​ගල්කිස්සේ ආක්‍රම​ණ​යට ඇතුගල්පුර තුර​ඟු​න්​ යටත් ​වේ

358

සත්කාරක සාන්ත තෝමස් විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර අද (25)  පැවති 2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ හතර වැනි සතියේ තරගයකින් ලකුණු 38-08ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් කණ්ඩායම සමත් විය.

සහිරා තර්ජනයට ඉසිපතනය සාර්ථකව පිළිතුරු දෙයි

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් ලෙස ඉසිපතන විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර හැව්ලොක් පිටියේ දී…

පැවති අධික උෂ්ණත්වය නොතකමින් ක්‍රීඩකයින් තරගයේ ආරම්භයට සූදානම් වන ආකාරයක් දක්නට ලැබුණු අතර පස්වරු 4.20ට තරගය ආරම්භ කිරීම සඳහා තෝමසුවන් විසින් පන්දුව මලියදේවයන් වෙත පිරිනමන ලදි.

තරගයේ 10 වැනි මිනිත්තුවේ දී කවීන් ජයසේකර සාන්ත තෝමස් ඉදිරිපෙළ ආධාරයෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ඔවින් හෙට්ටිආරච්චි විසින් සාර්ථක කරගත්තේය. (සාන්ත තෝමස් 07-00 මලියදේව)

තරගයේ 23 වැනි මිනිත්තුවේ දී සාන්ත තෝමස් විදුහල තම කණ්ඩායමේ ශක්තිමත්භාවය මනා ලෙස විදහා පාමින් ගුනාල් ප්‍රනාන්දු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තෝමසුවන්ට නොහැකි විය. (සාන්ත තෝමස් 12-00 මලියදේව)

සාන්ත තෝමස් කණ්ඩායමේ පසුපෙළේ අතපසුවීමකට තරගයේ 30 වැනි මිනිත්තුවේ දී විනිසුරු විසින් මලියදේවයින්ට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කරගැනීමට කෞශල්‍ය ගුණවීර සමත් විය. (සාන්ත තෝමස් 12-03 මලියදේව)

නායකයාගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් ධර්මරාජයට දැවැන්ත ජයක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (23) මහනුවර ධර්මරාජ විද්‍යාලය හා සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර…

ප්‍රථම අර්ධය අවසන් වීමට මත්තෙන් මලියදේවයින් අනර්ඝ ලෙස පන්දුව සමඟින් ඉදිරියට ඇදුණ අතර පන්දු හැසිරවීමේ අතපසුවීම් නිසාම පන්දුව තෙවරක් පමණ තෝමසුවන්ට පූජා කිරීමට ඔවුන්ට සිදු විය.

ප්‍රථම අර්ධය: සාන්ත තෝමස් විදුහල 12-03 මලියදේව විදුහල

දෙවන අර්ධය ආරම්භ කළ මොහොතේ පටන් පන්දුව මලියදේවයින්ගේ අත තිබුණ ද, සිදු වූ අතපසුවීමකින් මනා ලෙස මලියදේව පසුපෙළ පසාරු කළ හසිත ධර්මප්‍රිය තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවින් හෙට්ටිආරච්චිට හැකි විය. (සාන්ත තෝමස් 19-03 මලියදේව)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

නැවතත් තරගයට අවතීර්ණ වීමට මලියදේවයන් මග බලා සිටිය ද සාන්ත තෝමස් ක්‍රීඩක ආකිබ් කාදර් සාර්ථකව ධවල රේඛාව පසුකර ගියේ තවත් උත්සාහක දිනුමක ලකුණු තෝමසුවන්ගේ ලකුණු ගොඩට එකතු කරමිනි. එහි ප්‍රවර්තනය සකුන් සසංක විසින් සාර්ථක කර ගත්තේය. (සාන්ත තෝමස් 26-03 මලියදේව)

තරගයේ ග්‍රහණය තම සන්තකයේ බව සනාථ කරමින් තෝමසුවන් අලංකාර ලෙස පන්දුව හසුරුවද්දී සැණෙකින් ක්‍රියාත්මක වූ නවිෂ්ක කරුණාරත්න තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගත් අතර සකුන් සසංක විසින් ප්‍රවර්තනයේ අතිරේක ලකුණු එකතු කරන්නට සමත් විය. (සාන්ත තෝමස් 33-03 මලියදේව)

ගුවන් තටු සිඳිමින් හැව්ලොක් ක්ලිෆර්ඩ් කුසලානය ඩැහැ ගනී

2019 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සුපිරි අවසානයක් ලබා දෙමින් ගුවන් හමුදා කණ්ඩායම…

දිල්ෂාන් ප්‍රියරත්න මලියදේව සිහිනවලට නැවත ජීවයක් ලබා දෙමින් උත්සාහක දිනුමක් වාර්තා කළ ද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (සාන්ත තෝමස් 33-08 මලියදේව)

තෝමසුවන් වෙනුවෙන් අවසන් උත්සාහක දිනුම වාර්තා කරන්නට කවීන් ජයසේකරට හැකි වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (සාන්ත තෝමස් 38-08 මලියදේව)

අවසන් ලකුණු තත්ත්වය: සාන්ත තෝමස් විදුහල (6T, 4C) 38-08 (1T, 1P) මලියදේව විදුහල

ThePapare.com තරගයේ වීරයා: ලශේන්ද්‍ර ද සිල්වා (STC)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ:

සාන්ත තෝමස් විදුහල

  • උත්සාහක දිනුම් – කවීන් ජයසේකර 2, ගුනාල් ප්‍රනාන්දු 1, ආකිබ් කාදර් 1, නවිෂ්ක කරුණාරත්න 1
  • ප්‍රවර්තන – ඔවින් හෙට්ටිආරච්චි 2, සකුන් සසංක 4

මලියදේව විදුහල

  • උත්සාහක දිනුම් – දිල්ෂාන් ප්‍රියරත්න 1
  • දඬුවම් පහර – කෞශල්‍ය ගුණවීර 1

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<