ඉසිපතනයේ වේගය මැඩලමින් සාන්ත පීතරයින් ඉදිරියට

761

පසුගිය සතියේ ලද පරාජයත් සමඟ වෙනස්කම් රැසක් සමඟින් ඉසිපතන විදුහල 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ 8 වැනි සතියට පිවිසුණේ සත්කාරක සාන්ත පීතර විදුහලට එරෙහිව සටන් වැදීමටයි. නමුත් ඉසිපතන ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු බිඳ දමමින් ලකුණු 27-21ක් ලෙස තියුණු ලෙස ජය ගැනීමට සාන්ත පීතරයින් සමත් වුනේ ඉසිපතනයට තවත් අමිහිරි පරාජයක මතක ඉතිරි කරමිනි.

ත්‍රිත්ව උත්සාහයේ කඳුළු මතින් රාජකීයයෝ බ්‍රැඩ්බි පලිහ දිනති

75 වැනි බ්‍රැඩ්බි පලිහ තරගාවලියේ දෙවන අදියර අද (15) කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු…

වැසි බර කාලගුණයක් සමඟින් ආරම්භ වූ තරගයේ ආරම්භයේ දී ම සාන්ත පීතරයින් විසින් ඉසිපතන ක්‍රීඩකයින් සිය අණසකට යටත් කර ගැනීමට සමත් විය.

ඉසිපතන ක්‍රීඩකයෙකුගේ අතින් සිදු වූ අත්වැරදීමක් හේතුවෙන් හිමි වූ දඬුවම් පහරක් තේනුක නානායක්කාර විසින් සාර්ථකව ගෝල කනු අතරින් යොමු කරන්නට සමත් වූයේ ලකුණු පුවරුව ද ක්‍රියාත්මක කරමිනි. (සාන්ත පීතර 03 – 00 ඉසිපතන)

එසැනින් ක්‍රියාත්මක වූ ඉසිපතනයේ Center ක්‍රීඩක මනුල රත්නායක උත්සාහක දිනුමක් වාර්තා කරන්නේ ඉසිපතනයේ ලකුණු පුවරුව ද ක්‍රියාත්මක කරමිනි. එහි ප්‍රවර්තනයත් සාර්ථකයි. (සාන්ත පීතර 03 – 07 ඉසිපතන)

තරගයේ 10 වැනි මිනිත්තුවේ දී තවත් දඬුවම් පහරක් සාන්ත පීතර ක්‍රීඩකයින්ට හිමි වූ අතර එයින් මනා ප්‍රයෝජන ගත් තේනුක නානායක්කාර සාන්ත පීතර ලකුණු පුවරුව ලකුණු 6ක් දක්වා ඉහළ දමන ලදි. (සාන්ත පීතර 06 – 07 ඉසිපතන)

ඉසිපතන විදුහල එක් ලකුණක් ඉදිරියෙන් සිටි මොහොතක ක්‍රියාත්මක වූ ඉසිපතන Wing ක්‍රීඩක ප්‍රවීන් ස්ටෙෆාන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එයට සාධාරණයක් ඉටු කරමින් අපහසු කෝනයකින් ලැබුණු ප්‍රවර්තනය සාර්ථක කරගන්නට මනිල්ක රුබේරු සමත් විය. (සාන්ත පීතර 06 – 14 ඉසිපතන)

17 වැනි මිනිත්තුවේ දී ඉසිපතන විදුහලේ වෙනුර කෝදාගොඩට කහ කාඩ් පතක් ලබා දීමට විනිසුරු ඩින්කා පීරිස්ට සිදු විය.

ඉසිපතන ක්‍රීඩකයින්ගේ ආරක්ෂක බැම්මේ හිඩැසකින් මනාව ප්‍රයෝජනයත් සාන්ත පීතර ක්‍රීඩකයෝ 26 හා 29 වැනි මිනිත්තුවල දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් ලකුණු පුවරුවේ පෙරමුණ ගන්නට සමත් විය.

