කන්නන්ගර ක්‍රීඩකයින් පළමු වරට පරාජය වේ

1049

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (11) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුණේ අගනුවර පාසල් දෙකක් වන මහානාම හා කන්නන්ගර විදුහල් අතරයි.

සහභාගී වූ ප්‍රථම තරග ජය ගනිමින් කණ්ඩායම් දෙකම අද තරගය සඳහා පිවිසුණු අතර  ලකුණු 33-15ක් ලෙස අද තරගයෙන් ජයග්‍රහණය කරන්නට සමත් වුනේ මහානාම විද්‍යාල කණ්ඩායමයි.

සංජුලගේ ගිනිකෙළිවලින් සහිරා ක්‍රීඩකයෝ දැවී අළු වෙති

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත්……

තරගය ආරම්භ වී මිනිත්තු 5ක් යන්නට මත්තෙන් මහානාම ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ දාබරේ විසිනි. ඔහු 5 වැනි මිනිත්තුවේ දී ලබාගත් උත්සාහක දිනුමත් සුලෝචනගේ සාර්ථක ප්‍රවර්තනයත් සමඟ ලකුණු 07-00ක් ලෙස පෙරමුණ ගන්නට මහානාමයට හැකි විය.(මහානාම 07-00 කන්නන්ගර)

කන්නන්ගර විදුහල් ක්‍රීඩකයන්ගේ දුර්වලතා වාසියට හරවා ගත් මහානාම ක්‍රීඩකයින් 10 වැනි සහ 15 වැනි මිනිත්තුවල දී උත්සාහක දිනුම් ලබා ගන්නට සමත් විය. පිළිවෙළින් මහානාම විද්‍යාල ක්‍රීඩකයින් වන විදානගමගේ හා කාවින්ද විසින් එම ගෝල ලබා ගත් අතර සුලෝචන ඉන් සාර්ථක කරගත්තේ එක් ප්‍රවර්තනයක් පමණි. (මහානාම19-00 කන්නන්ගර)

ඉන් අනතුරුව 27 වැනි මිනිත්තුවේ දී කන්නන්ගර විද්‍යාලයට මහත් අස්වැසිල්ලක් වෙමින් අගනා උත්සාහක දිනුමක් ලබා ගන්නට කන්නන්ගර ක්‍රීඩක ශස්‍රාන් සමත් වූ අතර එහි උත්සාහක දිනුම ද පහසුවෙන් සාර්ථක කරගන්නට රණසිංහ සමත් විය. (මහානාම 19-07 කන්නන්ගර)

වේගවත් ඉසිපතන පසුපෙළ ත්‍රිත්වයින් හඬවයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ තවත්…….

ප්‍රථම භාගය පුරාවට මහානාම ක්‍රීඩකයන් තුරඟ තරග පිටිය පුරාවට තම අණසක පතුරවන්නට සමත් වූ අතර 29 වැනි මිනිත්තුවේ දී කන්නන්ගර පසුපෙළ ආරක්ෂක වළල්ල අතරින් රිංගා යමින් අනර්ඝ ලෙස තවත් උත්සාහක දිනුමක් ලබා ගන්නට මහානාමයේ ලක්ෂිත සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගන්නට සුලෝචනට හැකි විය.

32 වන මිනිත්තුවේ දී කන්නන්ගර ක්‍රීඩකයින් වෙත ලැබුණු දඬුවම් පහරක් රණසිංහ විසින් සාර්ථක කර ගත්තේය.

පළමු අර්ධය: මහානාම විද්‍යාලය 26 – 10 කන්නන්ගර විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ පටන් තම ක්‍රීඩා විලාශය වෙනස් කරමින් මහානාම ක්‍රීඩකයින් සමඟ කරට කර තරගයක යෙදෙන්නට කන්නන්ගර ක්‍රීඩකයින් මහත් උත්සහයක යෙදුණි.

නමුත් කන්නන්ගර ක්‍රීඩකයන්ගේ අතපසුවීම් තුලින් වාසි ලබා ගත් මහානාම ක්‍රීඩකයින් නැවතත් ධවල රේඛාව වෙත පන්දුව ගෙන ගියේ දෙවන අර්ධයේ දී ද තමන්ගේ ලකුණු පුවරුව ඉහළ නංවමිනි. චවින් විසින් එම උත්සාහක දිනුම රැස්කළ අතර සුලෝචන එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (මහ‍ානාම 33-10 කන්නන්ගර)

සාන්ත පීතර ක්‍රීඩකයින් හමුවේ කිංග්ස්වුඩ් පසුබසී

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක්……

ඉන් අනතුරුව මහානාම ක්‍රීඩකයන් අපරීක්ෂාකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරන්නට වූ අතර එහි දී මහානාම ක්‍රීඩකයින් විසින් වැරදි ක්‍රියාවන් එක පිට එක කරන්නට විය.

එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 50 වැනි, 53 වැනි සහ 60 වැනි මිනිත්තුවල දී පිළිවෙළින් ලහිරු, විදානගමගේ හා රුවින් යන ක්‍රීඩකයින්ට විනිසුරුවරයා විසින් කහ කාඩ්පත් නිකුත් කළේය.

මහානාම විද්‍යාලයේ පසුපෙළ ආරක්ෂක වළල්ලෙන් පන්දුව ගිලිහී යාමෙන් සිදු වූ අතපසු වීම් උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කරගන්නට කන්නන්ගර ක්‍රීඩක මදුෂාන් සමත් වුනත් එහි ප්‍රවර්තනය රණසිංහ අතින් ගිලිහී ගියේය. (මහානාම 33-15 කන්නන්ගර)

තරගය පුරාවටම දෙපිළෙන්ම knock-on අවස්ථා රැසක්ම දැක ගන්නට තිබුණු අතර අවසාන ලකුණු සංඛ්‍යාව 33-15ක් ලෙස සටහන් කරමින් තරගය ජයග්‍රහණය කිරීමට මහ‍ානාම කණ්ඩායම සමත් විය.

අවසන් ලකුණු තත්වය: මහානාම විද්‍යාලය 33 – 15 කන්නන්ගර විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

මහානාම විද්‍යාලය: දාබරේ T1, විදානගමගේ T1, කාවින්ද T1, ලක්ෂිතT1, චවින් T1, සුලෝචන 4C

කන්නන්ගර විද්‍යාලය: ශස්‍රාන් T1, මධුෂාන් T1, රණසිංහ C1, P1

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<