ඉසිපතනයේ රවිඳු රත්නායක මංගල ශතකය රැස් කරයි

179

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර පැවැත්වෙන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (13) ආරම්භ වූ සුහද තරගයේ දී ඉසිපතන විද්‍යාලයේ රවිඳු රත්නායක මෙම වයස් කාණ්ඩයේ පළමු පෙළ මංගල ශතකය රැස් කිරීමට සමත් විය.

සීතල දෙසැම්බරය ප්‍රථමයෙන් උණුසුම් කරන්නේ කවුරුන් ද?

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර..

කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ලුම්බිණි විද්‍යාලයීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 218ක් ලබා ගත්හ.

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් වමතින් පිත්ත හැසිර වූ රවිඳු රත්නායක පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 113ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඔහු අශාන් ගුණවර්ධන හා එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 88ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක විය.

Photos : Isipathana College vs Lumbini College | Singer U19 Cricket Tournament 2018/19 | Day 1

අශාන් ගුණවර්ධන පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 20කි.

පන්දු යැවීමේ දී වමතින් දඟ පන්දු යැවූ රවිශ්ක විජේසිරි ලකුණු 40කට කඩුලු 5ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව ප්‍රභාත් මධුශංක කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 78ක් පමණි.

කාසියේ වාසියට සමුදීමට කාලය හරි ද?

නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියේ දී …

ඔවුන්ගේ ඉනිමේ වරෙක ලකුණු පුවරුව ලකුණු 6කට කඩුලු 4ක්ව තිබුණි. ඉන්පසුව මේ තරමින් හෝ ඉනිම ගොඩ ගත්තේ පසිඳු අනගිපුර (26) සහ සඳුනිල් සංකල්ප (28) ය. කඩුලු ලබා ගැනීමේ දී වමතින් වේගපන්දු යැවූ දිනත් දිසානායක සහ වමතින් දඟපන්දු යැවූ සවිඳු උත්සර කඩුලු 3 බැගින් බිඳ හෙළමින් ලුම්බිණි ක්‍රීඩකයෝ අමාරුවේ දැමීමට පෙරමුණ ගත්හ. ඊට අමතරව නායක මධුශික සඳරුවන් ද කඩුලු 2ක් දවා ගත්තේ ය.

දිනය අවසන් වන විට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 140ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වරටත් පිටියට පිවිසි ලුම්බිණි ක්‍රීඩකයන්ගේ ලකුණු පුවරුවේ කිසිවෙක් නොදැවී කිසිදු ලකුණක් සටහන්ව නොතිබුණි.

හෙට (14) තරගයේ දෙවැනි දිනයයි.

ඉසිපතන විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (51.2) : රවිඳු රත්නායක 113, අශාන් ගුණවර්ධන 20, රවිශ්ක විජේසිරි 5/40, ප්‍රභාත් මධුශංක 2/47

ලුම්බිණි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 78 (31.3) : පසිඳු අනගිපුර 26, සඳුනිල් සංකල්ප 28, දිනත් දිසානායක 3/10, සවිඳු උත්සර 3/10, මධුශික සඳරුවන් 2/16

ලුම්බිණි විද්‍යාලය; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 0 (4)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<