නායකයාගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් ධර්මරාජයට දැවැන්ත ජයක්

1218

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (23) මහනුවර ධර්මරාජ විද්‍යාලය හා සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය අතර පැවති අතර තියුණු සටනකට පසු ලකුණු 36–00ක් ලෙස ජය හිමි කර ගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය සමත් විය.

මහානාම ඉදිරිපෙළ ධර්මරාජයින් මවිත කරයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තවත් එක්….

පසුගිය සතියේ මහානාම විද්‍යාලය හමුවේ පරාජය ලැබූ ධර්මරාජ ක්‍රීඩකයින් මම තරගයට පිවිසුණේ ලබන සතියේ විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව ඉතා වැදගත් තරගයට පෙර ලබා ගත හැකි අවසාන අමතර ප්‍රසාද ලකුණත් ලබා ගැනීමේ අරමුණින්.

කන්නංගර ක්‍රීඩකයින්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර ධර්මරාජ අර්ධයට පිවිසීමට නොහැකි වුනත් පළමු මිනිත්තු කිහිපය තුළ ප්‍රබල ආක්‍රමණයක නිරත වන්නට ඔවුන් සමත් විය. වේගවත් වූ කන්නංගර ක්‍රීඩකයින් මැඩලමින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ධර්මරාජ කණ්ඩායමට මිනිත්තු 10ක් වැය වීම විශේෂත්වයක්.

9 වන මිනිත්තුවේ දී ධර්මරාජ සිය ඉදිරිපෙළ යොදා ගනිමින් ධවල රේඛාව ඉක්මවා ගියත් විනිසුරු තීරණය කළේ පන්දුව නිසි ලෙස බිම ස්පර්ශ නොවූ බවයි. කෙසේ වෙතත් ලද දෙවන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් වී. ජේ. රණවිරසිංහ සිය ඉදිරිපෙළ සමඟම උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්. සෞම්‍ය විජේසිරි පහසුවෙන් අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (ධර්මරාජ 07-00 කන්නංගර)

රාජකීයයන් අපරාජිත වාර්තාව තවදුරටත් රඳවා ගනී

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතියේ තරග මේ….

ඊට මිනිත්තු තුනකට පසුව හිමි වූ දඬුවම් පහරක් දැඩි සුළඟ මධ්‍යයේ වුවත් සෞම්‍ය ලකුණු බවට පරිවර්තනය කළේ ධර්මරාජ ලකුණු තත්වය තවත් ඉහළ දමමින්. (ධර්මරාජ 10-00 කන්නංගර)

කන්නංගර ක්‍රීඩකයින් සිය වේගවත් ක්‍රීඩකයින් යොදා ගනිමින් ඉදිරියට යාමට උත්සාහක කළත්, ඔවුන්ගේ රිද්මය හා සංවිධානාත්මක බව එතරම් හොඳ මට්ටමක තිබුණේ නැත. ඉන් වාසි උකහා ගත් ධර්මරාජ ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ මගින් දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු අතර 20 වැනි මිනිත්තුවේ දී නායක මනුක හියාරපිටිය සිය පළමු උත්සාහක දිනුම රැස් කරන්නට සමත් විය. සෞම්‍ය හට අමතර ලකුණු එකතු කිරීමට හැකියාවක් ලැබුණේ නැත. (ධර්මරාජ 15-00 කන්නංගර)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පළමු අර්ධය අවසානයට මිනිත්තු කිහිපයක් තිබිය දී කන්නංගර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව ආසන්නයේ දී ම ධර්මරාජ කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන් අතර වහා ක්‍රියාත්මක වූ නායක මනුක හියාරපිටිය ප්‍රතිවාදීන් මැඩලමින් පන්දුව උත්සාහක දිනුම් සීමාවෙන් එපිටට රැගෙන ගියේ සිය වසර පහක අත්දැකීම් මැනවින් යොදා ගනිමින්. සෞම්‍ය පහසුවෙන් අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (ධර්මරාජ 22-00 කන්නංගර)

පළමු අර්ධය: ධර්මරාජ විද්‍යාලය 22 (3T, 2C, 1P) – 00 සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයත් සමඟ දැඩි සුළඟ හා වර්ෂාපතනය පිටිය ආක්‍රමණය කළ අතර ක්‍රීඩකයින් හා විනිසුරුවරුන් දැඩි සුළඟ නිසා දැඩි අපහසුතාවයකට ලක් විය.

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 12ක් ගතවත්ම කන්නංගර ක්‍රීඩක මදුශාන් කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් විය. එහි වාසිය මැනවින් උපයෝගී කර ගත් ධර්මරාජ ක්‍රීඩකයෝ නැවත වරක් ලකුණු රැස් කළේ නායක මනුකගේ සුරතින්. Line out අවස්ථා ලබා ගෙන ඉදිරියට ඇදුණු ඔවුන්ට කන්නංගර කණ්ඩායමේ එතරම් සංවිධානාත්මක නොවුණු Line out අවස්ථා එතරම් තර්ජනයක් වූයේ නැත. සෞම්‍ය විජේසිරි සුළඟට එරෙහිව අලංකාර ලෙස ලකුණු රැස් කරන්නට සමත් විය. (ධර්මරාජ 29-00 කන්නංගර)  

ඩී. එස්. – සුම්මා අතරින් බිඳ වැටෙන්නේ කාගේ අපරාජිත වාර්තාව ද?

2019 සිංගර් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩය මෙන්ම B කාණ්ඩයත් ඉතා උණුසුම්…

58 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුම් සීමාව ආසන්නයේ ලැබුණු ස්ක්‍රම් අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගත් ධර්මරාජ නොම්මර අට ක්‍රීඩක විසල් උඩන්ගමුව ප්‍රතිවාදීන් මැඩලමින් ලකුණු රැස් කළේ ලකුණු ධර්මරාජ ලකුණු පුවරුව තවත් ඉහළ දමමින්. විජේසිරි අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (ධර්මරාජ 36-00 කන්නංගර)

අනතුරුව ගත වූ මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ලකුණු රැස් කිරීමට උත්සහ කළත් විනිසුරු ගේ නලාව අවසාන වරට නාද වන තුරුම කිසිදු කණ්ඩායමකට ලකුණු රැස් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත.

අවසන් ලකුණු තත්වය: ධර්මරාජ විද්‍යාලය 36 (5T, 4C, 1P) – 00 සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

ධර්මරාජ විද්‍යාලය – මනුක හියාරපිටිය (3T), සෞම්‍ය විජේසිරි (4C), ජූඩ් රණවීරසිංහ (1T), විසල් උඩන්ගමුව (1T)  

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<