ඩී. එස්. ක්‍රීඩකයන් පල්ලෙකැලේ දී සුමංගලයින්ගේ බල බිඳියි

1367

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ශ්‍රි සුමංගල විද්‍යාලය සහ ප්‍රතිවාදී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පැවති තරගයෙන් ලකුණු 9ක ජයක් හිමි කර ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය ඊයේ (24) සමත් විය. ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී විද්‍යාල දෙක අතර පැවති තරගයේ අවසාන ප්‍රතිඵලය ලකුණු 31-22ක් ලෙස සටහන් කර ගනිමින්ය.

ආනන්දයින් සිය පිටියේ දී ම ලුම්බිණියෙන් බැට කයි

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩය යටතේ රාජගිරිය ආනන්ද …

සවස් භාගයේ දී ආරම්භ වූ තරගයේ ප්‍රථම අර්ධය ආරම්භ කරමින් 25 වැනි මිනිත්තුවේ දී  ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ඩී. එස් ක්‍රීඩක එච්. ඩී. හේමසිරි දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 3ක් ලබා ගත්තේය. එහෙත් සුමංගල කණ්ඩායමේ යූ. එම්. වීරකෝන් 36 වැනි මිනිත්තුවේ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු මට්ටම සම තත්ත්වයට පත් කළේය. (ඩී. එස් 03-03 සුමංගල)

අනතුරුව සුමංගලයින් වෙනුවෙන් නැවත වරක් ක්‍රියාත්මක වූ යූ. එම්. වීරකෝන් 40 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්තනය ද නිවැරදි එල්ලයට යොමු කරමින් ලකුණු 7ක් එක් කරන ලදි.

අනතුරුව ඩී. එස් ක්‍රීඩක එල්. බී. විජේසුන්දර 43 වැනි මිනිත්තුවේ උත්සාහක දිනුමක් ලබා ගත් අතර ලකුණු තත්ත්වය කරට කර යන තරගයක් බවට පත් කළ කේ. එස්. උඩවත්ත විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (ඩී. එස් 10- 10 සුමංගල)

ලකුණු මට්ටම නැවත වරක් සම තත්ත්වයේ පවතින විට ඩී. එස් ක්‍රීඩක වයි. එන්. හේවාවිතාරණ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය කේ. එස්. උඩවත්ත සුරක්ෂිත කර දුන්නේය.

රාජකීය සටනට පෙර සාන්ත පීතරයින් දක්ෂතා මුවහත් කර ගනී

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයට අදාලව බම්බලපිටිය සාන්ත …

එහෙත් තරගයේ 55 වැනි මිනිත්තුවේ යළිත් ක්‍රියාත්මක වූ සුමංගල ක්‍රීඩක ඒ. එම්. මන්ත්‍රීගම උත්සාහක දිනුමක් වාර්තා කළ ද එහි ප්‍රවර්තනය අසාර්ථක විය. අනතුරුව ප්‍රබලත්වය සහ පීඩනය තවදුරටත් සුමංගලයන් වෙත මුදා හැරි ඩී. එස්. ක්‍රීඩකයන් පිට පිටම උත්සාහක දිනුම් දෙකක් සහ එහි ප්‍රවර්තන දෙකම සාර්ථක කර ගැනීමට සමත් විය. ඉන් 58 වැනි මිනිත්තුවේ ලබා ගත් උත්සාහක දිනුම ඒ. එච්. මදුරංග විසින් ද, 65 වැනි විනාඩියේ හිමි කර ගත් උත්සාහක දිනුම වී. අකලංක ද වාර්තා කළේය. එහි ප්‍රවර්තනයන් දෙකම කේ. එස්. උඩවත්ත සාර්ථක කරන ලදි. (ඩී. එස් 31-15 සුමංගල)

ප්‍රථම අර්ධය: කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය 31- 15 මහනුවර සුමංගල විද්‍යාලය

අනතුරුව ලකුණු 16ක පරතරයක් සමඟින් දෙවන අර්ධය ආරම්භ වූ අතර ඩී. එස් ක්‍රීඩක ඩී. ඒ. සෙනවිරත්න වෙනුවට එන්. වී. ධර්මගුණවර්ධන පිටියට එක්විය.

පූර්ණ උත්සාහක දිනුමකින් සිල්වෙස්තරයින් ඉදිරියෙන්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ …

දෙවන අර්ධය ආරම්භ වී දිගු වෙලාවක් යන තෙක් කණ්ඩායම් දෙකටම ලකුණක් ලබා ගැනීමට නොහැකි අන්දමට තරගය තියුණු මුහුණු වරක් ගත් අතර තරගයේ වැඩි වාසිය ඩී. එස් ක්‍රීඩකයන් සතුව පවතින විට නැවත වරක් ක්‍රියාත්මක වූ ඒ. එම් මන්ත්‍රීගම අවසන් මිනිත්තු කිහිපයේ දී උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට යූ. එම්. වීරකෝන්ට හැකි විය.

මීට අමතරව දෙවන අර්ධයේ විද්‍යාල දෙකටම කිසිදු ලකුණක් රැස් කිරීමට නොහැකි වූ අතර පළමු අර්ධයේ වැඩි ගෞරව හිමි කරගෙන සිටි කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ලකුණු 9ක ජයක් හිමි කර ගැනීමට සමත් විය. තරගයේ වාර්තා වූ එකම කහ කාඩ්පත ඩී. එස්. ක්‍රීඩක ඒ. එච්. මදුරංගට එරෙහිව එසවිය.

අවසන් ලකුණු තත්ත්වය: කොළඹ ඩී. එස්. සේනානායක 31 – 22 මහනුවර සුමංගල විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්:

  • කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය: කේ. එස්. උඩවත්ත (4C), එච්. ඩී. හේමසිරි (1P), එල්. බී. විජේසුන්දර (1T),  වයි. එන්. හේවාවිතාරණ (1T), ඒ. එච්. මදුරංග(1T), වී. අකලංක (1T),
  • මහනුවර සුමංගල විද්‍යාලය: යූ. එම්. වීරකෝන් (1T, 2C,1P),  ඒ. එම්. මන්ත්‍රීගම (2T), එච්. ඩී. හේමසිරි (1P)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<