ආගන්තුකයින් මෙල්ල කිරීමට ධර්මරාජවරු සමත් වෙයි

653

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන සතියේ තවත් එක් තරගයක් අද (08) පල්ලෙකැලේ රග්බි ක්‍රීඩා පිටියේ නිමාව දුටු අතර සත්කාරක ධර්මරාජ විදුහල සහ ප්‍රතිවාදී කොළඹ තර්ස්ටන් විදුහල අතර පැවති තරගයෙන් ලකුණු 20-18ක් වශයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල් කණ්ඩායම සමත් විය.

සාන්ත ජෝසප් ප්‍රහාර හමුවේ අන්තෝනිවරුන් පසුබසිති

2019 සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියේ පළමු කොටස නියෝජනය කරමින් තරග වදින ප්‍රබල…

තරගයේ ආරම්භයත් සමඟම පතිත වූ වර්ෂාවෙන් කණ්ඩායම් දෙකම මහත් පීඩාවට පත්වුවද, කණ්ඩායම් දෙකේම වැරදි මනා ලෙස කැපී පෙනෙන්නට විය. උඩ පන්දු රැකීමේ දී Knock On අවස්ථා කණ්ඩායම් දෙකෙන්ම මනා ලෙස සිදු වූ අතර තරගය තුල පන්දු හැසිරවීමේ වැරදි ද සුලබව දක්නට ලැබුණි.

බෙනඩික්ට් ක්‍රීඩකයින් අඩපණ කළ DSට තවත් අර්ධ ශතකයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ දෙවන සතියේ ආරම්භය සනිටුහන් කරමින් පැවති…

තරගයේ 7 වැනි විනාඩියේ ක්‍රියාත්මක වූ තර්ස්ටන් විදුහලේ කල්හාර පීරිස් අගනා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (තර්ස්ටන් 05-00 ධර්මරාජ)

එයින් පසුබට නොවූ ධර්මරාජ ක්‍රීඩකයින් එම මොහොතේ තරගයේ ආධිපත්‍ය සියතට ගනිමින් දුලංජය කුමාර ප්‍රතිවාදී තර්ස්ටන් ආරක්ෂක පවුර පසාරු කරමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය. (තර්ස්ටන් 05-05 ධර්මරාජ)

ඊට සුළු මොහොතකට පසු හිමි වූ දඬුවම් පහරින් මනා ප්‍රයෝජන ගත් කල්හාර පීරිස් එය සාර්ථක කරගනිමින් තම කණ්ඩායමට ලකුණු 3ක් එක් කර දීමට සමත් විය. (තර්ස්ටන් 08-05 ධර්මරාජ)

එයින් නොනැවතුනු තර්ස්ටන් ක්‍රීඩක R. දිසානායක විසින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරද්දී එහි ප්‍රවර්තනය කල්හාර විසින් සාර්ථක ක‍ර ගන්නා ලදි.  (තර්ස්ටන් 15-05 ධර්මරාජ)

පළමු අර්ධය: තර්ස්ටන් විදුහල 15 – 05 ධර්මරාජ විදුහල

දෙවන අර්ධය ආරම්භ වනවාත් සමඟම ක්‍රියාත්මක වූ ධර්මරාජ කණ්ඩායම තර්ස්ටන් තරග රටාව මනාව අවබෝධ කරගනිමින් එයට ඔබින ලෙස තම තරග රටාව සකසා ගැනීමට සමත් විය. එනමුත් ලැබුණු දඬුවම් පහරිකින් මනා ප්‍රයෝජන ගත් තර්ස්ටන් විදුහලේ කල්හාර තම කණ්ඩායමට ලකුණු 3ක් එක්කර දීමට සමත් විය. (තර්ස්ටන් 18-05 ධර්මරාජ)

පළමු සතියේ B කාණ්ඩයේ 50 ඉක්මවූ තරග 3ක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩය තරග ද A කාණ්ඩයේ තරග මෙන්ම ඉකුත්…

එතැන් පටන් තර්ස්ටන්වරුන්ගේ සියලු සිහින බොඳ කරමින් නැවත නැවතත් පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ ධර්මරාජ ක්‍රීඩකයින්ගේ ප්‍රවර්තනය සාර්ථක නොවුනද තරග ජය ගැනීමේ අධිෂ්ඨානය ඔවුන් අත් හැරියේ නැත. (තර්ස්ටන් 18 – 15 ධර්මරාජ)

අපරීක්ෂාකාරී ලෙස ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමට උත්සාහ කිරීම නිසා තර්ස්ටන් ක්‍රීඩක දුෂාන් ලක්ශිතට විනිසුරු කහ කාඩ් පතක් නිකුත් කළේය.

ඉන් මද වේලාවකට පසුව ක්‍රියාත්මක වූ ධර්මරාජයින් අලංකාර ලෙස තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් තම ජයග්‍රහණය සටහන් කරගැනීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (තර්ස්ටන් 18-20 ධර්මරාජ)

තරගය අවසන් කිරීමට සුළු මොහොතකට පෙර ධර්මරාජ විදුහලේ L. B. දිසානායකට විනිසුරු තදින් අවවාද කොට කහ කාඩ්පතක් නිකුත් කළේය

ඉන් සුළු මොහොතකට පසු තරගය කණ්ඩායම් දෙක අතරම දෝලනය වූ අතර අවසානයේ දී විනිසුරු තරගය නතර කරද්දී ධර්මරාජයන් තරගයේ ජයග්‍රහණය සනිටුහන් කරගෙන තිබුණි.

අවසන් ලකුණු තත්ත්වය: තර්ස්ටන් විදුහල 18 (2T, 1C, 2P) – 20 (4T) ධර්මරාජ විදුහල

ThePapare.com තරගයේ වීරයා – තරිදු කපුවත්ත (DC)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ:

ධර්මරාජ විදුහල

  • උත්සාහක දිනුම් – දුලංජය කුමාර 1, මනුක හියාරපිටිය 1, තරිදු කපුවත්ත 2.

තර්ස්ටන් විදුහල

  • උත්සාහක දිනුම් – කල්හාර පීරිස් -1, R. දිසානායක -1.
  • ප්‍රවර්තන – කල්හාර පීරිස් -1
  • දඬුවම් පහර – කල්හාර පීරිස් -2

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තරගවල සජීවී ආවරණ හා තතුවිත්ති දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<