නිශාන් මදුසංක නොදැවී 73*

139
Singer U19 cricket March 5th match

මොරටුව මොරටු විද්‍යාලය හා පානදුර රාජකීය විද්‍යාලය අතර පැවති අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් පළමු දිනය සඳහා මොරටු විදුහල් පිටියේ දී අද (5) පැවැත්විය.

විද්‍යාර්ථ – සිල්වෙස්ටර් සටන ජය පරාජයෙන් තොරයි

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයකින් මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ අතර, තවත් පාසල් ක්‍රිකට්…

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල පානදුර රාජකීය විද්‍යාලය තම පිතිකරණ බලය පළමුව මොරටු විදුහල් තණතීරුවේ දිග හැරීමට තීරණය කල , ඔවුන්ට තම පළමු ඉනිම අවසානයේ සාර්ථක ඉනිමක නිමාවක් සනිටුහන් කර ගැනීමට නොහැකි විය.

නමුත් යම්තාක් මට්ටමකට  පානදුර රාජකීය පළමු ඉනිම ගොඩනැංවීමට අඩිතාලමක් එක් කල නිලාන් ප්‍රනාන්දු මොරටු පන්දු යවන්නන් ගේ දෝලනය මනා ලෙස වටහා ගෙන පන්දුවට පහර දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නිලාන් ප්‍රනාන්දු අර්ධ ශතකයක් සමඟින් ලකුණු 61ක් තම විදුහල් ලකුණු පුවරුවට සටහන් කරන ලදි. ඔහුට අගනා සහයක් දුන් ප්‍රශාන් සිල්වා ලකුණු 31ක් ලබා ගනිමින් අනෙක් අන්තය රැකගෙන නිලාන්ට සහය වුවද, ශෙහාන් ජීවන්තගේ දක්ෂ හා අවබෝධාත්මක පන්දු යැවීමේ ප්‍රතිඵලයක් ලෙස පානදුර රාජකීය පළමු ඉනිම ලකුණු 154කට සීමා විය.

ශෙහාන් ජීවන්ත ලකුණු 25කට කඩුලු 5ක් දවාලූ අතර, රශාන් කවිශ්ක කඩුලු 4ක් දවාලන ලදි.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින මොරටු විද්‍යාලය දිනය අවසානයේ ලකුණු 126ක් ලබාගෙන පළමු ඉනිමේ ජයග්‍රහණයක් අබියස පසුවෙයි. දක්ෂ පිතිකරණ විලාසයක් දියත් කල නිශාන් මදුසංක නොදැවී ලකුණු 73*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින අතර මදුෂාන් ප්‍රනාන්දු ලකුණු 40 ලබා ගැනීමට ද සමත් විය.

එරංග හංසමාල් ලකුණු 43කට කඩුලු 3ක් පානදුර රාජකීය විදුහල් වෙනුවෙන් දවාලීමට සමත් විය.  

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 154 (65.4): නිලාන් ප්‍රනාන්දු 61, ප්‍රශාන් සිල්වා 31, ශෙහාන් ජීවන්ත 5/25, රශාන් කවිශ්ක 4/43

මොරටු විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 5ක් දැවී ලකුණු 126 (36): නිශාන් මදුසංක 73*, මදුෂාන් ප්‍රනාන්දු 40, එරංග හංසමාල් 3/43

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට