රතු කහ කාඩ්පත් මැදින් බෙනඩික්ට් ක්‍රීඩකයින් ජයග්‍රහණය දිනා ගනිති

567

සත්කාරක සාන්ත බෙනඩික්ට් විදුහල සහ ප්‍රතිවාදී ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර අද (21) පැවති, 2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ හතර වැනි සතියේ තරගයකින් ලකුණු 27-07ක ජයක් අත්කර ගැනීමට සාන්ත බෙනඩික්ට් කණ්ඩායම සමත් විය.

කිංග්ස්වුඩ් අභියෝගය මැඩලූ තෝමසුවන් ජය ගනී

සාන්ත තෝමස් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර අද (18) පැවති රග්බි තරගයෙන්…

ක්‍රීඩාංගණයේ පැවති උෂ්ණත්වය හා සුළඟ කණ්ඩායම් දෙකේ දක්ෂතාවලට බාධා වෙමින් ඇරඹි තරගයේ දී සිය සුපුරුදු රිද්මයට පැමිණීමට නොහැකිව සිටි සාන්ත බෙනඩික්ට් කණ්ඩායම ප්‍රථම විනාඩි 10 තුල දී ම නීති විරෝධීව ක්‍රීඩකයින් මෙල්ල කිරීමට තැත් කිරීමට යෑම නිසාවෙන් තරගකරුවන් දෙදෙනෙකුට කහ කාඩ්පත් නිකුත් කිරීමට විනිසුරු තීරණය කළේය.

තරගයේ 16 වැනි මිනිත්තුවේ දී ක්‍රීඩාංගණයේ සීමා අතරින් මනා ලෙස ඉදිරියට ඇදුණු එස්. දිල්හාර තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (බෙනඩික්ට් 05-00 රිච්මන්ඩ්)

එයට පිළිතුරු වශයෙන් තරගයේ 18 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වෙමින් රිච්මන්ඩ් විදුහලේ මංගල උත්සාහක දිනුම වාර්තා කරන්නට එම්. පැතුම් සමත් වූ අතර එහි දී ලැබුණු අසීරු ප්‍රවර්තනය සාර්ථකව ගෝල කනු අතරින් යවන්නට ද සිල්වා සමත් විය. (බෙනඩික්ට් 05-07 රිච්මන්ඩ්)

කෝදාගොඩගේ ගිනිකෙළි වලින් නිත්තවෙල වර්ණවත් වෙයි

සත්කාරක විද්‍යාර්ථ විදුහල සහ ප්‍රතිවාදී සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල අතර පැවති 2019..

තරගයේ 26 වැනි මිනිත්තුවේ දී බෙනඩික්ට් ක්‍රීඩක එස්. අමරසිංහ ආකර්ෂණීය උත්සාහක දිනුමක් වාර්තා කරමින් නැවත ලකුණු පුවරුවට ජීවය එක් කළ අතර එවර ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සී. වොලස් සමත් විය. (බෙනඩික්ට් 12-07 රිච්මන්ඩ්)

තරගයේ 32 වැනි විනාඩියේ නීති විරෝධීව ක්‍රීඩකයින් මෙල්ල කිරීමට තැත් කිරීමේ වරදට රිච්මන්ඩ් ක්‍රීඩක ඩී. මාලිංගට කහ කාඩ්පතක් නිකුත් කළ අතර එයින් මනාව ප්‍රයෝජන ගනිමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට බෙනඩික්ට් ක්‍රීඩක එච්. පෙරේරා සමත් විය. ප්‍රවර්තනය අසාර්ථකයි.

පළමු අර්ධය: සාන්ත බෙනඩික්ට් විදුහල 17 – 07 රිච්මන්ඩ් විදුහල

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 7කින් නීති විරෝධීව ක්‍රීඩකයින් මෙල්ල කිරීමට තැත් කිරීමේ වරදට රිච්මන්ඩ් විදුහලේ එම්. පැතුමට කහ කාඩ්පතක් හිමි විය.  

ඒත් සමඟින් රිච්මන්ඩ් විදුහලට ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ සහය නොමැතිව සුළු මොහොතකට ක්‍රීඩා කිරීමට සිදු විය. ඒ අවසරයෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව තවදුරටත් ඉදිරියට රැගෙන යන්නට අභීෂ සිල්වා සමත් වූ අතර එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය වොලස් විසින් සාර්ථක කර ගන්නා ලදි. (බෙනඩික්ට් 24-07 රිච්මන්ඩ්)

නීති විරෝධී ක්‍රියා හා ක්‍රීඩකයින් මෙල්ල කිරීමේ අතපසුවීම්වලට අවවාද පිට අවවාද නිකුත් කළ විනිසුරු බෙනඩික්ට් ක්‍රීඩක ජේ. ස්ටෙෆාන්ට රතු කාඩ්පතක් නිකුත් කළේය.

Video – පසු බැසි කණ්ඩායම් හිස ඔසවන ලකුණු

පාසල් රග්බි ලීගයේ තෙවැනි සතියේදී රාජකීය, ශා. පීතර, ශා. තෝමස්…

එතැන් පටන් බෙනඩික්ට් කණ්ඩායම 14කට සීමා වූ අතර එයින් තමන්ට කිසිදු පාඩුවක් නොවූ බවක් පෙන්වූ බෙනඩික්ට් ක්‍රීඩකයින් තවතවත් ලකුණු රැස්කරමින් ඉදිරියට ගියේය.

තරගයේ අවසානයට මත්තෙන් බෙනඩික්ට් ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් හිමි වූ අතර වොලස් විසින් එය සාර්ථකව ගෝල කනු අතරින් යැවීමට සමත් වූ අතර රිච්මන්ඩ් ක්‍රීඩක සී. ජනදීපට කහ කාඩ්පත් නිකුත් කරමින් තරගයේ අවසානය සටහන් විය.

අවසන් ලකුණු තත්ත්වය: සාන්ත බෙනඩික්ට් විදුහල 27 (4T, 2C 1P) – 07 (1T,1C) රිච්මන්ඩ් විදුහල

ThePapare.com තරගයේ වීරයා – සී. වොලස් (සාන්ත බෙනඩික්ට්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ:

සාන්ත බෙනඩික්ට් විදුහල

  • උත්සාහක දිනුම් – එස්. දිල්හාර 1, එස්. අමරසිංහ 1, එච්. පෙරේරා 1, අභිෂ සිල්වා 1
  • ප්‍රවර්තන – සී. වොලස් 2
  • දඬුවම් පහර – සී. වොලස් 1

රිච්මන්ඩ් විදුහල

  • උත්සාහක දිනුම් – එම්. පැතුම් 1
  • ප්‍රවර්තන – එස්. ද සිල්වා 1

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<