ඉශාන් ප්‍රනාන්දු සහ තේනුක නානායක්කාර උත්සාහක දිනුම් දෙකට හිමිකම් කී අතර එහි ප්‍රවර්තන දෙක ද සාර්ථක කරගන්නට ඔවුන් සමත් විය. (සාන්ත පීතර 20 – 14 ඉසිපතන)

කිංග්ස්වුඩ් හමුවේ සේනානායකයින්ගේ බල බිඳෙයි

මෙවර සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවයේ තරගයක් ලෙස කොළඹ ඩී. එස්. සේනානායක…

ඒ සමඟින් තරගයේ පීඩනය ඉසිපතන ක්‍රීඩකයින් දෙසට නතු වූ අතර කෙසේ හෝ සත්කාරකයින්ගේ බලය බිඳින්නට වෙර දැරූ ඉසිපතන ක්‍රීඩකයින් වෙනස් ආකාරයක සැලසුමක් දියත් කළේ සාන්ත පීතර ක්‍රීඩකයින් නොසිතූ අවස්ථාවකයි.

ඒ Line-Out  අවස්ථාවක දී සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ආකාරයට ක්‍රීඩකයින් 13 දෙනෙකු Line-Out අවස්ථාවට එකතු කරගනිමින්, තම ඉදිරිපෙළේ ශක්තිය වැඩි කරගනිමින් Rolling-Maul එකක් ආධාරයෙන් ධවල රේඛාව පසු කර යන්නට සමත් විය. මනිල්ක විසින් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගන්නා ලදි. (සාන්ත පීතර 20 – 21 ඉසිපතන)

ප්‍රථම අර්ධය: සාන්ත පීතර විදුහල 20 – 21 ඉසිපතන විදුහල

දෙවන අර්ධය ආරම්භ වී පළමු මිනිත්තු 15 වන තෙක්ම කණ්ඩායම් දෙකෙන්ම ඉතා මන්දගාමී ක්‍රීඩා විලාශයක් දක්නට ලැබුණි. කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතින් Knock Forward අතපසුවීම් විශාල ප්‍රමාණයක් සිදු වුනේ ක්‍රීඩාංගණයේ තිබූ තෙත බරිත බව නිසා ද නැතහොත් ඔවුන්ගේ විඩාව නිසා ද යන්න කිව නොහැක.

කෙසේ නමුත් තරගයේ 50 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් මනිල්ක රුබේරුට සාර්ථක කරගැනීමට නොහැකි විය.

වෙස්ලි ක්‍රීඩකයෝ අපරාජිතයින්ගේ ඔටුනු ගලවයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ සුපිරිම පෙරළිය සිදු කරමින් කොළඹ වෙස්ලි විද්‍යාලය අද (14) අපරාජිත මරදාන…

තවද තරගයේ 54 හා 56 වැනි මිනිත්තුවල දී ඉසිපතන ක්‍රීඩක ප්‍රවීන් ස්ටෙෆාන් සහ රවීන් බණ්ඩාරට කහ කාඩ් පත නිකුත් කරන්නේ අපරීක්ෂාකාරී ලෙස ක්‍රීඩකයින් මෙල්ල කිරීම නිසාවෙනි.

තරගයේ 59 වැනි මිනිත්තුව දක්වාම කණ්ඩායම් දෙකට කිසිදු ලකුණක් රැස්කර ගැනීමට නොහැකි විය. නමුත් තරගයේ 60 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සාන්ත පීතර ක්‍රීඩක තේනුක නානායක්කාර විසින් පීතරයින්ගේ ජයග්‍රහණයේ උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු විසින්ම එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (සාන්ත පීතර 27 – 21 ඉසිපතන)

අවසන් මිනිත්තු 10 තුල දී ඉසිපතන ක්‍රීඩකයින් ධවල රේඛාව පසු කර යාමට කොතෙක් උත්සහ කළ ද ඔවුන්ගේ පන්දුව හැසිරවීමේ දුර්වලතා හේතුවෙන් ඔවුන්ට ලකුණු ලබා ගැනීමට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය – සාන්ත පීතර විදුහල 27 (3T, 3C,2P)  – 21(3T, 3C) ඉසිපතන විදුහල

ThePapare.com තරගයේ වීරයා – තේනුක නානායක්කාර (සාන්ත පීතර විදුහල)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • සාන්ත පීතර විදුහල – තේනුක නානායක්කාර (2T, 3C, 2P), ඉශාන් ප්‍රනාන්දු (1T)
  • ඉසිපතන විදුහල – මනිල්ක රුබේරු (1T, 3C), ප්‍රවීන් ස්ටෙෆාන් (1T), මනුල රත්නායක (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<