නවකයින් රැසක් සමඟ පිටියට පිවිසෙන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

388

මෙම වසරේ (2019) පාසල් රග්බි පිටියේ නව නායකත්වයක් යටතේ පෙරළියක් ඇති කිරීමට කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය රග්බි කණ්ඩායම සූදානමින් සිටී.

නව බලාපොරොත්තු රැසක් සමඟින් සහිරා කණ්ඩායම යුධ පිටියට

දීර්ඝ රග්බි ඉතිහාසයකට හිමිකම් කියන මරදාන …..

පසුගිය වසරේ දී (2018) මෙන්ම මෙම වසරේදීත් B කාණ්ඩයේ තරග වදින සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පසුගිය වසරේ පාසල් රග්බි ලීගයේ IB කාණ්ඩයේ  සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

එහි දී ඔවුන් ක්‍රීඩා කරන ලද තරග 5 අතරින් කොළඹ ආනන්ද විද්‍යාලය සහ පිළියන්දල මාධ්‍ය විද්‍යාලය සමඟ පැවති තරග ජයග්‍රහණය කිරීමට සමත් වුවත්, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලය සමඟ පැවති තරග පරාජයට පත්විය.

නිරාෂ් පෙරේරාගේ නායකත්වය යටතේ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය මෙවර පාසල් රග්බි පිටියට අවතීර්ණ වන අතර  කණ්ඩායමේ උප නායකත්වය දරනු ලබන්නේ සෙනිත් ප්‍රනාන්දු විසිනි.

තෙවැනි වසරේ වර්ණලාභියෙකු වන නිරාෂ් පෙරේරා බෙනඩික්ට් විද්‍යාලයීය පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන්නේ 2016 වසරේ සිටයි. ඔහු කණ්ඩායමේ Center ස්ථානයේ සහ Wing ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකි.

“අපි මේ වසරේ හොඳින් පුහුණුවීම් කටයුතු සිදු කළා. මේ වසරේ අපිට හොඳ සමබර කණ්ඩායමක් තමයි ඉන්නේ. අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් කණ්ඩායමේ ඉන්නවා. අපේ පුහුණුකරුවන් වන සුගත් සර් සහ කෞෂල සර් අපිව හොඳින් පුහුණුවීම් කටයුතුවල යොදවනවා. කණ්ඩායමක් වශයෙන් අපේ බලාපොරොත්තුව මේ වසරේදී  B කාණ්ඩයේ පෙරමුණටම යාම.” යයි කණ්ඩායම් නායක නිරාෂ් පෙරේරා ThePapare.com අප හමුවේ පැවසීය.

බලාපොරොත්තු සහිතව තරගාවලියට පිවිසෙන සිල්වෙස්තර තුරඟුන්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට …..

මෙවර සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුව වන්නේ දහම් මානෙත් ක්‍රීඩකයා යි. 1st Center ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු දෙවන වසරේ වර්ණලාභී, අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි.

කණ්ඩායමේ දෙවන පෙළ සවිබල ගැන්වීම, නිසිත ප්‍රනාන්දුට සහ අවිශ්ක දිල්ෂාන් හට භාරවී ඇත. 2nd Center ස්ථානයේ ක්‍රීඩා කරන අශේන් වීරසිංහ ද මෙවර සාන්ත බෙනඩික්ට් විද්‍යාලය විශ්වාසය තබා ඇති තවත් දක්ෂ ක්‍රීඩකයෙකි.

“2016,2017 සහ 2018 යන වසරවල තරම් නොමැති වුවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මේ වසරේ රග්බි කණ්ඩායමේ සිටිනවා. නවක ක්‍රීඩකයින් රැසක් ඉන්න මෙවර කණ්ඩායම ලීගයේ අනෙකුත් කණ්ඩායම් වලට හොඳ තරගයක් දෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.” යයි ප්‍රධාන පුහුණුකරු සුගත් සම්පත් මහතා ThePapare.com වෙත පැවසීය.

සාන්ත බෙනඩික්ට් විදුහලේ තරග කාලසටහන

  • පෙබරවාරි  27 – ලුම්බිණි විදුහල සමඟ
  • මාර්තු 07 – ඩී. එස්. සේනානායක විදුහල
  • මාර්තු 14 – ශ්‍රී සුමංගල විදුහල
  • මාර්තු 21 – රිච්මන්ඩ් විදුහල
  • මාර්තු 28 – ආනන්ද විදුහල

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<