සුමංගල ක්‍රීඩකයින් සාර්ථක ආරම්භයක් ලබා ගනී

1904

2019 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරග පසුගිය දා ආරම්භ වූ අතර මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය මෙවර තරගාවලියේ පළමු තරගය සඳහා තරග බිමට පිවිසියේ ආනන්ද විද්‍යාලයට එරෙහිවය. තරගය පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ලකුණු 34-18ක් ලෙස ජයග්‍රහණය කිරීමට මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් විය.

රිච්මන්ඩ්වරුන්ට කොළඹින් හොඳ ආගන්තුක සත්කාරයක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (01) CR&FC ක්‍රීඩාංගණයේ දී සත්කාරක D. S. සේනානායක විදුහල හා ගාල්ල…

2016 සිට මේ දක්වා පෙරළිකාර ගමනක නිරතව සිටින සුමංගල විද්‍යාලය තරගාවලියේ බලාපොරොත්තු ඉහල නංවා ගැනීමට මේ ජයග්‍රහණයත් සමඟින් සමත් විය.

තරගයේ වැඩි ගෞරව සුමංගල කණ්ඩායමට හිමි වූ අතර තරගයේ ඔවුන් උත්සාහක දිනුම් 4ක් වාර්තා කළේ එහි ප්‍රවර්තනයන් ද සාර්ථක කර ගනිමිනි.

පළමු අර්ධයේ දී සුමංගල කණ්ඩායම උත්සාහක දිනුම් දෙකක්, සාර්ථක ප්‍රවර්තන දෙකක් හා එක් දඩුවම් ගෝලයක් සමඟින් ලකුණු 17ක් වාර්තා කළ අතර එම අර්ධයේ දී ආනන්ද කණ්ඩායම වාර්තා කළේ ලකුණු 6ක් පමණි. ඒ දඩුවම් පහර දෙකක් මගිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

දෙවන අර්ධයේ දී ද උත්සාහක දිනුම් දෙකක්, ප්‍රවර්තන දෙකක් හා දඩුවම් ගෝලයක් සමඟින් ලකුණු 17ක් රැස්කළ සුමංගල කණ්ඩායම එම අර්ධයේ දී ආනන්ද කණ්ඩායමට ලබා ගැනීමට ඉඩ දුන්නේ ලකුණු 12ක් පමණි.

ආනන්ද විද්‍යාලය දෙවන අර්ධයේ දී ලබා ගත් ලකුණු 12 උත්සාහක දිනුම් දෙකක් හා එක් ප්‍රවර්තනයක් සමඟින් වාර්තා වූ අතර එය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට ප්‍රමාණවත් නොවීය.

ඒ සමඟම මෙම තරගය ලකුණු 34-17ක් ලෙස ජයග්‍රහණය කිරීමට සුමංගල විද්‍යාලය සමත් වූයේ තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගනිමිනි.

මහනුවර සුමංගල විද්‍යාලයේ මීළඟ තරග

  • මාර්තු 9 – ලුම්බිණි ‍රාජකීය විද්‍යාලය – ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • මාර්තු 15 – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • මාර්තු 24 – ඩී. එස්. සේනානායක විද්‍යාලය – ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ  
  • මාර්තු 31 – රිච්මන්ඩ් විද්‍යාලය – ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<