ඇතුගල්පුරයේ ජයග්‍රහණයට ප්‍රවර්තනයක් හරස්වෙයි

192

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවයේ තවත් එක් තරගයක් ඊයේ (20) දින කුරුණෑගලදී පැවැත්විනි. ඒ සත්කාරක කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගයයි. එහිදී ලකුණු 24 – 26ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලය සමත්විය.

විද්‍යාර්ථයින් නැවතත් A කාණ්ඩයට පැමිණෙයි ද?

විද්‍යාර්ථ විද්‍යාලය මෙම (2019) වසරේදී සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේදී ඉතා හොඳින් දක්ෂතා…

තරගය පස්වරු 4ට ආරම්භ වූ අතර පසුගිය සතියේ සුමංගල විද්‍යාලයට එරෙහි තරගය ජයගනිමින් හොඳ මානසිකත්වයකින් කුරුණෑගල මලියදේව විද්‍යාලය තරගයට අවතීර්ණ වන ආකාරයක් දක්නට ලැබුනි.

තරගයේ පළමු මිනිත්තු 10 තුළදීම මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පිටිය අත්පත් කරගනිමින් ආක්‍රමණශීලීව ක්‍රීඩා කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් දනුජය සෙනෙවිරත්න උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු රැස්කිරීම ආරම්භ කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තිරූෂ ඒකනායක සමත්විය.  (මලියදේව 00 – 07 සාන්ත අන්තෝනි)

එම අභියෝගයෙන් නොනැවතුණු මලියදේව ක්‍රීඩකයින් තමාගේ ඉදිරිපෙළ හොඳින් හසුරවමින් ක්‍රීඩා කළ අතර එහිදී මලියදේව විද්‍යාලය වෙනුවෙන් තරිඳු දිදුලංග උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (මලියදේව 05 – 07 සාන්ත අන්තෝනි)

ඒත් සමඟින් තරගය මද වේලාවක් මන්දගාමී වූ අතර තරගයේ 25 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ අන්තෝනි විද්‍යාල ක්‍රීඩක ටීක්ෂ ගුණසිංහ අලංකාර ධාවනයක නිරත වෙමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තිරූෂ ඒකනායක සමත්විය. (මලියදේව 05 – 14 සාන්ත අන්තෝනි)

තරගයේ 34 වැනි මිනිත්තුවේදී නැවත මලියදේව ආරක්ෂණය බිඳ හෙලූ ටීක්ෂ ගුණසිංහ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර තිරූෂ ඒකනායක එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් තරගයේ පළමු අර්ධය නිමාවට පත්විය. (මලියදේව 05 – 21 සාන්ත අන්තෝනි)

ප්‍රථම අර්ධය – මලියදේව විද්‍යාලය 05 – 21 සාන්ත අන්තෝනි විද්‍යාලය

Photos: St. Anthony’s College Vs Maliyadeva College | Schools Rugby League 2019 (Plate Segment)

තරගයේ දෙවන අර්ධයේදී මලියදේව ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුනි. එසේම ඔවුන්ගේ ක්‍රීඩා විලාශයේ වෙනස්කම් කිහිපයක් දක්නට ලැබුනි. පන්දුව තම අන්තයේ තබාගනිමින් ප්‍රවේසමින් තරගයට අවතීර්ණ වුනු මලියදේවයන් තරගයේ 45 වැනි මිනිත්තුවේදී ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් කවිඳු ගනේගෙදර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට කෞශල්‍ය ගුණවීර සමත්විය. (මලියදේව 12 – 21 සාන්ත අන්තෝනි)

නමුත් මලියදේව ඉදිරිපෙළේ අභියෝගය ඉදිරියේ නොසැලී තම වේගය රඳවා ගනිමින් සාන්ත අන්තෝනි ක්‍රීඩක ජෙයාන් අමරසිංහ තරගයේ 50 වැනි මිනිත්තුවේදී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මලියදේව 12 – 26 සාන්ත අන්තෝනි)

නමුත් තරගයේ 57 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ මලියදේව විද්‍යාලයේ ෂෙහාන් තෙන්නකෝන් විසින් අන්තෝනි ඉදිරිපෙළ විනිවිද යමින් වටිනා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (මලියදේව 17 – 21 සාන්ත අන්තෝනි)

එයින් නොනැවතුණු මලියදේව ක්‍රීඩකයින් තම ඉදිරිපෙළ ශක්තිය විදහා පාමින් කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුන අතර තරගයේ 60 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ මලියදේව විද්‍යාල ක්‍රීඩක රවිඳු මල්ලිකාරච්චි වටිනා උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් තවත් ලකුණු දෙකක් එක්කර ගැනීමට කෞශල්‍ය ගුණවීරට හැකි විය. (මලියදේව 24 – 26 සාන්ත අන්තෝනි)

තරගයේ අවසන් මිනිත්තු 10 ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර කණ්ඩායම් දෙකම කරට කර ක්‍රීඩා කරමින් තමන්ගේ අතින් කිසිඳු අත්වැරදීමක් සිදුනොවීමට වග බලාගත්හ. තමන්ගේ සියලුම වැර යොදා ක්‍රීඩා කළ නමුත් අවසන් මිනිත්තු 10 තුළ කිසිඳු කණ්ඩායමකට ලකුණු රැස්කර ගැනීමට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය – මලියදේව විද්‍යාලය 24 (4T, 2C) – 26 (4T, 3C) සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත තෝමස් ඉදිරිපෙළින් විද්‍යා විද්‍යාලයට තරවටුවක්!

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ 08 වන සතියේ තවත් තරගයක් ලෙස ගල්කිස්ස සාන්ත…

ලකුණු රැස්කළ ක්‍රීඩකයින් :

මලියදේව විද්‍යාලය – තරිඳු දිදුලංග (1T), කවිඳු ගනේගෙදර (1T), ෂෙහාන් තෙන්නකෝන් (1T), රවිඳු මල්ලිකාරච්චි (1T), කෞශල්‍ය ගුණවීර (2C).  

සාන්ත අන්තෝනි විද්‍යාලය – දනුජය සෙනෙවිරත්න (1T), ටීක්ෂ ගුණසිංහ (2T), ජෙයාන් අමරසිංහ (1T), තිරූෂ ඒකනායක (3C).  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<