ආනන්ද හා තර්ස්ටන් විද්‍යාල අවසන් පූර්ව වටයට

384
Singer U19 Cricket

සිංගර් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමා වූ තරග අතුරෙන් කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගනිමින් අවසන් පූර්ව වටයට දොරගුළු විවර කර ගැනීමට සමත් විය. එහි දී සවන ප්‍රභාශ් නොදැවී ශතකයක් ලබාගෙන දිනය තුල කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය.

තුශාල් මදුසංක සුපිරි පන්දු යැවීම

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම්කාරී බව නොඅඩුව විඳගන්නට ලැබෙන මෙම මාසය තුල එය තවදුරටත් උණුසුම් කරමින් ක්‍රියාත්මක වන සිංගර් කුසලාන පළමු පෙළ දෙදින ක්‍රිකට්…

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

කදිරාන තණතීරුව මත දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කල මෙම තරගයෙන්, තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබාගෙන මීළඟ වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

දිනය ආරම්භ වන විට තර්ස්ටන් විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 21ක් ලබාගෙන සිටින ලදි. එතැන් පටන් දිග හැරුණු තර්ස්ටන් ඉනිමට චරණ නානායක්කාර හා නවෝද් සමරකෝන් ලකුණු 40කට වැඩි ලකුණක් ලබා ගන්නා විට, සාර්ථක ලෙස පිටිය අතික්‍රමණය කල සවන ප්‍රභාශ් නොදැවී ලකුණු 101*ක් ලබාගෙන තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 342ක දැවැන්ත ලකුණක් වෙත යාමට මඟ විවර කර දෙන ලදි.

පන්දු යැවීමේ දී කවිදු නදීශාන් ධර්මාශෝක විද්‍යාලයට කඩුලු 4ක් දවාලමින් සහය දැක්විය.

අනතුරුව පිටියට පැමිණි ධර්මාශෝක විද්‍යාලයට දිනය අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 136ක් රැස්කර ගැනීමට හැකි විය. දිනය අවසන් නොවූයේ නම් තර්ස්ටන් විද්‍යාලය බොහෝ දුරට ඉනිමක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව තිබුණි. නවීන් ගුණවර්ධන කඩුලු 6යි.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 186 (76.2): කසුන් මදුරංග 78, දිනුක ඩිල්ශාන් 28, උමේෂ් ඉමන්ත 22, තුශාල් මදුසංක 6/58, සඳරු ඩයස් 3/42

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – 342/8 (87,1): සවන ප්‍රභාශ් 101*, චරණ නානායක්කාර 49, නවෝද් සමරකෝන් 44, යෙශාන් වික්‍රමාරච්චි 39, කසුන් අබේරත්න 32, කුසල් මදුසංක 27, කවිදු නදීශාන් 4/131, අරෝෂන ද සොයිසා 3/49

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉනිම – 136/8 (23): හර්ෂජිත් කුශාන් 43, නවීන් ගුණවර්ධන 6/58


කොළඹ ආනන්ද විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

කාගේත් අවධානය දිනා ගත් තරගයක් වූ මෙම තරගයේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලයට හැකි විය.

සරේ ගම්මාන පිටියේ ප්‍රථමයෙන් පිටියට පැමිණි ආනන්ද විද්‍යාලයේ පිතිකරුවන් ලකුණු 236ක් තම මුල් ඉනිමට රැස්කර ගන්නා ලදි. එහි දී කමේෂ් නිර්මාල් හා සම්මු අශාන් අර්ධ ශතක වාර්තා කරන ලදි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 131ක් ලබාගෙන සිටින විට අද දිනයට තරගය ආරම්භ වූ අතර, ඔවුන් ලකුණු 230ක් තම මුල් ඉනිමට ලබා ගන්නේ ආනන්ද මුල් ඉනිමට වඩා ලකුණු 6ක් පිටුපසින් සිටිමිනි. එහි දී කෙවින් පෙරේරා ලකුණු 67ක් ලබා ගත් අතර කවිශ්ක අංජුල කඩුලු 4ක් දවා ගන්නා ලදි.

පිළිතුරු දෙවන ඉනිම වෙනුවෙන් ආනන්ද නායක කවිශ්ක අංජුල ලකුණු 77ක් ලබා ගන්නා විට, ලකුණු 55ක් සමඟින් යළිත් අර්ධ ශතකයක් ලබා ගැනීමට සම්මු අශාන් සමත් විය.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 236 (60.2): කමේෂ් නිර්මාල් 60, සම්මු අශාන් 58, කවිදු ගිම්හාන් 45, ලහිරු හිරන්‍ය 28, ලසිත් කෘෘස්පුල්ලේ 2/30, පසිදු කොළඹගේ 2/33, පසිදු උශෙට්ටි 2/34, තිමිදු ප්‍රීතිම 2/48

මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 230 (62.3): කෙවින් පෙරේරා 67, රොශේන් ප්‍රනාන්දු 40, ලසිත් කෘෘස්පුල්ලේ 38, කවිශ්ක අංජුල 4/45, සම්මු අශාන් 2/40, අසේල සිගේරා 2/40

ආනන්ද විද්‍යාලය දෙවන ඉනිම – 231/5 (48.2): කවිශ්ක අංජුල 77, සම්මු අශාන් 55, සහන් සුරවීර 45, රවිදු ප්‍රනාන්දු 2/43, පසිදු උශෙට්ටි 2/62

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට