දෙවන අර්ධයේ රාජකීය ප්‍රහාරයෙන් ඉසිපතන බලාපොරොත්තු වතුරේ යයි

641

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉතා වැදගත් තරගයක් අද (22) පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයීය හා ඉසිපතන විද්‍යාලය සමඟයි. පළමු අර්ධයේ කිසිදු ලකුණක් රැස් කිරීමට අසමත් වුනත් දෙවන අර්ධයේ දී පිටිය දෙවනත් කළ රාජකීයයෝ ලකුණු 19-06ක් ලෙස මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය දිනා ගැනීමට සමත් වූහ.

ඉසිපතන – රාජකීය රග්බි ගැටුම!

කාලයකට කලින් ඉඳලම ඉසිපතන විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය යන පාසල් දෙකම ශ්‍රී ලංකාවේ…

මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාලයට ඉතා වැදගත් වූයේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලයත් කරට කර ලීග් ශූරතාව තමන්ගේ පාසලට රැගෙන යාමට සටන් වදින බැවිනි. පසුගිය සතියේ දී වෙස්ලි විද්‍යාලය විසින් සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරන්නට සමත් වූ අතර ඒ සමඟම ලකුණු සටහනේ ප්‍රථම කණ්ඩායම් තුනටම ලීග් ශූරතාව විශේෂත්වයක්.

පසුගිය වසරේ දී කොළඹ රාජකීය විද්‍යාලය මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය දිනා ගැනීමට සමත් වූ අතර මේ මෙවර තරග වාරයේ ඉසිපතන විද්‍යාලයේ අවසන් තරගයේ වූ බැවින් ඉසිපතන ක්‍රීඩකයින් තරගයට පිවිසුණේ දැඩි අධිෂ්ඨානයෙන්.

ඉසිපතන ක්‍රීඩකයින්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තු කිහිපයේ ඉසිපතන ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක නිරත වන්නට සමත් විය. පළමු මිනිත්තු හතර තුළ තෙවතාවක්ම රාජකීය ක්‍රීඩකයින්ට ඉසිපතන ක්‍රීඩකයින් වැදගත් අවස්ථාවල දී පන්දුව පූජා කිරීම විශේෂත්වයක්.

10 වැනි මිනිත්තුවට ආසන්නයේ ඉසිපතන ක්‍රීඩකයින් රාජකීය අර්ධයේම රැඳෙමින් ප්‍රබල ආක්‍රමණයක නිරත වූ අතර එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් දඬුවම් පහරක් දිනා ගැනීමයි. එම අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගත් ඉසිපතන ක්‍රීඩකයින් ප්‍රබල රාජකීය ආරක්ෂක වළල්ල බිඳ දමමින් ලකුණු රැස් කරන්නට උත්සහ කළත් ඔවුන් ලබා ගත් Line out අවස්ථාව සාර්ථක වූයේ නැහැ.

12 වැනි මිනිත්තුවේ දී ඉසිපතන ක්‍රීඩකයින් උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගියත් විනිසුරු තීරණය කළේ පන්දුව බිම ස්පර්ශ නොවූ බවයි. කෙසේ වෙතත් මිනිත්තු පහක හයක පමණ ඉසිපතන උත්සාහය ප්‍රබල රාජකීය ප්‍රතිරෝධය හමුවේ ව්‍යර්ථ වී ගියේය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

16 වැනි මිනිත්තුවේ දී ඉසිපතන කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර මනිල්ක රුබේරු අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කර හැරියේ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්. (ඉසිපතන 03 – 00 රාජකීය)

රාජකීය ක්‍රීඩකයින් මිනිත්තු 20ක් ගතවන තුරුත් තමන්ගේ අර්ධයට සිර කර තැබීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වූ අතර 21 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් මනිල්ක රුබේරු හට සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබුණේ නැත. කෙමෙන් කෙමෙන් වර්ෂාව ඇදහැලීම ආරම්භ වූ අතර මනිල්ක රුබේරු 23 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගන්නට සමත් විය. (ඉසිපතන 06 – 00 රාජකීය)

රාජකීය ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයාට හා අචිත රධිශාන් යන ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනාටම කහ කාඩ් පත් ලබා දීමට විනිසුරු තීරණය කළේ ඉසිපතන ක්‍රීඩකයෙකුට භයානක බාධා කිරීමක් සිදු කළ නිසාවෙනි. ඒ අනුව රාජකීය කණ්ඩායම ක්‍රීඩකයින් 13 දෙනෙකුට සීමා වූයේ ඉසිපතනයට ප්‍රබල වාසියක් හිමි කර දෙමිනි.

