මුදිත ලක්ෂාන්ගෙන් නැවතත් DS විදුහලට ශතකයක්

117

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර අද (08) කොළඹ ආනන්ද මාවත ක්‍රීඩාංගණයේ දී නිමා වූ වයස අවුරුදු 19න් පහළ තරගයේ දී සංචාරක ඩී. එස්. සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණය අහිමි වූවද අවසන් ඉනිමේ දී ශතකයක් ලබා ගනිමින් තම පිළට ගෞරවයක් රැගෙන දීමට මුදිත ලක්ෂාන් සමත් විය.

මුදිත ලක්ෂාන් මෙම තරග වාරයේ මේ රැස් කළේ තමන්ගේ දෙවැනි ශතකයයි. ඔහු පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 119ක් ලබා ගත්තේ ය.

කමිඳුගේ තුන් ඉරියව් දස්කම් සමඟින් ශ්‍රී ලංකාවට පහසු ජයක්

නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අරඹමින් කොළඹ ආර්…

කාසියේ වාසිය දිනූ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තේ ය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 196ක් ලබා ගත්තේ ය.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ චමත් යටවර ය. ඔහු පන්දු  117කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ටිරෝන් බාස්කරන් පන්දු 63ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 41ක් ද, මුදිත ලක්ෂාන් පන්දු 37ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ද ලබා ගත්හ.

කඩුලු ලබා ගැනීමේ දී දමින්ද රෙශාන් ලකුණු 33කට කඩුලු 4ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ආනන්ද ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ජනිඳු ජයවර්ධන පන්දු 79කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නේ ය.

ඊට අමතරව මෝදිත රණතුංග පන්දු 71ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ද, ටිරෝන් බාස්කරන් පන්දු 47ක දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 41ක් ද ලබා ගත්හ.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යැවූ මෙතුශාන් කුමාර ලකුණු 64කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ධුරයට අලුත් මුහුණක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව්…

ලකුණු 8ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ඩී. එස්. ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 301ක් ලබා ගත්හ. එම ඉනිමේ දී ය මුදිත ලක්ෂාන් ශතකය වාර්තා කළේය.

ඔහුට අමතරව පසිඳු ආදිත්‍ය පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේ ය. චමත් යටවර ද පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී කමේෂ් නිර්මාල් ලකුණු 65කට කඩුලු 4ක් දවා ගනිමින් එම ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.  

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (57.1) චමත් යටවරනොදැවී 47, ටිරොන් බාස්කරන් 41, මුදිත ලක්ෂාන් 40, අමිත දාබරේ 23, දමින්ද රෙශාන් 4/33, රවිඳු සසංක 3/23, චාමික ගුණසේකර 2/23

ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (63.2) ජනිඳු ජයවර්ධන 52, මෝදිත රණතුංග 43, කනිෂ්ක රංතිලකගේ 41, අදීශ පෙරේරා 33, මෙතුශාන් කුමාර 6/64

ඩී. එස්. සේනානායක විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 301 (64.5) පසිඳු ආදිත්‍ය 54, මුදිත ලක්ෂාන් 119, චමත් යටවර 35, කමේෂ් නිර්මාල් 4/65, රවිඳු සසංක 3/20, දමින්ද රෙශාන් 2/86  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<