නාලන්ද විද්‍යාලයට ලකුණු 76ක ජයග්‍රහණයක්

1326
Malinga Amarasinghe

කොළඹ නාලන්ද විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර ඊයේ (24) ආරම්භ වූ සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගයෙන් ලකුණු 76ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට නාලන්ද විද්‍යාලය අද (25) සමත් විය.

සුභසිංහ වෙස්ලි විද්‍යාලයට පළමු ඉණිමේ ජයක් ගෙන එයි

පාසල් කෙලිමඩල කාර්යබහුල කරන සිංගර් කුසලාන අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරග රැසක් අද (24) අවසන් වෙද්දී, එම තරග වලින් ආනන්ද විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. එයට අමතරව තවත් එක් තරගයක පළමු දිනය අද ආරම්භ විය.

වේල්ස් කුමර විද්‍යාලය නාලන්ද විද්‍යාලයේ පළමු ඉණිමට වඩා ලකුණු 85ක් පසුපසින් සිටිමින් අද දිනය සඳහා තරගය ආරම්භ කල අතර, වේල්ස් කුමර විද්‍යාලයේ පළමු ඉණිම ලකුණු 96කට සීමා කිරීමට ලකුණු 21කට කඩුලු 4ක් දවාලූ මාලිංග අමරසිංහ සමත් විය.

අනතුරුව ලකුණු 79ක පළමු ඉණිමේ වාසියක් ඇතිව පිටියට පැමිණි නාලන්ද විද්‍යාලය වෙනුවෙන් වමතින් පිත්ත හසුරුවන මාලිංග ලකුණු 57ක් නාලන්ද දෙවන ඉණිමට එක් කරවිය. මාලිංග හට අගනා සහයක් ලබා දෙමින් සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සහය වුනු සුහඟ විජේවර්ධන ලකුණු 34ක් තම ලකුණු ගොන්නට එක් කරගත්තේය.

නාලන්ද විද්‍යාලයේ දෙවන ඉණිම ලකුණු 223ක් පෙරමුණේ පසුවෙමින් අවසන් කිරීමට වේල්ස් කුමර විද්‍යාලයේ අවිදු ප්‍රනාන්දු සමත් වූයේ ලකුණු 37කට කඩුලු 4ක් තමන් සතු කරගනිමිනි. අභියෝගාත්මක පන්දු යැවීමක නිරත වූ උමේක්ෂ දිල්ශාන් ලකුණු 29කට වේල්ස් කුමර විද්‍යාලයේ කඩුලු 4ක් දවාලමින් නාලන්ද විද්‍යාලයට තරගයේ වාසිය හරවාදෙන ලදි. වේල්ස් කුමර විද්‍යාලයේ දෙවන ඉණිමට ලකුණු 44ක් එක්කිරීමට දිලංක ගුණසේකර සමත් වෙද්දී, තවත් අන්තයකින් ලකුණු 40ක් ලකුණු පුවරුවට එක්කිරීමට අවිදු ප්‍රනාන්දු සමත් වුවද එම ඉණිම් දෙක වේල්ස් කුමර විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් නොවිණි.

කොළඹ නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 175 (පන්දුවාර 52.3): මාලිංග අමරසිංහ 38, අවිශ්ක පෙරේරා  33, කළණ පෙරේරා 26, සුහඟ විජේවර්ධන 22, කවුමල් නානායක්කාර 3/19 , තිලාන් නිමේෂ් 3/66

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 96 (පන්දුවාර 31): තිලාන් නිමේෂ් 31, මාලිංග අමරසිංහ 4/21, කලණ පෙරේරා 2/34

කොළඹ නාලන්ද විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 144 (පන්දුවාර 37.3): මාලිංග අමරසිංහ 57, සුහඟ විජේවර්ධන 34, අවිදු ප්‍රනාන්දු 5/37, තිලාන් නිමේෂ් 2/14, අවිදු පීරිස් 2/17

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 146 (පන්දුවාර 55.3): දිලංක ගුණසේකර 44, අවිදු ප්‍රනාන්දු 40, උමේක්ෂ දිල්ශාන් 4/29

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට