ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 10ක ජයක්

375

සිංගර් අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම අද (8) අවසන් වෙද්දී, තවත් තරග කිහිපයක්ම පළමු දිනයට ආරම්භ විය. අවසන් වූ තරග අතුරෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මහනුවර ධර්මරාජ විද්‍යාලයට එදිරිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

තර්ස්ටන් සහ සාන්ත ජෝසප් විද්‍යාල වලට පූර්ණ ජයක්

තර්ස්ටන් විද්‍යාලයට හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට පූර්ණ ජයග්‍රහණ හිමි කර දුන් අද (7) දිනය තුල, සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් සාර්ථක අවසන් විය. එමෙන්ම අද දිනය තුල අර්ධ ශතක හා ශතක රැසක්ම වාර්තා වීම කැපී පෙනිනි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එදිරිව මහනුවර ධර්මරාජ විද්‍යාලය

ලේක්වීව් ක්‍රීඩා පිටියේ දී කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දී කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි. ධර්මරාජ පළමු ඉනිම ලකුණු 151කට අවසන් කල තිලංග උදේශන ඇතුළු රිච්මන්ඩ් පන්දු යවන්නන් ලකුණු 170ක පමණ වාසියක් ඇතිව, ඔවුන්ගේ දෙවන ඉණිම ක්‍රියාත්මක කිරීමට ධර්මරාජ විද්‍යාලයට ආරාධනා කරන ලදි.

එම ඉනිමට ඉවසිල්ලෙන් පන්දුවට පහර දෙමින් තම විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගලවා ගන්නට දේශාන් ගුණසිංහ සමත් වූ අතර,  ඔහු ලකුණු 62ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. සදුන් මෙන්ඩිස් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 6ක් දවාලූ අතර, තම ජයග්‍රහණය සඳහා ලකුණු 8ක ඉලක්කයක් හඹා ගිය රිච්මන්ඩ් විද්‍යාලයට ජය හිමි විය.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 321 (63.5): අවිදු තීක්ෂණ 122, ධනංජය ලක්ෂාන් 61, චාමිකර හේවාගේ 25, විනුජ කිරිඇල්ල 24, ගිහාන් විතාරණ 8/24

මහනුවර ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 151 (42.3): සචින්ත සේනානායක 51, තිලංග උදේශන 5/37, සදුන් මෙන්ඩිස් 4/53

මහනුවර ධර්මරාජ විද්‍යාලය දෙවන ඉනිම  (f/o) – සියල්ලන්ම දැවී 177 (56.2): දේශාන් ගුණසිංහ 62, නිවන්ත හේරත් 32, සදුන් මෙන්ඩිස් 6/65

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය දෙවන ඉනිම – කිසිවෙකු නොදැවී ලකුණු 8 (පන්දුවාර 3.3):


අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට එදිරිව මොරටුව මොරටු විද්‍යාලය

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගයේ දී ශෙහාන් ජීවන්ත මොරටු විද්‍යාලයේ පළමු ඉනිම වර්ණවත් කරවමින් ලකුණු 77ක් ලබාගෙන පළමු ඉනිමේ ජයග්‍රහණය වෙත තම කණ්ඩායම ඇඳගෙන යාමට උත්සාහ කලද, එය ව්‍යර්ථ කිරීමට අනුරාධපුර මැද විදුහලේ ධනංජය තම්මිට හා මදුරංග ශ්‍රී චන්ද්‍රරත්න සමත් වූයේ කඩුලු 5 බැගින් දවාලමිනි.

