කෙවින් නිම්ශාන්ගෙන් ශතකයක්

158

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ කෙවින් නිම්ශාන් ශතකයක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුණි.

ගාල්ල මහින්ද විද්‍යාලය හා සමඟ මහනුවර දී පැවති මෙම තරගය දෙවැනි දිනයටත් (18) ක්‍රියාත්මකයි.

පෙරළිකාර ජයග්‍රහණයක පහස ඉසිපතනයට

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය …

මහනුවර සාන්ත සිල්වෙස්තර සහ ගාල්ල මහින්ද විද්‍යාල අතර තරගය

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මහින්ද විද්‍යාලයේ නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 293ක් ලබා ගත්හ. එම ඉනිමේ දී කෙවින් නිම්ශාන්ගේ ශතකයට අමතරව නදීර බාලසූරිය ද අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී සුබානු රාජපක්ෂ සහ කවීශ මල්ලියාවඩු කඩුලු 3 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහින්ද විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 59ක් ලබා සිටියේ ය.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (80.4) කෙවින් නිම්ශාන් 140, නදීර බාලසූරිය 58, චරිත් රාජගුරු 45, සුබානු රාජපක්ෂ 3/49, කවීශ මල්ලියාවඩු 3/49, පසන් පෙතන්ගොඩ 2/59

මහින්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 59 (13) ලහිරු භාෂණ 29

ශෙල්ඩන් සහ හෝප් බංග්ලාදේශය වනසා දමයි

බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන …..

මහනුවර කිංග්ස්වුඩ් සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල අතර තරගය

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනයේ දී ම දෙවිදුහල් හි ම ක්‍රීඩකයෝ තම පළමු ඉනිම් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරගනිමින් නිමා කර ගත්හ.

Photo Album : St. John’s College,Jaffna vs Royal College, Panadura | U19 Division II

 

කාසියේ වාසිය දිනූ කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිස තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 124ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ  ලකුණු 81ක් පමණි.

තරගයේ පළමු දිනය නිමා වෙන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 17ක් ලබා සිටිය හ.

කිංග්ස්වුඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 124 (43.3) අසිත ගමගේ 29, හර්ෂණ වික්‍රමසිංහ 23, පැතුම් විහඟ 3/24, හශේන් මලික් 3/48, කවීශ දුලාංජන 2/29

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 81 (35.3) දීගායු බණ්ඩාර 2/13, හර්ෂණ වික්‍රමසිංහ 2/18, ලක්මාල් ද සිල්වා 2/29

කිංග්ස්වුඩ් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 17 (7.1) පැතුම් විහඟ 2/04

මෙම තරග දෙවැනි දිනයටත් (18) ක්‍රියාත්මක ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<