විද්‍යාර්ථ – සහිරා කරට කර ගොස් සැනසෙති

1151

පසුගිය මාස කිහිපය පුරා රට තුල උද්ගතව තිබූ අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබූ ‘2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය’ යළිත් ආරම්භ කරමින් මෙම සති අන්තයේ ‘මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණය’ උණුසුම් කරමින් තවත් තරගයක් ඊයේ (08) පැවැත්විය. ඒ 2019 පාසල් රග්බි තරග වාරයේ ‘බී කාණ්ඩය’ යටතේ උරෙන්උර ගැටෙන ප්‍රබල මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතරයි.

ආරම්භයේ සිටම තියුණු මුහුණු වරක් ගත් තරගයේ අවසන් ප්‍රතිඵලය ලකුණු 24-24ක් ලෙස සම ලකුණු මට්ටමක තිබිය දී අවසන් වූයේ දෙපිලේම ක්‍රීඩකයින් තම අන්තයේ ආරක්ෂාව තීව්‍ර කිරීමට දැඩි පරිශ්‍රමයක් ගැනීමේ ප්‍රතිඵලය හේතුවෙනි.

ඩී. එස්. ක්‍රීඩකයින් වැස්සේ ජය පැන් බොයි

සත්කාරක කුරුණෑගල මලියදේව ක්‍රීඩකයින්ගේ සිහින බොඳ කරමින් “2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ…

තරගය ආරම්භ කරමින් පළමු ලකුණ සටහන් කිරීමට විද්‍යාර්ථ කණ්ඩායමේ ‘FLANKER’ ක්‍රීඩක ධනුෂ්ක නලීන් සමත් විය. 15 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් මගින් ලකුණු එකතු කිරීම ආරම්භ කළ ධනුෂ්ක සිය කණ්ඩායමට ලකුණු 5ක් එක් කරන විට, එහි ප්‍රවර්තනය සාර්ථක කරමින් ලකුණු සම්පූර්ණ කිරීමට චාරුක දිල්ශාන් සමත් විය.

කෙසේ වෙතත් තරගය ආරම්භ වී මිනිත්තු 15ක් වැනි කෙටි කාලයකින් මුහුණ දුන් ආක්‍රමණයට නිසි පිළිතුරක් ලබා දීමට 24 වැනි මිනිත්තුවේ දී සහිරා විද්‍යාලයේ ‘FLANKER’ ක්‍රීඩක ෆර්හාන් සුහායිබ් සමත් විය.

ධවල රේඛාව මත පන්දුව නිසි ලෙස තබමින් ඔහු ලකුණු එක් කරන විට, එහි ලකුණු සම්පූර්ණ කරමින් විභාත් විශ්වජිත් ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (විද්‍යාර්ථ 07- 07 සහිරා)

අනතුරුව 30 වැනි මිනිත්තුවේ දී සහිරා විද්‍යාලයේ ක්‍රීඩකයෙකුගේ අපරීක්ෂාකාරී ක්‍රීඩා රටාව හේතුවෙන් විද්‍යාර්ථ විද්‍යාලයට දඬුවම් පහරක් ලබා දීමට ප්‍රධාන විනිසුරු ප්‍රිය සුරංග කටයුතු කළේය. ඒ අවසරයෙන් ලැබූ අවස්ථාව ඵලදායීව ප්‍රයෝජනයට ගත් ‘WING’ ක්‍රීඩක චාරුක දිල්ශාන් දඬුවම් පහර සාර්ථක කර ගනිමින් ලකුණු 03ක් එකතු කළේය. (විද්‍යාර්ථ 10-07 සහිරා)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

දෙපිලටම සිතු සේ ලකුණු රැස් කර ගැනීමට නොහැකි වන ලෙසින් ආරක්ෂාව තර කර ගනිමින් ක්‍රියාත්මක වූ පළමු අර්ධයේ අවසන් අදියරට තරගය පැමිණි විට ලකුණු 03ක් පසුපසින් සිටි සහිරාවන් විද්‍යාර්ථ ආරක්ෂක බැමි කඩා බිඳ දමමින් නැවත වරක් ධවල රේඛාව දක්වා පන්දුව රැගෙන යාමට සමත් විය.

එවර දැඩි පරිශ්‍රමයක් දරමින් දක්ෂ ධාවනයක යෙදුණේ සහිරා විද්‍යාලයේ ‘FLANKER’ ක්‍රීඩක සයිඩ් තාජුඩීන්ය. ඔහු ලබා ගත් උත්සාහක දිනුමේ ලකුණු සම්පූර්ණ කරමින් ප්‍රවර්තනය නිසි එල්ලයට යොමු කිරීමට යළිත් වරක් ක්‍රියාත්මක වූ විභාත් විශ්වජිත් සමත් විය. ඒ අනුව පළමු අර්ධය නිමා වන විට ලකුණු 14- 10ක් වශයෙන් පෙරමුණ ගැනීමට මරදාන සහිරා කණ්ඩායම සමත් විය.

ප්‍රථම අර්ධය: මරදාන සහිරා විද්‍යාලය 14-10 මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය

අනතුරුව දෙවන අර්ධය ආරම්භ කරමින් ලකුණු 04ක් පිටුපසින් සිට යම් පීඩනයකින් වූවත්, සත්කාරකයින් බලාපොරොත්තු සහගතව පිටියට පිවිසිය ද, සහීරාවන්ගෙන් කිසිදු ලිහිල් බවක් අත්විඳිමට විද්‍යාර්ථයින්ට නොහැකි විය.