අනුරාධපුර මැදි විදුහල් දෙවන ඉනිම වෙනුවෙන් රවිදු සත්සර ලකුණු 36ක් ලබාගත් අතර, නොදැවී ක්‍රීඩා කරමින් සිටි විශ්ව ධනංජය ලකුණු 23*යි.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම – 270/9 dec (70.2): සචින් රන්දිම 93, ඩිල්ශාන් ලක්ෂිත 56*, චිත්‍රක හිරන්ත 32, රවිනාත් ප්‍රභාෂ්වර 24, රශාන් කවිශ්ක 4/93, ජනිත් සෙව්මිත් 3/48

මොරටු විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 261 (86.2): ශෙහාන් ජීවන්ත 77, මදුෂාන් ඩිලක්ශන 53, ශෙසද සොයිසා 35, ධනංජය තම්මිට 5/48, මදුරංග ශ්‍රී චන්ද්‍රරත්න 5/79

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 7ක් දැවී 169 (35): රවිදු සත්සර 36, සචින් රන්දිම 34, සඳරු මදුෂාන් 21, විශ්ව ධනංජය 23*, රශාන් කවිශ්ක 3/72, අශේන් ආධිත්‍යය 2/26


පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග,

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එදිරිව වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

ධර්මපාල පිටියේ දී පළමු දිනය සඳහා තරගය අවසන් වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 172ක් ලබාගෙන සිටින ලදි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ධර්මපාල විද්‍යාලයේ පළමු ඉනිමට දුලාජ් එගොඩගේ ලකුණු 44ක් එක් කරමින් ධර්මපාල විද්‍යාලයේ පළමු ඉනිම සෑහීමකට පත්විය හැකි මට්ටමකට ගෙන එන ලදි. ඔහුට අගනා සහයක් ලබා දුන් තරිදු සඳරුවන් ලකුණු 26කට දවාලීමට අන්තෝනි පන්දු යවන්නන් සමත් විය. පන්දු යැවීමේ දී චන්ද්‍ර කවීෂ හා සනිල් නිදූශ කඩුලු 3 බැගින් දවාලීමට සමත් විය.

පිළිතුරු පළමු ඉණිම දියත් කරමින් සිටින සාන්ත අන්තෝනි විද්‍යාලයේ අවිශ්ක තරිදු නොදැවී ලකුණු 73*යි.

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 167 (36.3): දුලාජ් එගොඩගේ 44, තරිදු සඳරුවන් 26, චන්ද්‍ර කවීෂ 3/20, සනිල් නිදූශ 3/22

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 172/5 (43): අවිශ්ක තරිදු 73*, යසිදු රවීෂ 27, සෙනෙත් ජොයෙල් 26


මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එදිරිව කොළඹ රාජකීය විද්‍යාලය

රාජකීය පිටියේ දී කාසියේ වාසිය ජය ගත් වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.  ඒ අනුව පිටියට පැමිණි රොනුක ජයවර්ධන හා පසිදු සූරියබණ්ඩාර අගනා සබඳතාවයක් ගොඩනංවමින් රාජකීය විද්‍යාලයට යම් ගෞරවාන්විත ලකුණක් වෙත යාමට සහය විය.

පන්දු යවන්නන් විශ්වාස කල රාජකීයන් තම පළමු ඉනිම අත්හිටුවා වේල්ස් කුමර විද්‍යාලයට ඉණිම දියත් කිරීමට අවසර දුන් අතර, දිනය අවසන් වන විට ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 307ක් ලබාගෙන තරගයේ වැඩි වාසිය අත්කරගෙන ඇත. එහි දී විශ්ව චතුරංග ලකුණු 103ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත විය. හිමේශ් රාමනායක රාජකීය විද්‍යාලය වෙනුවෙන් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – 137/8 dec (34): පසිදු සූරියබණ්ඩාර 47, රොනුක ජයවර්ධන 46, ලසිදු නානායක්කාර 26, කවුමල් නානායක්කාර 3/18, තිලාන් නිමේෂ් 3/33

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 307/6 (53): විශ්ව චතුරංග 103, දිලංක මදුරංග 87*, අවිදු ප්‍රනාන්දු 39, තිලාන් නිමේෂ් 38, හිමේශ් රාමනායක 5/75

පළමු දිනය සඳහා ක්‍රියාත්මක වූ තරග හෙට (9) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට