බෙනඩික්ට් ක්‍රීඩකයින් අඩපණ කළ DSට තවත් අර්ධ ශතකයක්

1291

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ දෙවන සතියේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක් අද (07) සාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩා පිටියේ නිමාව දුටු අතර සත්කාරක සාන්ත බෙනඩික්ට් විදුහල හා සහ ප්‍රතිවාදී DS සේනානායක විදුහල අතර පැවති මෙම තරගයෙන් ලකුණු 52-06ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට DS කණ්ඩායම සමත් විය.

සුමංගල ක්‍රීඩකයින්ගෙන් ලුම්බිණියට අමිහිරි මතකයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ දෙවන කොටසේ B කාණ්ඩයේ තරගයක් අද (07) කොළඹ ලුම්බිණි විදුහල

තරගයේ ආරම්භයේ පටන් කණ්ඩායම් දෙකම ඉතා හොඳින් තරගය පාලනය කළ ද බෙනඩික්ට් ඉදිරිපෙළ තුලින් රිංගා යමින් H. D. හේමසිරි උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සඳහා පන්දුව අතට ගත් V. අකලංක ඊට වැඩියෙන් කාලයක් ලබා ගත් නිසාවෙන් විනිසුරු ප්‍රවර්තන අවස්ථාව අහෝසී කළේය.

එතැන් පටන් තරගයම තමන්ට නතුකරගත් DS ක්‍රීඩකයින් හොඳින් පන්දුව හසුරුවමින් සිටිය දී බෙනඩික්ට් ආරක්ෂක වැටේ හිඩැසක් දුටු DS ප්‍රොප් ක්‍රීඩක K. J. S. කුමාර අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. ප්‍රවර්තනයට සාධාරණයක් ඉටු කිරීමට හේමසිරිට හැකි විය. (DS 12- 00 බෙනඩික්ට්)

බෙනඩික්ට් ආරක්ෂක වේල්ලට පහර පිට පහර එල්ල කර ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් අතරින් ක්‍රියාත්මක වූ K. S. උඩවත්ත තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ ද එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (DS 17- 00 බෙනඩික්ට්)

කනිෂ්ඨ අංශයේ රග්බි තරගාවලියේ වෙනසක්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට සමගාමීව පවත්වනු ලබන වයස අවුරුදු 14න් හා 16න් පහළ තරග මෙවර සුහද

තරගය තුල දී මදක් හෝ වෙනසක් කිරීමට වෙරදැරූ බෙනඩික්ට් ක්‍රීඩක E. R. C. වලේස්ට ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට දඬුවම් පහරක් ලැබුණ අතර එය සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකි විය. කෙසේ නමුත් ඉන්පසුව ලැබුණු අවස්ථාවක් සාර්ථක කරගැනීමට වලේස්ට හැකි විය. (DS 17-03 බෙනඩික්ට්)

එයින් පසුබට නොවූ DS ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් දෙකක් හා ප්‍රවර්තන දෙකක් වාර්තා කරද්දී බෙනඩික්ට් ක්‍රීඩක වලේස් තව දඬුවම් පහරක් සාර්ථක කරගෙන තිබුනි.

පළමු අර්ධය: D.S. සේනානායක විදුහල 31- 06 සාන්ත බෙනඩික්ට් විදුහල

දෙවන අර්ධය ආරම්භ වූ මොහොත පටන් DS කණ්ඩායම මඳක් තිගැස්සීමකින් ක්‍රීඩා කළ ආකාරයක් දක්නට ලැබුණි. වැරදි පිට වැරදි කළ DS කණ්ඩායමට තමන්ට වඩා බෙනඩික්ට් කණ්ඩායමේ වැරදි සිදුවීම වාසියක් වූ අතර එයින් මනා ලෙස ප්‍රයෝජන ගත් DS කණ්ඩායමේ K. S. උඩවත්ත තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (DS 38-06 බෙනඩික්ට්)

රිච්මන්ඩ්වරුන්ට කොළඹින් හොඳ ආගන්තුක සත්කාරයක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (01) CR&FC ක්‍රීඩාංගණයේ

ලකුණු රැස් කිරීම නොනැවත්වූ DS කණ්ඩායම නැවත නැවතත් බෙනඩික්ට් කණ්ඩායම අඩපන කරමින් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරද්දී තරගය තුල කිසිදු වෙනසක් කිරීමට බෙනඩික්ට් ක්‍රීඩකයින්ට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය – D.S සේනානායක විදුහල 52 (8T, 6C) – 06 (2P) සාන්ත බෙනඩික් විදුහල

ThePapare.com තරගයේ වීරයා – H.D හේමසිරි (DS)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

D.S සේනානායක විදුහල

උත්සාහක දිනුම් – K. S. උඩවත්ත 2, L. B. විජේසුන්දර 2, K. J. S කුමාර 2, H. D. හේමසිරි 1, D. A. සෙනෙවිරත්න 1

ප්‍රවර්තන ගෝල – H. D. හේමසිරි 6

රිච්මන්ඩ් විදුහල

දඬුවම් පහර – E. R. C වලේස් 2.

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තරගවල සජීවී ආවරණ හා තතුවිත්ති දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<