රාජකීය ක්‍රීඩකයින් අවාසිය වාසියක් බවට හරවා ගනිමින් පන්දුව තමන්ගේ දෑතේම තබාගෙන ක්‍රීඩා කරමින් පළමු අර්ධය නිමා කළේ ඉසිපතනයට ලැබුණු වාසියෙන් කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට ඉඩ නොතබමිනි.

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 06 – 00 රාජකීය විද්‍යාලය

ඉසිපතන ක්‍රීඩකයින් දෙවන අර්ධය ද ආරම්භ කළේ රාජකීය ක්‍රීඩකයින් සිය අර්ධයේම සිර කර තබමිනි. කෙසේ වෙතත් රාජකීය ක්‍රීඩකයින් කෙමෙන් කෙමෙන් තරගයට අවතීර්ණ වූයේ පා පහර දී පන්දුව ඉදිරියට යොමු කිරීමේ සැලැස්මක් භාවිතා කරමිනි.

42 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු වරට රාජකීය ක්‍රීඩකයින් ඉසිපතන මීටර 22 සීමාව ආක්‍රමණය කිරීමට සමත් වූ අතර 43 වැනි මිනිත්තුවේ දී හා 44 වැනි මිනිත්තුවේ දී රාජකීය ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියත් විනිසුරු එම අවස්ථාව නිෂ්ප්‍රභා කළේ පන්දුව Held up අවස්ථාවලට ලක්වීම නිසාවෙනි.

46 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ රජිත ජයසූරිය ප්‍රමුඛ රාජකීය ඉදිරිපෙළ තරගයේ පළමු වතාවට ධවල රේඛාව ඉක්මවා ගියේ තරගයේ පළමු උත්සාහක දිනුම රැස් කරමිනි. මලීෂ පෙරේරා එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගන්නා ලදි. (ඉසිපතන 06 – 07 රාජකීය)

ත්‍රිත්ව උත්සාහයේ කඳුළු මතින් රාජකීයයෝ බ්‍රැඩ්බි පලිහ දිනති

75 වැනි බ්‍රැඩ්බි පලිහ තරගාවලියේ දෙවන අදියර අද (15) කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී…

රාජකීය ප්‍රහාරයට ක්ෂණික ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට ඉසිපතනයට ලැබුණු අවස්ථාවක් වතුරේ ගියේ මනිල්ක රුබේරු හට තවත් දඬුවම් පහරක් මග හැරීමත් සමඟයි.

55 වැනි මිනිත්තුවේ දී රාජකීය ඉදිරිපෙළ නැවතත් ධවල රේඛාව ඉක්මවා ගියත් විනිසුරු එම අවස්ථාව නිෂ්ප්‍රභා කරන ලදි. කෙසේ වෙතත් 56 වැනි මිනිත්තුවේ දී ඉසිපතන ක්‍රීඩකයින් රාජකීයයින්ගෙන් පන්දුව උදුරා ගත්තේ සෑහෙන වෙලාවක් ධවල රේඛාව අසලම රාජකීයයන්ගෙන් ලකුණු ආරක්ෂා කර ගැනීමෙන් අනතුරුවයි.

62 වැනි මිනිත්තුවේ දී ඉසිපතන ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් හිමි වූ අතර එහි වාසිය මැනවින් ප්‍රයෝජනයට ගත් රාජකීයයෝ දිගින් දිගටම ඉසිපතන අර්ධයේම රැඳී සිටියේ ඔවුන් දැඩි පීඩනයකට ලක් කරමිනි.

66 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු ලෙහාන් ගුණරත්න පිටිය කොනෙන් අලංකාර උත්සාහක දිනුමක් රැස් කරමින් තරගය සම්පූර්ණයෙන්ම තමන් සතු කර ගන්නට සමත් විය. දුලාන් ගුණවර්ධන අලංකාර ලෙස අමතර ලකුණු එකතු කළේ ඉසිපතනයට තරගයේ ජය සිහිනයක් බවට පත් කරමිනි. (ඉසිපතන 06 – 14 රාජකීය)

ඉසිපතන ක්‍රීඩකයින් තිදෙනෙකුට මිනිත්තු කිහිපයක් තුළ කහ කාඩ්පත් හිමි වුණු අතර 70 වැනි මිනිත්තුවේ දී ලහිරු යොමාල් සුපිරි ධාවනයක් සමඟින් තෙවන රාජකීය උත්සාහක දිනුමත් වාර්තා කළේ ලද වාසිය මනා ලෙස උපයෝගී කර ගනිමින්.

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 19 (3T, 2C) – 06 (2P) ඉසිපතන විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – නිපුන යශෝජන (රාජකීය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ඉසිපතන විද්‍යාලය – මනිල්ක රුබේරු (2P)
  • රාජකීය විද්‍යාලය – රජිත ජයසූරිය (1T), මලීෂ පෙරේරා (1C), ලෙහාන් ගුණරත්න (1T), දුලාන් ගුණවර්ධන (1C), ලහිරු යොමාල් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<