ශතක ලාභී දිලේෂ් ජෝසප්වරුන්ව ඔසවා තබයි

187

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග කිහිපයක් අද (22) දින පැවැත් වුනා. ඇද හැලුනු වර්ෂාව නිසා ක්‍රිකට් ක්‍රීඩාංගණ රැසක්ම ක්‍රීඩා කිරීමට උචිත තත්වයේ නොතිබීම හේතුවෙන් මෙම තරග සියල්ලම ආරම්භ වීමට තරමක් ප්‍රමාද කිරීමට බලධාරීන් කටයුතු කළේය.

20-20 නායකත්වය තිසරට; කණ්ඩායමේ වෙනස්කම් රැසක්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එළඹෙන 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත විස්සයි – විස්ස ක්‍රිකට්….

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

මහනුවර අස්ගිරිය ක්‍රිකට් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමාවූ මේ තරගයේ පළමු ඉනිමේ වාසිය ලබාගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. අද දිනයට මෙම තරගය ආරම්භ කරන විට ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 157ක් ලබාගෙන සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි පුබුදු බණ්ඩාර හා උමෙයිල් රයිසාන් පිළිවෙළින් ලකුණු 88කට හා ලකුණු 27කට දැවී ගිය පසුව සිය පළමු ඉනිම අත්හිටුවීමට ත්‍රිත්ව විද්‍යාලය තීරණය කළේය. මෙහි දී සිල්වෙස්තර විද්‍යාලයේ පසන් හෙට්ටිආරච්චි හා නිශාන්ත ඉන්ද්‍රජිත් අතරේ පිළිවෙළින් කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ලකුණු 78ක පළමු ඉනිමේ අවාසිය සහිතව පිටියට පැමිණි සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයින්  කඩුලු 3ක් දැවී ලකුණු 62ක් ලබාගෙන සිටිය දී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් විසින් තීරණය කරන ලදී. මෙහි දී සිල්වෙස්තර ක්‍රීඩක චන්දුල ජයකොඩි විසින් නොදැවී ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වුනා.

සාන්ත සිල්වෙස්තර විද්‍යාල පළමු ඉනිම: 88/10 (42.5) –  මනෝහරන් පවිත්‍රන් 28,  රුවින් පීරිස් 6/40

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම: 166/8 (40) –  පුබුදු බණ්ඩාර 88, උමෙයිල් රයිසාන් 27, ශානුක කුමාරසිංහ  21, පසන් හෙට්ටිආරච්චි 3/20, නිශාන්ත ඉන්ද්‍රජිත් 3/35

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල දෙවන ඉනිම: 62/3 (33) – චන්දුල ජයකොඩි 25*.

කයිස් අහමඩ් සහ ක්‍රිස් ගේල් APL ආධිපත්‍ය පතුරවයි

කණ්ඩායම් 5ක් අතර තරග 23ක් පුරා පැවති ඇෆ්ගනිස්තාන් ප්‍රිමියර් ලීග් (APL) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට…


සාන්ත ජෝසප් විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය

දිලේෂ් පෙරේරා හා සචින්ත මහින්දසිංහගේ දැකුම්කලු පිතිකරණයෙන්  වර්ණවත් වූ මෙම තරගය ‘A කාණ්ඩයේ’ තරගයක් ලෙස සාන්ත ජෝසප් විදුහල් පිටියේ දී අද ආරම්භ වූනා. කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහි දී දකුණතින් පිතිකරණයේ නිරත වන දිලේෂ් පෙරේරා සිය කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් රැස්කර දුන අතර සචින්ත මහින්දසිංහ විසින් ලකුණු 90ක් තම විද්‍යාලයීය  ලකුණු පුවරුවට එකතු කළේය.

පන්දු යැවීමේ දී සසිත අශාන් ලකුණු 113කට කඩුලු 6ක් දවාගනිමින් දස්කම් දැක්වූයේ ගුරුකුල විද්‍යාලයට යම් සහනයක් ගෙන දෙමිනි. තවද ඔවුන්ගේ පන්දු යවන්නෙකු වන නුවන් චානක කඩුලු 2ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ශක්තියක් බවට පත් වුනා.

ඉන් පසුව ගුරුකුල විද්‍යාලය සිය පිළිතුරු පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පැමිණියත් අයහපත් ආලෝක තත්වය නිසා ඔවුන්ට අද දිනයේ දී මුහුණ දීමට ලැබුනේ පන්දු 2කට පමණයි.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම: 292 (65.1) – දිලේෂ් පෙරේරා 101, සචින්ත මහින්දසිංහ 90, සසිත අශාන් 6/113, නුවන් චානක 2/27.

ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ දීවත් වෙනසක් කරයි ද?

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයගන්නට සංචාරක එංගලන්ත කණ්ඩායම පසුගිය….


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය

‘D කාණ්ඩයේ’ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක වේල්ස් කුමරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 150ක් ලබාගත්තේය.

වේල්ස් කුමර පළමු ඉනිම සවිමත් කළ තුන් ඉරියව් ක්‍රීඩක සුහත් මෙන්ඩිස් ලකුණු 59ක් ලබාගෙන අගනා අර්ධ ශතකයක් සිය කණ්ඩායම් ලකුණු පුවරුවේ සටහන් කරන විට ඊට අනෙක් පස සිට සහය වූ දේවක පීරිස් ලකුණු 33ක් සිය නමට ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් විය. ජිතේෂ් වාසල හා දිනෙත් සමරවීර විසින් පිළිවෙළින් කඩුලු 4ක් හා කඩුලු 3ක් දවාලමින් නාලන්දා පන්දු බලඇණිය සවිමත් කරන ලදී.

එම ඉනිමට පිළිතුරු දුන් නාලන්දා විද්‍යාලය තරගයේ පළමු දිනය අවසාන වන විට කඩුලු 3ක් දැවී ලකුණු 87ක් ලබාගෙන සිටින අතර දිල්හාර පොල්ගම්පොල ලකුණු 33ක් ලබා ගැනීමට සමත් විය.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම: 150 (43.3) –  සුහත් මෙන්ඩිස් 59, දේවක පීරිස් 33, ලක්ෂාන් පෙරේරා 20, ජිතේෂ් වාසල 4/48, දිනෙත් සමරවීර 3/31, රනිඳු ද සිල්වා 2/23.

නාලන්දා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 87/3 (32) – දිල්හාර පොල්ගම්පොල 33, රනිඳු ද සිල්වා 29, සුහත් මෙන්ඩිස් 2/19.

පුබුදු, රුවින් ත්‍රිත්ව විද්‍යාලය ඉදිරියෙන් තබයි

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2018/19 පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට්…


ආනන්ද විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

මග්ගොන සරේ ගම්මාන පිටියේ දී පළමු දිනයට පැවැති මේ තරගයේ අද දිනය නිමා වන විට සංචාරක තර්ස්ටන් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 74ක් ලබාගෙන සිටියේය. කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව ආනන්ද විද්‍යාලය විසින් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 190ක් ලබා ගැනීමට සමත් විය.

‘D කාණ්ඩයේ’ තරගයක් ලෙස පැවැත් වූ මෙම තරගයේ දී ආනන්ද විද්‍යාලයේ වමතින් පිත්ත හසුරුවන ජනිඳු ජයවර්ධන විසින් ලකුණු 42ක් ලබාගෙන දස්කම් දැක්විය. තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් මේ වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින සනුත් නන්දිනු ලකුණු 32ක් රැස්කර ගෙන සිටියි.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම: 190 (69.2) – ජනිඳු ජයවර්ධන 42, කමේෂ් නිර්මාල් 32, කනිෂ්ක රන්තිලකගේ 27, අයේෂ් හර්ෂණ 3/69

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 74/3 (22) – සනුත් නන්දිනු 32*

ඇතුගල්පුරයෙන් පැමිණි විශිෂ්ටයා දකුණු ලකෙන් සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන හිටපු ටෙස්ට් නායකයෙක් වන සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ශ්‍රී ලංකාව…


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

‘C කාණ්ඩයේ’ තරගයක් වූ මෙහි අද දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය එක් කඩුල්ලක්‌ දැවී ලකුණු 10ක් ලබාගෙන සිටියේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 72ක් පසුපසින් සිටිමිනි.

කාසියේ වාසිය දිනාගත් සාන්ත සර්වේසස් විද්‍යාලය සිය පළමු ඉනිම ලකුණු 82කට සීමා කරගත්තේ තෝමස් පන්දු යවන්නන් වන කිෂාන් මුණසිංහ හා නායක ශලින් ද මෙල්ගේ දක්ෂ පන්දු යැවීම නිසයි. දකුණතින් පිත්ත හසුරුවන දේශක දෙනුවන් ලකුණු 40ක් ලබාගෙන සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම: 82 (27.4) –  දේශක දෙනුවන් 40, කලණ පෙරේරා 3/27, කිෂාන් මුණසිංහ 2/03, ශලින් ද මෙල් 2/22.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 10/1 (4)


මාතර රාහුල විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

රාහුල විද්‍යාලයීය පිතිකරු බිනර සංකෙත්ගේ ලකුණු 69ක් සහිත වර්ණවත් පිතිකරණයෙන් හැඩගැන්වුණු මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වූ අතර මෙහි දී කාසියේ වාසිය දිනාගත් මාතර රාහුල විද්‍යාලය පළමුව පන්දුවට පහර දී සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 230ක් ලබාගත්තේය. බිනරට අමතරව භාග්‍ය විමත් විසින් ද ලකුණු 30ක් ලබාගෙන ධර්මාශෝක විද්‍යාල පන්දු යවන්නන්ට සංග්‍රහ කළේය.

ධර්මාශෝක විද්‍යාල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ පා දඟපන්දු යවන ක්‍රීඩක කවිඳු නදීශාන් ලකුණු 17කට කඩුලු 5ක් දවා ගන්නට සමත් වුනා. තරගයේ පළමු  දිනය අවසන් වන විට සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මාශෝක විද්‍යාලය එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 83ක් ලබාගෙන තරගයේ වැඩි වාසිය ලබාගෙන සිටියි. නොදැවී ක්‍රීඩා කරමින් සිටි  හසිත රාජපක්ෂ හා සසිඳු මල්ෂාන් පිළිවෙළින් ලකුණු 32*ක් හා ලකුණු 24*ක් ලබාගෙන සිටියේය.

රාහුල විද්‍යාලය පළමු ඉනිම: 230 (64.1) – බිනර සංකේත් 69, භාග්‍ය විමත් 30, කවිඳු නදීශාන් 5/17, අරෝෂන් ද සොයිසා 3/38.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 83/1 (32) – හසිත රාජපක්ෂ 32*, සසිඳු මල්ෂාන් 24*

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (23) දින දෙවන දිනයටත් ක්‍රියාත්මක  වෙනු ඇත.

                                                  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<