ඩී. එස්. – සුම්මා අතරින් බිඳ වැටෙන්නේ කාගේ අපරාජිත වාර්තාව ද?

1057

2019 සිංගර් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩය මෙන්ම B කාණ්ඩයත් ඉතා උණුසුම්. ඒ අතරත් IIB ඉතාමත්ම තරගකාරී කාණ්ඩයක්. IIB කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම තීරණය කරන තරගය විය හැකි, සුපිරි තරගයක් හෙට (24) පැවැත්වෙන්නේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මහනුවර සුමංගල විද්‍යාලය අතරයි. මේ ඒ පිළිබඳ පෙර විමසුමක්.

​සුමංගල ක්‍රීඩක ජයතිලකගෙන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවන සතියේ ආරම්භය සනිටුහන් කරමින් පැවති….

ගෙවුණු සති තුන

කණ්ඩායම් දෙකම ගෙවී ගිය සති තුනේ දී ඉතා ඉහළ දස්කම් දැක්වූයේ ප්‍රතිවාදීන් අන්ත අසරණ කරමිනි.

ඩී. එස්. සේනානායක කණ්ඩායම සිය පළමු තරගයේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය රග්බි කණ්ඩායමට ලකුණු 53-03ක දරුණු පරාජයත් අත්කර දුන්නේ ඔවුන් හිස් අතින් නැවත ගාල්ලට හරවා යවමිනි. ඒ අතර පල්ලෙකැලේ ආක්‍රමණයට ගිය ආනන්ද කණ්ඩායම සුමංගල විද්‍යාලය හමුවේ පරාජය වූයේ ලකුණු 34-18ක් ලෙසයි.

දෙවන සති අන්තයේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලයට දැවැන්ත බෙනඩික්ට් ඉදිරිපෙළින් දැවැන්ත අභියෝගයක් හිමි වුනේ බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීමයි. ලකුණු 52-06ක් ලෙස සිය දෙවන අර්ධ ශතකයත් වාර්තා කර ගැනීමට ඩී. එස්. ක්‍රීඩකයින් සමත් වූයේ බෙනඩික්ට් ක්‍රීඩකයින් අසරණ කරමිනි.

ඒ සති අන්තයේ කොළඹ පැමිණි සුමංගල කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ ලුම්බිණි විද්‍යාලයයි. ලකුණු 14-00ක සිට අලංකර උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් ලකුණු 14-19ක් ලෙස තරගයේ ජය නුවරට රැගෙන යන්නට සුමංගල නායක අමේෂ් දිල්ශාන් සමත් වූයේ සුපිරි උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමිනි.

Video – “අපි අනිවාර්යයෙන් Plate Champions වෙනවා” – ලලන්ක විජේසුන්දර DS

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ඊයේ (15) DS සේනානායක….

තෙවන සති අන්තය කණ්ඩායම් දෙකටම තරමක පහසු ජයග්‍රහණ හිමි විය. බෙනඩික්ට් ක්‍රීඩාංගණයට ගිය සුමංගල ක්‍රීඩකයෝ ලකුණු 38-17ක් ලෙස බෙනඩික්ට් ක්‍රීඩකයින් දණින් වට්ටද්දී, ආනන්දයට දරුණු ප්‍රහාරයක් එල්ල කළ ඩී. එස්. ක්‍රීඩකයෝ ලකුණු 69ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගුවේ ප්‍රතිවාදීන්ට ලකුණු තුනක් පමණක් ලබා දෙමිනි.

තීරණාත්මක තරගය

හෙට තරගය ඉතා වැදගත් වන්නේ IIB කාණ්ඩයේ පළමු ස්ථානය, එනම් අපරාජිත කණ්ඩායම තෝරාගනු ලබන තරගය මෙය විය හැකි බැවිනි. ඒ මේ කණ්ඩායම් දෙක හැරුණුකොට අනෙක් කණ්ඩායම් සියල්ලම ගෙවුණු සති තුනේ එතරම් හොඳ ක්‍රීඩා විලාසයක් නොපෙන්වූ නිසාවෙනි.

(මේ වන විට IIB කාණ්ඩයේ ලකුණු සටහන )

කණ්ඩායම් දෙකම සහභාගී වූ තරග තුනම ජය ගෙන සිටියි. ඒ අනුව ප්‍රසාද ලකුණු 18ක් ඩී. එස්. සේනානායක කණ්ඩායමට හිමිව ඇති අතර පෙර තරගවල දක්ෂතා මත ප්‍රසාද ලකුණු 17ක් රැස් කර ගන්නට සුමංගල කණ්ඩායම සමත්ව සිටියි.

