සාන්ත පීතරයින් සටන අත්නොහරී

101

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද කාණ්ඩයේ තරග කිහිපයක් හා එක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් අද (21) පැවැත්විය.

වේල්ස් කුමරුවන් තවත් පිම්මක් ඉදිරියට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටය මේ වන විට අවසන් වී තිබෙන අතර

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ඊයේ දිනයට අවසන් වන විට දේවපතිරාජ ක්‍රීඩකයන් ප්‍රථම ඉනිමේ ජය තමන් සතු කර ගැනීමට සමත් විය. අද දින තම දෙවන ඉනිම ආරම්භ කළ ජෝසප් වාස් ක්‍රීඩකයන් කඩුලු 9ක් දැවී ලකුණු 234ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවන ලදි. මෙහි දී ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් නිපුන් ධනංජය අගනා ලකුණු  96ක් වාර්තා කරන ලදි.

ජයග්‍රහණය සඳහා ලකුණු 212ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දේවපතිරාජ ක්‍රීඩකයන් කඩුලු 4ක් දැවී ලකුණු 133ක් ලබා සිටිය දී දිනය නිමාවට පත්විය. තරගය ජය පරාජයකින් තොරව නිමා වෙද්දී ජීවක ශෙශාන් ලකුණු 37ක් ලබාගන්නා ලදි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 133 (33.5) බියන් පතිරණ 31, තිසර දිල්ෂාන් 2/22, පවන් සන්දේශ් 2/24,පැතුම් මදුශංක 2/47

දේවපතිරාජ විද්‍යාලය – 154 (56.4) කල්ප චේතිය 36, සුදීර වීරරත්න 35, නිපුන් ධනංජය 5/40, අවිදු හේරත් 2/12

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 234/9d (53) නිපුන් ධනංජය 96, අවිදු ෂෙහාර 41, නෙත්මාල් ද සොයිසා 20, ඩියාන් පතිරණ 20, පවන් සන්දේශ් 2/2, සුදීර වීරරත්න2/49

දේවපතිරාජ විද්‍යාලය – 133/4 (48) ජීවක ශෙශාන් 37, සුදීර වීරරත්න 35, පැතුම් මදුශංක 27*, අවිදු ශෙශාන් 2/57

ඇමතිගෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් 77කට කොන්ත්‍රාත්තු

පළමු පෙළ ක්‍රිකට් සමාජ මට්ටමේ විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් 77 දෙනෙකුට ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබා දීම මෙන්ම තරගාවලිය පුරාවටම දස්කම් දැක්වූ


කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

මත්තේගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ඊයේ දිනට නතර කරන විට ධර්මරාජ ක්‍රීඩකයන් තම ප්‍රථම ඉනිමට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 58ක් රැස් කරගෙන සිටියේය. දක්ෂ පිතිකරණයක නියැලුණු ධර්මරාජ ක්‍රීඩකයන් දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 265ක් රැස් කරගෙන සිටියේය.

දක්ෂ පිතිකරණයක නියැලුණු මිතිල ගයාෂාන් හා  ලක්ශාන් දයානන්ද අර්ධ ශතක ලබාගන්නා ලදි. පන්දු යැවීමේ දී චමත් යටවර, මුදිත ලක්ෂාන්, මෙතුෂාන් කුමාර කඩුලු දෙකක බැගින් බිද හෙලන ලදි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 283/6d (74) මුදිත ලක්ෂාන් 54, සදරු සන්දික 50*,චමත් යටවර 40*,  තුෂාන් හේරත් 2/61, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/92

ධර්මරාජ විද්‍යාලය – 265/9 (120) මිතිල  ගයාෂාන් 59, ලක්ෂණ දයානන්ද 56, නවින්ද දිල්ෂාන් 44, චමත් යටවර 2/32, මුදිත ලක්ෂාන් 2/53,මේතුශාන් කුමාර 2/64

කොදෙව්වන්ගේ වාර්තාගත ඉනිමට රෝයි සහ රූට් අකුල් හෙළයි

ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ඉනිම පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ අද (21) උදෑසන නිමා වූ බටහිර ඉන්දීය


කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහින්ද ක්‍රීඩකයන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට සාන්ත පීතරයින්ට ආරාධනා කරන ලදි.

මහින්ද විද්‍යාලයේ දක්ෂ පන්දු යැවීම හමුවේ සාන්ත පීතර ප්‍රථම ඉනිම ලකුණු 143ට සීමා විය. සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් නිපුනක ෆොන්සේකා ලකුණු 32ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී ඔසිදු කාවින්ද හා කුෂාන් මදූශ  අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ලකුණු 143ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මහින්ද ක්‍රීඩකයන් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 80ක් ලබා සිටිය දී දිනය නිමාවට පත්වුයේ මහින්ද ක්‍රීඩකයන් අසීරු තත්වයකට ඇද දමමිනි. මහින්ද විද්‍යාලය වෙනුවෙන් හංසික වැලිහින්ද  නොදැවී ලකුණු 55ක් ලබාගෙන සිටින අතර පන්දු යැවීමේ දී සන්තුෂ ගුණතිලක කඩුලු දෙකක් දවාගෙන සිටි.

සාන්ත පීතර විද්‍යාලය – 143 (55.4) නිපුනක ෆොන්සේකා 32, කනිෂ්ක මදුවන්ත 24, දිනෙත් අන්ජුල 23, ඔසිදු කාවින්ද 3/12, කුෂාන් මදූශ 3/14

මහින්ද විද්‍යාලය  – 80/5 (31) හංසික වැලිහින්ද 55*, සන්තුෂ ගුණතිලක 2/14

අලුත් ක්‍රීඩකයෙක් කණ්ඩායමට; කාසියේ වාසිය සත්කාරකයින්ට

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ එංගලන්තයට එරෙහිව ලබා ගත් එක්දින තරග ජයග්‍රහණයට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනූ


මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලය

මීගමුව කදිරාන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. තම ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයන් ලකුණු 207ක් ලබා ගන්නා ලදි. මෙහි දී අශේන් ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබාගත් අතර පන්දු යැවීමේ දී අධිත්‍ය යාපා කඩුලු 6ක් බිඳ හෙලන ලදි.

තම ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇලෝසියස් ක්‍රීඩකයන් දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 57ක් රැස් කරගෙන සිටි. ගිම්හාන ආශීර්වාද ලකුණු 20 ලබා නොදැවී පිටියේ රැඳී සිටින අතර පන්දු යැවීමේ දී නවීන් ප්‍රනාන්දු කඩුලු දෙකක් බිඳ හෙලන ලදි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය -207 (67.5) අශාන් ප්‍රනාන්දු 62, චතුර අනුරාධ 23, අධිත්‍ය යාපා 6/54

ගාල්ල ඇලෝසියස් – 57/3 (22) ගිම්හාන ආශීර්වාද 20*, නවීන් ප්‍රනාන්දු 2/16

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<