සුභසිංහ වෙස්ලි විද්‍යාලයට පළමු ඉණිමේ ජයක් ගෙන එයි

722
Singer U19 Cricket January 24th roundup

පාසල් කෙලිමඩල කාර්යබහුල කරන සිංගර් කුසලාන අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරග රැසක් අද (24) අවසන් වෙද්දී, එම තරග වලින් ආනන්ද විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. එයට අමතරව තවත් එක් තරගයක පළමු දිනය අද ආරම්භ විය.

නිමේෂ් හා සන්තුෂ්ගෙන් විශිෂ්ට පිතිහරඹයක්

පාසල් ක්‍රිකට් පිටියේ තවත් පළමු පෙළ ක්‍රිකට් තරග හතරක් අද (23) ආරම්භ විය. අද දිනය තුල සාන්ත සෙබස්තියන් විද්‍යාලය…

කොළඹ ආනන්ද විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය

ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගයේ, පළමු දිනය අවසානයේ ආනන්ද විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 81ක් ලබාගෙන සිටි අතර එතැන් පටන් තම සුපුරුදු තණතීරුවේ ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලබා ගත් ඔවුන්ගේ පළමු ඉණිමට, මැදපෙළ පිතිකරු දුශාන් හෙට්ටිගේ ලකුණු 76ක් ලබා ගනිමින් තම විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයක් රැගෙන එන ලදී.

දුශාන් හට අගනා සහයක් ලබා දෙමින් සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ කවිශ්ක අංජුල ලකුණු 59ක් තම ලකුණු ගොන්නට එකතු කරගත්තේය. සාන්ත අන්තෝනි දෙවන ඉණිමට ලකුණු 63ක් ලබා ගන්නට මොහොමඩ් අබ්සාර් සමත් වූ අතර, දක්ෂ ලෙස පන්දු යැවූ දිලීප ජයලත් කඩුලු 5ක් බිදහෙලීය.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 39): මොහොමඩ් අල්ෆාර් 47, සුනෙර ජයසිංහ 28, මොහොමඩ් අබ්සාර් 20, දිලීප ජයලත් 4/16, කවිශ්ක අංජුල 2/06

කොළඹ ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 244 dec (පන්දුවාර 48.3): දුශාන් හෙට්ටිගේ 76, කවිශ්ක අංජුල 59, සහන් සුරවීර 39, අසේල සිගේරා 35, කවිදු ගිම්හාන 27

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 153 (පන්දුවාර 42): මොහොමඩ් අබ්සාර් 63, තීක්ෂ ගුණසිංහ 26*, දිලීප ජයලත් 5/42


කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

පළමු දිනය අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලෙස රාජකීය පළමු ඉණිම සටහන් වුනු මෙම තරගය, තර්ස්ටන් විද්‍යාල පිටියේදී අවසන් වූ අතර, මෙම තරගයේ දෙවන දිනය වූ අද දිනයේදීත් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා විසදුමකින් තොරව තරගය අවසන් විය.

හේලිත විතාන ලබා ගත් ලකුණු 115*ත් සමඟින් පළමු ඉණිම ලකුණු 312කට අවසන් කල රාජකීය විද්‍යාලය තම සහෝදර තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉණිම සඳහා අවස්ථාව ලබා දුනි.

එම ඉණිමේ දී උමේෂ් විරංග පිටිය සිසාර පහර දියත් කරමින් ලකුණු 65ක් ලබා ගන්නා විට, රාජකීයේ කුශේන් ගුණරත්න කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

කොළඹ රාජකීය විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 312 dec (පන්දුවාර 91.2): හේලිත විතානගේ 115*, හිමේශ් රාමනායක 38, මදාර තල්දූව 34, රොනුක ජයවර්ධන 33, ජනුශ්ක ප්‍රනාන්දු 3/50, ජනුශ්ක ප්‍රනාන්දු 3/50, නවීන් ගුණවර්ධන 3/97

කොළඹ තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 136 (පන්දුවාර 31): උමේෂ් විරංග 65, කුශේන් ගුණරත්න 3/13


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර තරගය

A කාණ්ඩයේ තරගයක් ලෙසින් සාන්ත පීතර විද්‍යාලයේදී අවසන් වූ මෙම තරගයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හැකිවිය.

සන්තුෂ් ගුණතිලකගේ ලකුණු 72ක මනරම් ඉණිම සමඟින් සාන්ත පීතර විද්‍යාලය තම පන්දු යවන්නන් විශ්වාස කර තම පළමු ඉණිම අත්හිටුවූ අතර, එම විශ්වාසය බිද දමමින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආධිත්‍යය සිරිවර්ධන ලකුණු 71ක් ලබා ගනිමින් තම විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයක් ගෙන ඒමේ නියමුවා බවට පත්විය.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 181 dec (පන්දුවාර 92): සන්තුෂ් ගුණතිලක 72, ශිවාන් පෙරේරා 21, අවිදු තීක්ෂණ 5/65, රවිශ්ක විජේසිරි 2/35, ධනංජය ලක්ෂාන් 2/41

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 299 (පන්දුවාර 102.3): ආධිත්‍යය සිරිවර්ධන 71, කසුන් තාරක 44, චාමිකර හේවගේ 42, සදුන් මෙන්ඩිස් 38*, චතුර ඔබේසේකර 5/92, මොහොමඩ් අමීන් 2/97


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය

වෙස්ලි විද්‍යාලය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 46ක් පසුපසින් සිටිමින් අද දිනය සඳහා ආරම්භය ලබා ගන්නා ලදි. වෙස්ලි විද්‍යාලයේ මොවින් සුභසිංහ නැවතත් තම සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින් නොදැවී ලකුණු 61*ක් ලබා ගැනීමට සමත් විය.

එම ඉණිම ඔවුන්ට පළමු ඉණිමේ ජයග්‍රහණයක අස්වැසිල්ලක් හෝ ගෙන ආ අතර,  සෙබස්තියන් විද්‍යාලයේ දෙවන ඉණිමේ කඩුලු 5ක් ඇතුළු තරගය පුරා කඩුලු 11ක් දවාලමින් දස්කම් දැක්වීමට ඔහුට හැකිවිණි. සෙබස්තියන් විද්‍යාලයේ දෙවන ඉණිම වෙනුවෙන් ලකුණු 52ක් ලබා ගැනීමට දුලාජ් ශලනික සමත් විය.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 34.1): නිමේෂ් බණ්ඩාර 76, මලින්ත පීරිස් 41, රුචික දංගල්ල 3/25, මොවින් සුභසිංහ 6/43

කොළඹ වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම –  සියල්ලන්ම දැවී ලකුණු 161 (පන්දුවාර 69.5): මොවින් සුභසිංහ 61*, ශමෝද් ඇතුළත්මුදලි 28, සකුන්ත ලියනගේ 17, විනුජ රණසිංහ 3/64, අශේර් වර්ණකුලසූරිය 2/24  

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවන ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 270 (පන්දුවාර 67): දුලාජ් ශලනික 52, නුවනිදු ප්‍රනාන්දු 38, අශේර් වර්ණකුලසූරිය 38, තරුශ ප්‍රනාන්දු 32, නිමේෂ් බණ්ඩාර 27, මොවින් සුභසිංහ 5/90, සකුන්ත ලියනගේ 2/43


කොළඹ නාලන්ද විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර තරගය

කාසියේ වාසිය තමන් සතුකරගත් නාලන්ද කණ්ඩායම තම සුපුරුදු ක්‍රීඩාංගනයේදි පළමුව පන්දුවට පහරදෙමින් සියල්ලන්ම දැවී ලකුණු 175ක් වාර්තා කලේය. මාලිංග අමරසිංහ හා අවිශ්ක පෙරේරා සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර පන්දු යැවීමේදී කෞමාල් නානායක්කාර හා තිලාන් නිමේෂ් අතර කඩුලු 3 බැගින් බෙදීයන ලදි.

තම පිළිතුරු පළමු ඉණිම දියත් කල වේල්ස් කුමර විද්‍යාලයට තම පිතිකරණ දස්කම් පෙන්වීමට තිබූ මඟ අවහිර කල මාලිංග, කඩුලු 2ක් බිදහෙලද්දී, නොදැවී ක්‍රීඩා කරමින් සිටින තිලාන් ලකුණු 27* යි.

කොළඹ නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 175 (පන්දුවාර 52.3): මාලිංග අමරසිංහ 38, අවිශ්ක පෙරේරා  33, කළණ පෙරේරා 26, සුහඟ විජේවර්ධන 22, කවුමල් නානායක්කාර 3/19 , තිලාන් නිමේෂ් 3/66

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 6ක් දැවී ලකුණු 90 (පන්දුවාර 26): තිලාන් නිමේෂ් 27*, මාලිංග අමරසිංහ 2/15

වේල්ස් කුමර විද්‍යාලය නාලන්ද විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 85ක් පසුපසින් පසුවෙයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට