සුමංගල ක්‍රීඩකයින්ගෙන් ලුම්බිණියට අමිහිරි මතකයක්

2227

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ දෙවන කොටසේ B කාණ්ඩයේ තරගයක් අද (07) කොළඹ ලුම්බිණි විදුහල සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතර පැවැත්විය. එහි දී ඉතා තියුණු තරගයකින් අනතුරුව ලකුණු 14-19ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කරන්නට  මහනුවර ක්‍රීඩකයින් සමත් වූ අතර තරගය හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

විද්‍යාර්ථයෙන් දරුණු ප්‍රහාරයක්

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ ෙB කාණ්ඩයේ තවත් තරගයක් සඳහා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමඟින්

සුමංගල ක්‍රීඩක අල්පෝන්සුගේ පා පහරින් අරම්භ වූ තරගයේ ප්‍රථම මිනිත්තු කිහිපය තුළ ඉතා ආක්‍රමණශීලී තරග රටාවක් පෙන්නුම් කරන්නට සුමංගල ක්‍රීඩකයන් සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස 3 වැනි මිනිත්තුවේ දී ම සුමංගල ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් හිමි වූවත් එය සාර්ථක කරගැනීමට උමේෂ් වීරකෝන්ට නොහැකි විය.

සුමංගල ක්‍රීඩකයින් ආක්‍රමණශීලී තරග රටාවක් අනුගමනය කළ ද එහි දී සිදු වූ සුලු වැරැද්දකින් උපරිම ඵල නෙලාගන්නට ලුම්බිණි විද්‍යාලයේ නායක යෙසිර ග්‍රේරෝ සමත් වූ අතර ඔහු සුමංගල ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගොස් ඉතා දක්ෂ ලෙස උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් විය. එහි වටිනාකම තවත් වැඩි කරමින් එහි ප්‍රවර්තනය දුලක්ෂන විසින් සාර්ථක කර ගත්තේ 10 මිනිත්තුවේ දී ලුම්බිණි ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. (ලුම්බිණි 07-00 ශ්‍රී සුමංගල)

තරගයේ ප්‍රථම භාගයේ දී පිටියේ තම අණසක පතුරවන්නට ලුම්බිණි ක්‍රීඩකයන් සමත් වූ අතර 24 වැනි මිනිත්තුවේ දී සුමංගල ක්‍රීඩක උමේෂ් වීරකෝන් සිදු කළ නීති විරෝධි ක්‍රියාවක් හේතුවෙන් විනිසුරු රොමාරියෝ ද සිල්වා ඔහුට කහ කාඩ් පතක් ලබා දුන් අතර ඉන් ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගන්නට දුලක්ෂනට නොහැකි විය.

පළමු සතියේ B කාණ්ඩයේ 50 ඉක්මවූ තරග 3ක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩය තරග ද A කාණ්ඩයේ තරග මෙන්ම ඉකුත් සතියේ දී ආරම්භ විය. පසුගිය සතියේ තරග අතරින්

29 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ ලුම්බිණි නායක යෙසිර ග්‍රේරෝ ඉතාමත් දක්ෂ ලෙස තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගන්නට දුලක්ෂන සමත් විය. (ලුම්බිණි 14-00 ශ්‍රී සුමංගල)

ඉන් අනතුරුව නව මුහුණුවරකින් නැවතත් තරගයට අවතීර්ණ වන්නට සුමංගල ක්‍රීඩකයින් සමත් වූ අතර ලුම්බිණි ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර මිනිත්තු 5ක් ගතවන්නට ප්‍රථම ඔවුන්ගේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සුමංගල නායක අමේශ් දිල්ශාන් සමත් වූයේ දර්ශනීය උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. උමේෂ් විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට විය. ප්‍රථම භාගය අවසානයේ ලුම්බ්ණියන් ඉදිරියෙන් පසුවූහ. (ලුම්බිණි 14-07 සුමංගල)

පළමු අර්ධය:  ලුම්බිණි විද්‍යාලය 14 – 07 ශ්‍රී සුමංගල විද්‍යාලය

දෙවන අර්ධයේ පිටියේ අණසක තමන්ට නතු කරගන්නට සුමංගල ක්‍රීඩකයින් සමත් වූ අතර 44 වැනි මිනිත්තුවේ දී නැවතත් සුමංගල නායක අමේශ් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වූවත් එහි ප්‍රවර්තනය සාර්ථක උමේෂ් වීරකෝන්ට මඟ හැරී ගියේය. (ලුම්බිණි 14-12 සුමංගල)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ අවසන් මිනිත්තු කිහිපය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එහි දී ලුම්බිණි ක්‍රීඩකයින් ආරක්ෂාකාරී තරග රටාවක් අනුගමනය කරන ආකාරයක් දක්නට ලැබුණි. නමුත් නිසි ලෙස ක්‍රියාත්මක වූ සුමංගල ක්‍රීඩකයෝ තරගයේ 65 වැනි මිනිත්තුවේ දී ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූහ. මෙම උත්සාහක දිනුම ද වාර්තා කළේ අමේශ් විසිනි. එහි ප්‍රවර්තනය ඉතා සාර්ථක කරගන්නට උමේෂ්ට හැකි විය. (ලුම්බිණි 14-19 සුමංගල)

‘නිල් අකුණු සැරය’ රග්බි පිටිය දවා අළු කරයි ද?

වසර 60 අභිමානවත් රග්බි ඉතිහාසයකට හිමිකම් කියන වෙස්ලි විද්‍යාලය රග්බි පිටියේ අමරණීය සලකුණක්. ‘නිල් අකුණු සැරය’ ලෙස විරුදාවලිය ලත්

තරගයේ 67 වැනි මිනිත්තුවේ දී රැස්කර ගන්නට තිබූ අගනා උත්සාහක දිනුමක් ලුම්බිණි ක්‍රීඩකයින්ට මග හැරුණු අතර තරගයේ නියමිත කාලය අවසානයේ සත්කාරක ලුම්බිණි විද්‍යාලය පරාජය කරමින් ලකුණු 19-14ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට මහනුවර ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් සමත් විය.

මෙම තරගයේ විශේෂත්වයක් ලෙස තරගය පුරාවටම රැස්කළ උත්සාහක දිනුම් 5 හිමිකාරිත්වය කණ්ඩායම් දෙකේ නායකයන්ට හිමි විය. මින් පෙර මෙවර තරගවාරයේ කණ්ඩායම් දෙකම සහභාගි වූ තරග ජයග්‍රහණය කළ අතර අද පැවති තරගයෙන් ලුම්බිණි විද්‍යාලයේ ජය මග අහුරන්නට සුමංගල ක්‍රීඩකයෝ සමත්තු.

අවසන් ලකුණු තත්ත්වය: ලුම්බිණි විද්‍යාලය 14 – 19 සුමංගල විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ලුම්බිණි විද්‍යාලය: යෙසිර ග්‍රේරෝ (2T) , දුලක්ෂන චමුපති (2C)
  • සුමංගල විද්‍යාලය: අමේශ් දිල්ෂාන් (3T) , උමෙශ් වීරකෝන් (2C)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<