ. එම ඉනිමේ දී හංසික වැලිහිඳ සහ දනුජ ඉඳුවර අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 120ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත සිල්වෙස්තර විද්‍යාලය තරගය අවසන් වෙන විට කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා සිටියේ ය.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (80.4) කෙවින් නිම්ශාන් 140, නදීර බාලසූරිය 58, චරිත් රාජගුරු 45, සුබානු රාජපක්ෂ 3/49, කවීශ මල්ලියාවඩු 3/49, පසන් පෙතන්ගොඩ 2/59

මහින්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 188 (43) ලහිරු භාෂණ 29, අශේන් කණ්ඩම්බි 56, පසන් පෙතියාගොඩ 39, නදීර බාලසූරිය 4/56, හසිඳු නිශංක 3/33, චරිත් රාජගුරු 2/31

මහින්ද විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 224 (56) හංසික වැලිහිඳ 82, දනුජ ඉඳුවර 59, විනුජ දුල්සර 39, නදීර බාලසූරිය 4/52

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 34 (7) පසන් පෙතියාගොඩ 3/11


මාතර සාන්ත සර්වේසස් සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාල අතර තරගය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී අද (18) ඇරඹි මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ධර්මපාල විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 167ක් ලබා ගත්තේ ය. ඊට පිළිතුරු ලෙසින් දිනය අවසන් වෙන විට සත්කාරක සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 91ක් ලබා සිටියේ ය.

Photos: St. Sylvester’s College vs Mahinda College – U19 Cricket Tournament 2018/19

එම ඉනිම වෙනුවෙන් ආරම්භක දකුණත් පිතිකරු පුෂ්පිත ඩිල්ශාන් පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා සිටියේ ය.  

ධර්මපාල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (51.2) අවිශ්ක හසරින්ද 39, විහඟ ගුණරත්න 34, තරිඳු සඳරුවන් 27, අමිල දයානක 20, චේතක දෙනුවන් 4/46, ශෂික දුල්ශාන් 3/41, මතීෂ මධුශාන් 2/33

සාන්ත සර්වේසස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 91 (31) පුෂ්පිත ඩිල්ශාන් නොදැවී 42, චේතක දෙනුවන් 36

මෙම තරගය දෙවැනි දිනයට (19)ත් ක්‍රියාත්මක ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<