ලුම්බිණි ප්‍රහාරයෙන් සත්කාරකයෝ සුනුවිසුනු වෙයි

638

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් පසුගිය දා (14) කොග්ගල ක්‍රීඩාංගණයේ දී පැවැත්වූයේ සත්කාරක රිච්මන්ඩ් විදුහල හා ලුම්බිණි විදුහල අතරයි. එම තරගයෙන් ලකුණු 22-14ක් ලෙස ජයග්‍රහණය අත්කර ගැනීමට ලුම්බිණි විදුහල සමත් විය.

​සුමංගල ක්‍රීඩක ජයතිලකගෙන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවන සතියේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක්

තරගය ආරම්භ වූ මොහොතේ පටන් ලුම්බිණි ක්‍රීඩකයින් මනා ලෙස තරගය තමන්ගේ අණසකට ගත් ආකාරයක් දක්නට ලැබුණු අතර එතුලින් රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට ක්‍රියාත්මක වීමට කිසිදු ඉඩහසරක් නොලැබුණි.

රිච්මන්ඩ් ක්‍රීඩකයින් තමන් දන්නා උපායන් සියල්ලක්ම එවෙලේ භාවිතා කොට තම වාසිය උරගා බැලුව ද, එයින් කිසිදු ඵලක් නොවීය. ලුම්බිණි ක්‍රීඩකයින් තමන්ගේ කාර්යය නිසි ආකාරව ඉටු කරමින් තමන් අතින් කිසිදු අතපසුවීමක් සිදුනොවන්නට වග බලා ගත්තේය.

ක්‍රම ක්‍රමයෙන් තරගය උණුසුම් වන ආකාරයක් පෙන්නුම් කරමින් කණ්ඩායම් දෙකම අලංකාර ලෙස තරගයේ වේගය පවත්වා ගෙන ගිය අතර ලුම්බිණි ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් හා එක් ප්‍රවර්තනයක් සමඟ ලකුණු 12ක් රැස්කර ගැනීමට සමත් විය. උත්සාහක දිනුම් දෙකක් හා ප්‍රවර්තන දෙකක් සමඟින් රිච්මන්ඩ් ක්‍රීඩකයින් ලකුණු 14ක් රැස් කර ගන්නා ලදි.

ප්‍රථම අර්ධය අවසානයේ දී රිච්මන්ඩ් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරමින් ලුම්බිණි විදුහලට වඩා ලකුණු දෙකක් ඉදිරියෙන් පසු වූ අතර ලුම්බිණි ක්‍රීඩකයින් තුල තරගය ආරම්භයේ දී තිබූ ආක්‍රමණශීලී භාවය දක්නට නොලැබුණි.

පළමු අර්ධය: රිච්මන්ඩ් විදුහල 14 – 12 ලුම්බිණි විදුහල

තරගාවලියේ ප්‍රථම තරගයේම DS සේනානායක විදුහලෙන් ලකුණු 53-03ක් ලෙස බැට කෑ  රිච්මන්ඩ්වරුන් දෙවන තරගය ආනන්ද විදුහලට එරෙහිව ලකුණු 20-19ක් ලෙස ජයග්‍රහණය කළේය.

රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට හාත්පසින්ම වෙනස් ක්‍රීඩා විලාශයක් ඇති ලුම්බිණි ක්‍රීඩකයින් තරගාවලියේ තම ප්‍රථම තරගයෙන්ම ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් සාන්ත බෙනඩික්ට් විදුහලට එරෙහිව ලකුණු 58-05ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළ අතර ඔවුන්ට ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව 19-04ක් ලෙස පසුබැසීමට සිදු විය.

ලීගය තුල තම නාමය ඉහළින්ම තබා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අත්‍යවශ්‍යම කරුණක් විය. ඒ නිසාම ඔවුන් තමන්ගෙන් කිසිදු අතපසුවීමක් සිදු නොවීමට වග බලා ගත්තේය.

​සුමංගල ක්‍රීඩක ජයතිලකගෙන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවන සතියේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක්

තරගය කණ්ඩායම් දෙක අතරින් ගලා යද්දී රිච්මන්ඩ් පසුපෙළේ හිඩැසක් දුටු පමණින් එතුලින් රිංගා යාමට මාන බලමින් සිටි ලුම්බිණි ක්‍රීඩකයින් රිච්මන්ඩ් ඉදිරිපෙළින් මෙල්ල වූ ආකාරයක් පෙන්නුම් කළ ද සෑමවිටම රිච්මන්ඩ් කණ්ඩායමට පීඩනයෙන් මිදීමට කිසිදු ඉඩහරසක් ලබා දුන්නේ නැත.

තරගය අවසන් වන විට ලුම්බිණි ක්‍රීඩකයින් ලකුණු 22-14ක් ලෙස තරගය පහසුවෙන් ජය ගත් අතර සත්කාරක රිච්මන්ඩ් ක්‍රීඩකයින් දෙවන අර්ධයේ දී කිසිදු ලකුණක් වාර්තා කිරීමට සමත් වූයේ නැත.

අවසන් ලකුණු තත්ත්වය: රිච්මන්ඩ් විදුහල 14 – 22 ලුම්බිණි විදුහල

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<