සුපිරි ජයක් සමඟින් විද්‍යාර්ථයින් A සිහිනය සැබෑ කරගනියි

1438

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසාන සති අන්තය අද (29) ආරම්භ වූ අතර පලඟ ශූරතාවයේ ඉතා වැදගත් තරගයක් අද (29) පැවැත්වුණේ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතරයි. 

සුපිරි තරගයකට පසු 2020 වසරේ A කාණ්ඩයේ වරම් දිනා ගන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් වුනේ ලකුණු 29 -21ක් ලෙසයි. තරගය පැවැත්වුණේ කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දීයි. 

පළඟ ශූරතාවයෙන් A කාණ්ඩයට දොරටු ඇරෙන්නේ කාටද?

වෙහෙසකාරී සති 9ක පාසල් රග්බි ලීගයෙන් අනතුරුව සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසන්…

මෙම තරගය කණ්ඩායම් දෙකටම වැදගත් වුනේ A කාණ්ඩයට පිවිසීමට කණ්ඩායම් තුනක් සටනේ සිටීමයි. මහනුවර ධර්මරාජ විද්‍යාලය පසුගිය සතියේ දී ඩී. එස් සේනානායක විද්‍යාලය පරාජය කරන්නට සමත් වූ අතර ඒ නිසාම මේ සතියේ ඩී. එස් සේනානායක විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය අතරින් ජය ගන්නා කණ්ඩායම පලඟ කුසලානයේ අවසන් කණ්ඩායම් හතර තුළට අවස්ථාවක්  පැවතුණා. 

සුමංගල විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය අතර තරගයත් අද මහනුවර දී පැවැත්වුණු අතර ධර්මරාජ විද්‍යාලය එම තරගය ජයගතහොත් ඔවුන්ට අවසන් කණ්ඩායම් හතර තුලට ඇතුළත් වීමට අවස්ථාව හිමි වනවා.

කෙසේ වෙතත් වසර තුනක වෙහෙස මහන්සියේ සාර්ථක ප්‍රතිඵල නෙළා ගනිමින් 2013 වසර පසුව විද්‍යාර්ථ කණ්ඩායම පළමු වතාවට A කාණ්ඩයේ වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ඩී. එස් පා පහරින් තරගය ආරම්භ වූ අතර තරගයේ පළමුවෙන් ලකුණු රැස් කළේ විද්‍යාර්ථ විද්‍යාලයයි. 6 වැනි මිනිත්තුවේ දී ජයකොඩි විද්‍යාර්ථ විද්‍යාලය වෙනුවෙන් පිටිය කොණෙන් උත්සාහක දිනුමක් සොරා ගත් අතර ඔහුගේ මහන්සියට උපරිම සාධාරණය ඉටු කරමින්  කළුආරච්චි අමතර ලකුණු එකතු කරන්නට සමත් වුනා. (විද්‍යාර්ථ 07-00 ඩී. එස්)

විද්‍යා ක්‍රීඩකයන්ගෙන් ප්‍රබල ප්‍රහාරයක්

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ අවසන් සති කීපයට අදාල තරග…

විද්‍යාර්ථ ක්‍රීඩකයින් දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු අතර 10 වැනි මිනිත්තුවේ විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යෑමට ඉඩ නොදී කළ අනිසි බලපෑමක් නිසා විනිසුරු විද්‍යාර්ථ කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් ලබා දුන්නා. ඒ සමඟම එම අතපසුවීම නිසා ඩී. එස් ක්‍රීඩක නවීන් සිද්දික් හට කහ කාඩ්පතක් හිමි වූයේ විද්‍යාර්ථයට අමතර වාසියක් ගෙනෙමින්. (විද්‍යාර්ථ 14-00 ඩී. එස්) 

13 වැනි මිනිත්තුවේ දී විද්‍යාර්ථ ක්‍රීඩක රුක්ෂාන් වීරසිංහ හට ඔවුන්ගේ උත්සාහක දිනුම් සීමාව අසල දී ම කහ කාඩ්පතක් හිමි වූ අතර ක්‍රීඩක වාසියක් නොමැති වුනත් දඬුවම් පහරේ වාසිය ලබා ගත් මල්ෂාන් විමුක්ති ඩී. එස් කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළා. සාරංග උඩවත්ත එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තා. (විද්‍යාර්ථ 14-07 ඩී. එස්) 