සුමංගල විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර මෙම ඉතා වැදගත් තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දීයි. ඒ නිසාම තරග ආරම්භයට පෙරම යම්කිසි වාසියක් සුමංගල විද්‍යාලයට හිමි වනු නොඅනුමානය.

DS ප්‍රහාරයෙන් ආනන්ද ක්‍රීඩකයින්ට දැඩි අලාභ හානී

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (14) CR&FC ක්‍රීඩාංගණයේ දී….

මේ දිනවල සවස්වරුවේ මහනුවර ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නිසාත්, පිටියේ ස්වභාවය නිසාත් කණ්ඩායම් දෙකේම වේගවත් ක්‍රීඩා රටාවට බලපෑම් එල්ලවනු ඇත.

ප්‍රබල තුරුම්පු

සුමංගල කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුව ඔවුන්ගේ නායකයායි. අමේෂ් දිල්ශාන් සිය වේගවත් ක්‍රීඩා විලාසයෙන් ලුම්බිණි කණ්ඩායම අතේ තිබූ ජයග්‍රහණය මහනුවරට ඔසවාගෙන යන්නට සමත් වූ අතර ඔහු ඒ තරගයේ දී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළේ සුපිරි දක්ෂතා පෙන්නුම් කරමිනි.

සුමංගල කණ්ඩායමේ උත්සාහක දිනුම්වලට උපරිම සාධාරණයක් ඉටු කරමින් උමේෂ වීරකෝන් කණ්ඩායමේ පන්දුවට පා පහර දීමේ කටයුත්ත ඉටු කරයි. අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන ඔහු හෙට තරගයේ දී කණ්ඩායමේ ප්‍රධානතම බලාපොරොත්තුවක්.

පසුපෙළට සවිය දෙන සුමංගල කණ්ඩායමේ අනෙක් තුරුම්පුව ආර්. ජයතිලක බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව සුපිරි දස්කම් දැක්වූ ඔහු ප්‍රතිවාදීන් මවිත කරමින් තෙවරක් ලකුණු රැස් කළේ සිය කණ්ඩායමට දිනුම දිනා දෙමිනි.

වසර පහක අත්දැකීම් සමඟින් විෂාල් විජේසිරි කණ්ඩායම මෙහෙය වන අතර ඔහුගේ අත්දැකීම් කණ්ඩයමේ ප්‍රධානතම අවිය වනු ඇත. එක් ක්‍රීඩකයෙකු දෙදෙනෙකුට සීමා නොවී ඔවුන්ගේ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු සඳහා දායකත්වය දක්වන්නේ කණ්ඩායමේ සාර්ථකත්වය සිය මූලික අධිෂ්ඨානය කර ගනිමිනි.

නායකයාගේ අගසව්වා වෙමින් දිනූෂ හේමසිරි හෙට තරගයේ දී ප්‍රතිවාදීන්ට ගැටලු රැසක් ඇති කරනු ඇත. නිසි ඉලක්කයෙන් පන්දුව ගෝල කණු අතරින් පා කර හරින ඔහු අවස්ථාව ලැබුණු වහාම ධවල රේඛාව ද ඉක්මවා යන්නේ කණ්ඩායම වෙනුවෙන් සෑම අතින්ම දක්ෂතා දක්වමිනි. මේ වන විට කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ද වන ඔහු හෙට තරගයේ වැදගත්ම සාධකයක් වනු ඇත.

ThePapare.com තරගයේ වීරයා ලෙස ද නම් කෙරුණු නවීඩ් සිද්දික් කණ්ඩායමේ තවත් බලාපොරොත්තුවක්. Flanker ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු හෙට තරගයේ තීරණයට සෑහෙන බලපෑමක් එල්ල කළ හැකි ක්‍රීඩකයෙකි.

IIB කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම තීරණය කෙරෙන සුමංගල, ඩී. එස්. සුපිරි රග්බි ගැටුම හෙට (24) මහනුවර නිත්තවෙල දී පැවැත්වෙනු ඇත. තරග වාර්තා හා සේයාරූ ලද සැණින් ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<