ඒ අනුව සිය ආක්‍රමණය තව තවත් දැඩි කරමින් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 5ක් ගත වන විට නැවත වරක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඩිල්ශාන් විතක්ෂණ සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකව සටහන් කිරීමට යළිත් වරක් විභාත් විශ්වජිත් සමත් විය. (සහිරා 21-10 විද්‍යාර්ථ)

12 වැනි මිනිත්තුව වන විට තරගයේ උද්වේගකර බව තව තවත් වැඩි වීම හේතුවෙන් දිනයේ නිකුත් කළ එකම කහ කාඩ් පත නිකුත් කිරීමට ප්‍රධාන විනිසුරුවරයා කටයුතු කළේය. සහිරා ‘WING’ ක්‍රීඩක ෆර්හාන් සුහායිබ්ට එම කහ කාඩ්පත් අවවාදය සිදු කළේය.

රාජකීයයෝ දෙවන අර්ධයේ දී බලය තහවුරු කර ගනියි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ කුසලාන ශූරතාවයේ තරගයක දී කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස…

අනතුරුව දෙවන අර්ධයේ 26 වැනි මිනිත්තුව තෙක් වික්ෂිප්ත දෑසින් තරගය දෙස බලා සිටි විද්‍යාර්ථ ප්‍රේක්ෂකයින්ට යළිත් ඔල්වරසන් දීමට අවස්ථාවක් උදා කිරීමට යළිත් වරක් ක්‍රියාත්මක වූ චාරුක දිල්ශාන් සමත් විය.

සහිරා ආරක්ෂක බලමුළු සුනුවිසුනු කරමින් පන්දුව ලද සැණින් ධවල රේඛාව වෙත සාර්ථක ධාවනයක නිරත වූ චාරුක උත්සාහක දිනුමකින් ලකුණු 05ක් සිය කණ්ඩායමට එක් කර, ඉන් නොනැවතී ඔහු විසින්ම එහි ප්‍රවර්තනය ද නිසි එල්ලයට යොමු කළේ තවදුරටත් කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු වැඩි දියුණු කරමිනි.

කෙසේ වෙතත් 32 වැනි මිනිත්තුවේ දී විද්‍යාර්ථයින්ගේ දැඩි ක්‍රීඩා රටාව හේතුවෙන් සිදු වූ අත්වැරැද්දකට දඬුවමක් වශයෙන් සහිරාවන්ට දඬුවම් පහරක් ලබා දීමට ප්‍රධාන විනිසුරුවරයා කටයුතු කළේය.

ලද අවස්ථාව ලකුණක් එකතු කර ගැනීම වෙනුවෙන් සාර්ථකව උපයෝගී කර ගත් සහිරාවේ විභාත් විශ්වජිත් තරගයේ ඔවුන් ලබා ගත් අවසන් ලකුණු 03 සිය කණ්ඩායමට එක් කිරීමට සමත් විය. (විද්‍යාර්ථ 17- 24 සහිරා)

තරග අවසානය සටහන් කිරීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබෙන තෙක් සත්කාරකයින්ට නොසිතූ අභියෝගයක් සහ පීඩනයක් එල්ල කිරීමට සහිරාවන් සමත්ව සිටිය ද, ඒ වන විටත් තරගයේ ලකුණු තත්ත්වය සම කර ගැනීමට එක් පූර්ණ ලකුණක් ලබා ගැනීම විද්‍යාර්ථයින්ගේ එකම අරමුණ වී තිබුණි.

අවස්ථා කිහිපයක දී පන්දුව සිය භාරයට ගෙන විද්‍යාර්ථයින් ලකුණු රැස් කිරීමට උත්සහ දැරුව ද එම අවස්ථා ව්‍යර්ථ විය.

වෙස්ලි නිල් අකුණු සැරය ඉසිපතනය දවා අළු කරයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් අද (8) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ ප්‍රබල…

එහෙත් 50 වැනි මිනිත්තුවේ දී විද්‍යාර්ථ ප්‍රේක්ෂකයන්ට යළිත් වරක් ඔල්වරසන් තැබීමට අවස්ථාව උදා කරමින්,  තරගයේ පෙරළිකාරම ක්‍රීඩකයා තමන් බව නැවත වරක් සහතික කරමින් ධනුෂ්ක නලීන් දෙවන වරටත් ධවල රේඛාවෙන් එපිට පන්දුව ස්පර්ශ කරවමින් සාර්ථක උත්සාහක දිනුමක් සටහන් කර විද්‍යාර්ථයින්ගේ බලාපොරොත්තු දැල්වීමට සමත් විය. තරගයේ දෙපිලේම ලකුණු තත්ත්වය සම කිරීම වෙනුවෙන් එහි ප්‍රවර්තනය සුරැකිව ස්ථානගත කිරීමට දිනයේ දක්ෂතම සහ කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ චාරුක දිල්ශාන් සමත් විය.

ඒ අවසරයෙන් පරාජය පෙනි පෙනී තිබිය දී එය වළක්වා ගැනීමට විද්‍යාර්ථයින් සමත් වූ අතර අනතුරුව තරගය අවසන් බවට ප්‍රධාන විනිසුරුවරයා සංඥාව නිකුත් කරන තෙක් කණ්ඩායම් දෙකටම කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි විය.

අවසන් ලකුණු තත්ත්වය: මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය 24 (3T, 3C, 1P) – 24 (3T, 3C, 1P) මරදාන සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: චාරුක දිල්ශාන් (විද්‍යාර්ථ)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්:

  • විද්‍යාර්ථ විද්‍යාලය: චාරුක දිල්ශාන් (1T, 3C, 1P), ධනුෂ්ක නලීන් (2T)
  • සහිරා විද්‍යාලය: විභාත් විශ්වජිත් (3C, 1P), සයිඩ් තාජුඩීන් (1T), ඩිල්ශාන් විතක්ෂණ (1T), ෆර්හාන් සුහායිබ් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<