17 වැනි මිනිත්තුවේ දී ප්‍රබලතම ඩී. එස් ක්‍රීඩකයෙකු වන ලලන්ක විජේසුන්දර හට කහ කාඩ්පතක් හිමි වූයේ අවාසනාවන්ත ලෙසයි. වේගවත් ධාවකයෙකු වූ ලලංකගේ අහිමි වීම මැනවින් ප්‍රයෝජන යට ගත් විද්‍යාර්ථ ස්ක්‍රම් ක්‍රීඩකයා පන්දුව සිය පසු පෙළට භා රදුන් අතර විද්‍යාර්ථ වින්ග් ක්‍රීඩකයා වේගවත් ධාවනයක් සමඟින් ධවල රේඛාව ඉක්මවා ගියේ ඩී. එස් ආරක්ෂක ක්‍රීඩකයින්ගෙන් රිංගා යමින්. කළුආරච්චි එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැහැ. (විද්‍යාර්ථ 19-07 ඩී. එස්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

දිගින් දිගටම විද්‍යාර්ථ ක්‍රීඩකයින් ඩී. එස් අර්ධය ආක්‍රමණයේ නිරත වූ අතර 28 වැනි මිනිත්තුවේ දී විද්‍යාර්ථ ඉදිරිපෙළ ක්‍රීඩකයින්ට උත්සාහක දිනුම් සීමාව ආසන්නයේ දී ම පන්දුව අතහැරුණේ අවාසනාවන්ත ලෙසයි.

කෙසේ වෙතත් දිගින් දිගටම උත්සහ කළ ඔවුන් නැවත වතාවක් 35 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ හිමාෂ සෙව්වන්දගේ සුරතින්. කළුආරච්චි එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (විද්‍යාර්ථ 26-07 ඩී. එස්)

පළමු අර්ධය: විද්‍යාර්ථ විද්‍යාලය 26 (4T, 3C) – 07 (1T, 1C) ඩි. එස් සේනානායක විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයත් සමඟ විද්‍යාර්ථ විද්‍යාලය දඬුවම් පහරක් සමඟින් ලකුණු රැස් කළේ දෙවන අර්ධයත් ඔවුන් තමන්ගේ ග්‍රහණයට ගන්නා බවට පෙර මඟ සලකුණු පෙනවමින්. (විද්‍යාර්ථ 29-07 ඩී. එස්) 

කෙසේ වෙතත් පළමු අර්ධයේ නිදා සිටි ඩී. එස් ක්‍රීඩකයින් දෙවන අර්ධයේ දී අවදි වූ අතර ඔවුන් පිටිය දෙවනත් කළේ විද්‍යාර්ථ කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරමින්. 44 වැනි මිනිත්තුවේ දී ඩී. එස් සේනානායක ඉදිරිපෙළ ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ කිශාර මයුරවංශගේ උත්සාහයෙනි. එහි ප්‍රවර්තනය සාරංග උඩවත්ත සාර්ථක කර ගත්තා. (විද්‍යාර්ථ 29-14 ඩී. එස්) 

ඩී. එස් ක්‍රීඩකයින් සිය සුපුරුදු ක්‍රීඩා විලාසයට අනුව පන්දුව තමන්ගේ අතේම තබා ගනිමින් ක්‍රීඩා කළ අතර 60 වැනි මිනිත්තුවේ දී ඔවුන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ විද්‍යාර්ථ කණ්ඩායම බියට පත් කරමින්. යොහාන් හේවාවිතාරණ එම උත්සාහක දිනුම වාර්තා කළ අතර නිශාල් අකලංක එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (විද්‍යාර්ථ 29-21 ඩී. එස්)

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික තරගාවලිය 29 වැනිදා

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලානය එළිදැක්වීමේ මාධ්‍ය හමුවක්…

අවසන් මිනිත්තු කිහිපයේ දී විද්‍යාර්ථ ක්‍රීඩකයින් ඉතා සෙමින් ක්‍රීඩා කළ කාලය සමඟ සටනක යෙදෙමින්. ඩී. එස් ක්‍රීඩකයින් කෙතරම් ප්‍රබල සටනක් එල්ල කළත් සංසුන්ව පීඩනය දරා ගත් විද්‍යාර්ථ ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණ ද දිනා ගනිමින් පලඟ අනුශූරයින් බවට පත්වන්නට සමත් වුනා.

ඒ අනුව විද්‍යාර්ථ විද්‍යාලය 2020 වසරේ සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ සිය අසුන වෙන් කර ගත්තා.

අවසන් ලකුණු තත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 29 (3T, 1PT, 1P, 2C) – 21 (3T, 3C) ඩී. එස් සේනානායක විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: කවීෂ විජේරත්න (විද්‍යාර්ථ)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • විද්‍යාර්ථ විද්‍යාලය – ජයකොඩි (1T), සී. කළුආරච්චි (1P, 2C), හිමාෂ සෙව්වන්ද (1T)  
  • ඩී. එස් සේනානායක විද්‍යාලය – මල්ෂාන් විමුක්ති (1T), සාරංග උඩවත්ත (2C), කිශාර මයුරවංශ (1T), නිශාල් අකලංක (1C), යොහාන් හේවාවිතාරණ (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <