තියුණු පරතරයකින් සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට ජය

591

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ පළඟ ශූරතාවයේ තරගයක් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය ඊයේ (07) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ලකුණු 24-21ක් ලෙස තියුණු ජයක් හිමිකර ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් විය.

ඩී. එස්. ක්‍රීඩකයින් වැස්සේ ජය පැන් බොයි

සත්කාරක කුරුණෑගල මලියදේව ක්‍රීඩකයින්ගේ සිහින බොඳ කරමින් “2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි…..

තරගයේ පළමු අර්ධයේ සිටම කරට කර ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට මහනුවර ධර්මරාජ විද්‍යාල කණ්ඩායමේ එන්. විජේසිරි සමත් විය. තරගයේ 09 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට විජේසිරි සමත් විය. (සාන්ත අන්තෝනි 00 – 07 ධර්මරාජ)

තරගයේ 26 වැනි මිනිත්තුවේ දී තම කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සාන්ත අන්තෝනි විද්‍යාල කණ්ඩායමේ ආර්. විජේවර්ධන සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඒ. ඒකනායක සමත් විය. (සාන්ත අන්තෝනි 07 – 07 ධර්මරාජ)

එම උත්සාහක දිනුම වාර්තා කර මිනිත්තු 03ක් (තරගයේ 29 වන මිනිත්තුවේ) ගත වූ පසු නැවතත් සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා විය. එස්. වසීම් විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඒ. ඒකනායක සමත් විය. (සාන්ත අන්තෝනි 14 – 07 ධර්මරාජ)

Photo Album – Singer Schools Rugby League Round 2 – St. Anthony’s College Vs Dharmaraja College

පළමු අර්ධය: සාන්ත අන්තෝනි විද්‍යාලය 14 – 07 ධර්මරාජ විද්‍යාලය  

තරගයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 10ක් ගත වූ පසු (තරගයේ 45 වන මිනිත්තුවේ දී) ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ටී. වික්‍රමසිංහ සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට එන්. විජේසිරි සමත් විය. (සාන්ත අන්තෝනි 14 – 14 ධර්මරාජ)

තරගයේ ලකුණු තත්වය සමවී තිබූ අවස්ථාවේ තම කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කර (තරගයේ 55 වැනි මිනිත්තුවේ දී) නැවත පෙරමුණ ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලයේ ආර්. අමරසිංහ සමත් විය. ඔහු වාර්තා කළ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඒ. ඒකනායක සමත් විය. (සාන්ත අන්තෝනි 21 – 14 ධර්මරාජ)

ශ්‍රී ලංකාව තවත් පහළට?

ශ්‍රී ලංකාව කියන්නේ පසුගිය කාලයේ රග්බි ක්‍රීඩාවෙන් ඉතා ඉහළ මට්ටමේ දක්ෂතා දක්වපු කණ්ඩායමක්….

එම උත්සාහක දිනුම වාර්තා කර මිනිත්තු 07ක් පමණ ගත වූ පසු හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලයේ ඒ. ඒකනායක සමත් විය. (සාන්ත අන්තෝනි 24 – 14 ධර්මරාජ)

තරගය නිමා වීමට ප්‍රථම තරගයේ අවසන් මිනිත්තුවේ දී ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට එන්. විජේසිරි සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට විජේසිරි සමත් වුවත් තරගය ජයග්‍රහණය කිරීමට එය ප්‍රමාණවත් නොවීය. (සාන්ත අන්තෝනි 24 – 21 ධර්මරාජ)

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 24 – 21 ධර්මරාජ විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – ආර්. විජේවර්ධන (1T), ඒ. ඒකනායක (1T, 3C, 1P), එස් වසීම් (1T)
  • ධර්මරාජ විද්‍යාලය – එන්. විජේසිරි (2T, 3C), ටී. වික්‍රමසිංහ (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<