සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

239

වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ තරගයක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා යාපනය සාන්ත ජෝන් විද්‍යාලය අතර තරගය යාපනය සාන්ත ජෝන් පිටියේ දී අද (14) අවසන් වූයේ සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි කර දෙමිනි.

ගාල්ල මහින්ද විද්‍යාලයට නොසිතූ ජයක්

වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ තවත් තරග දෙකක් ඊයේ (13) පැවැත්විය. ගාල්ල මහින්ද විද්‍යාලය හා ….

සාන්ත තෝමස් විද්‍යාලයේ දකුණතින් පිත්ත හසුරුවන මන්තිල විජේරත්න නොදැවී ලබාගත් ලකුණු 69* නිසාවෙන් යාපනය සාන්ත ජෝන් විද්‍යාල පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ පළමු ඉනිම ලකුණු 130ක් දක්වා රැගෙන ඒමට සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය. පන්දු යැවීමේ දී වී. ජතුෂන් කඩුලු 4ක් දවා ගන්නා ලදි.

මෙම තරගයේ අද දිනය ආරම්භ වන විට  පිළිතුරු ඉනිම දියත් කරන සාන්ත ජෝන් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 84ක් ලබාගෙන සිටියේය. අවසානයේ සාන්ත ජෝන් පළමු ඉනිම ලකුණු 85කට සීමා විය.

මනීෂ රූපසිංහ ලකුණු 26ක් ලබාගෙන සාන්ත තෝමස් දෙවන ඉනිම ලකුණු 97ක් දක්වා රැගෙන ඒමට සවියක් වූයේ, එන්. රතුශන් කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂ ලෙස පන්දු යැවූ නිසාවෙනි.

ලකුණු 140ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත ජෝන් විද්‍යාලයට  තරගය අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 88ක් පමණි. වී. ජතුෂන් ලකුණු  25යි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 128/10 (62): මන්තිල විජේරත්න 69*, රයන් ප්‍රනාන්දු 15, වී. ජතුෂන් 4/30, කේ. කපිල්රාජ් 3/31, එම්. අභිනාෂ් 2/29.

සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉනිම – 85/10 (33): වී. ජතුෂන් 32, එන්. රතුෂන් 14*, ශැනොන් ප්‍රනාන්දු 3/09, තෙවින් ඊරියගම 3/14, මොහොමඩ් අසාම් 3/15.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම – 97/10 (54): මනිෂ රූපසිංහ 26, මන්තිල විජේරත්න 17, එන්. රතුෂන් 5/26, කේ. කපිල්රාජ් 2/16.

සාන්ත ජෝන් විද්‍යාලය දෙවන ඉනිම – 88/6 (41): වී. ජතුෂන් 25, දිනොෂන් 21*, කේ. අභිනාෂ් 20, ශැනොන් ප්‍රනාන්දු 4/27.

ප්‍රතිඵලය – සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<